Body

ඩයලොග් පාසල් රග්බි සංවර්ධන සත් සාමාජික තරගාවලිය 2022

ඩයලොග් පාසල් රග්බි සංවර්ධන සත් සාමාජික තරගාවලියේ දෙවැනි අදියර මාර්තු 12

මාර්තු 10, 2022         කොළඹදී

 

Dialog Schools Rugby Development 7s

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය සහ මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් සංවිධාන කරනු ලබන ඩයලොග් පාසල් රග්බි සංවර්ධන සත් සාමාජික - 14 න් පහළ තරඟාවලියේ පළමු අදියර සාර්ථක ලෙස අවසන් වෙමින් එහි දෙවන අදියර මාර්තු 12 වනදා ආරම්භ කිරීමට නියමිතය. මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේදී එදින පෙරවරු 8.30 සිට අදාළ තරඟ පැවැත්වෙනු ඇත.

මෙරට මෙවැනි 14න් පහළ රග්බි තරඟාවලියක් පැවැති පළමු අවස්ථාව මෙය වූ අතර, එම සමාරම්භක තරඟාවලියේදී රත්නපුර ගොඩකවෙල කුලරත්න මධ්‍ය විද්‍යාලය විසින් කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය පරාජය කරමින් සමස්ත ශූරතාව දිනාගැනීමට සමත් විය.

මෙම තරඟාවලිය සෞඛ්‍ය අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නියම කරනු ලබන සෞඛ්‍යාරක්ෂක මාර්ගෝපදේශයන්ට අනුකූලව ක්‍රීඩා කරනු ඇත. ක්‍රීඩකයින් ඔවුන්ගේ පාසල් විසින් අධීක්ෂණය කරනු ලබන ජෛව ආරක්ෂිත පරිසරයක සිටින අතර, නියමිත කාල පරාසයන් තුළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණද සිදු කෙරේ.

වයඹ පළාතෙන් 12 වැනිදා තරඟාවලිය සඳහා සහභාගිවීම තහවුරු කළ වයස අවුරුදු 14න් පහළ පාසල් කණ්ඩායම් අතරට ඇතුගල්පුර කුමාර ජාතික පාසල, අස්වැද්දුම විද්‍යාලය, ශ්‍රී සරණංකර සංඝරාජ මහා විද්‍යාලය, ආරක්ෂක සේවා පාසල, ශ්‍රී නිශ්ශංක ම.වි, බණ්ඩාරනායක විද්‍යාලය, බෝයගනේ ම.වි , සහිරා ආදර්ශ මහා විද්‍යාලය සහ වයඹ සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහා විද්‍යාලය වේ.

මධ්‍යම පළාතෙන් තහවුරු වී ඇති පාසල් අතර නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලය, රංගිරි දඹුලු ජාතික පාසල, හෙන්ඩ්ගානාව ම.වි, ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය, අල්-මදීනා ජාතික පාසල, කුරුදුවත්ත රාජකීය විද්‍යාලය, ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය සහ හේවාහැත්ත ම.ම.වි. ඇතුළත් වේ.

දඹරාව ම.වි, කැන්දගොල්ල ද්විතීයික පාසල, ගිරාදුරුකෝට්ටේ ම.ම.වි, බණ්ඩාරනායක ම.ම.වි, හද්දත්තව ජාතික පාසල, ආන්දඋල්පත ජාතික පාසල සහ කුට්ටියාගොල්ල ම.වි ඌව පළාත නියෝජනය කරමින් මෙයට එක්වනු ඇත.

මෙම 14 න් පහළ ඩයලොග් පාසල් රග්බි සංවර්ධන සත් සාමාජික රග්බි තරඟාවලියේ හි පළමු අදියර ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවලට ක්‍රීඩාව ගෙන ගිය අති සාර්ථක තරඟාවලියක් බව ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ලේකම් නිරෝධ විජේරාම මහතා පැවසීය. "මෙම තරඟාවලියේ දෙවන අදියර ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික නොවන රග්බි ක්‍රීඩා කරන පාසල්වල දක්ෂතා හඳුනාගෙන ඒවා වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් කරනු ලබන අතර, මෙය ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ නිල අනුග්‍රාහක ඩයලොග් ආසිආටා පීඑල්සී හි සහයෝගයෙ දිගුවකි."

ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලි,පාසල් ලීග් රග්බි, පිළිමළුන් පිටුදැකීමේ(knockout) රග්බි තරගාවලිය, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසැල් ක්‍රිකට් හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය,ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.