Body

ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් විසින් විනෝදාස්වාදය සහ Gaming සඳහා සුවිශේෂී ඩේටා ප්ලෑන් රැසක් හඳුන්වාදෙයි

March 20, 2022         Colombo

 

Dialog Home Broadband

නොනවතින විනෝදාස්වාදක් සමඟ,වේගවත් සහ විශ්වාසදායී අන්තර්ජාල පහසුකම් පාරිභෝගිකයාට සමීප කරන ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් විසින් විනෝදාස්වාදය සහ Gaming සඳහා සුවිශේෂී, වාසිදායක පසුගෙවුම් හා පෙරගෙවුම් ඩේටා ප්ලෑන් රැසක් හඳුන්වාදීමට කටයුතු කර ඇත.

ඒ අනුව පාරිභෝගිකයන්ට Netflix සහ ViU App සඳහා Unlimited ඩේටා සමඟින් Apple TV, Amazon Prime සහ Spotify වෙනුවෙන් 100GB Anytime ඩේටා හිමිවන සුවිශේෂී මාසික ප්ලෑන් එකක් රු. 1,299/- (+බදු) කට ලබාගත හැක. මීට අමතරව දින 7 ක කාලයක් සඳහා වලංගු ප්ලෑන් එකක් ද හඳුන්වාදී ඇති අතර එමගින් Netflix සහ ViU App සඳහා Unlimited ඩේටා සමඟින් Apple TV, Amazon Prime සහ Spotify වෙනුවෙන් 20GB Anytime ඩේටා රු. 499/- (+බදු) කට ලබාගත හැක. තවද, Music ඩේටා ප්ලෑන් එක හරහා පාරිභෝගිකයන්ට Spotify මගින් සංගීතය රසවිඳීම සඳහා 10GB Anytime ඩේටා හිමිවන අතර ඒ සඳහා වැය වන්නේ මාසයටම රු.179/- ක් සහ බදු පමණයි.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සම්පූර්ණ අයිතිය යටතේ පවතින සමාගමක් වන ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් පුද්ගලික සමාගම විසින් විනෝදාස්වාදය සඳහා හඳුන්වාදීමට කටයුතු කර තිබෙන නවතම ඩේටා ප්ලෑන් හැරුණු විට Gaming සඳහා උනන්දුවක් දක්වන පෙරගෙවුම් සහ පසුගෙවුම් පාරිභෝගිකයන් වෙනුවෙන් රු, 499/- සිට තෝරාගැනීමට Gaming ඩේටා ප්ලෑන් රැසක් හඳුන්වාදීමටත් කටයුතු කර ඇත. එපමණක් නොව වර්තමාන තත්වය යටතේ පාරිභෝගිකයන්ට ඔෆිස් සහ ඉගෙනුම් වැඩ සඳහා මෙන්ම YouTube සඳහා Work & Learn ඩේටා ප්ලෑන් රු,495/- ක් වැනි පහසු මිලක සිට පවතී.

ඉහත සඳහන් කළ ඩේටා ප්ලෑන් පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට https://www.dialog.lk/hbb-data-add-ons වෙත පිවිසීමෙන් දැනුවත් විය හැක.