Body

Dialog Club Vision සාමාජිකයන් සඳහා පැවැත්වූ 'OKAY With Kapila' සුවිශේෂී අන්තර්ජාල වැඩමුළුව සාර්ථකව අවසන් වෙයි

September 02, 2021         Colombo

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලෝයල්ටි වැඩසටහන වන Dialog Club Vision විසින් සිය Club Vision Red සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සඳහා OKAY With Kapila සුවිශේෂී online වැඩසටහන ඉකුත් අගෝස්තු 20 වන දින පවත්වන ලදී. Voices of Humans හි නිර්මාතෘ, ගෝලීය ක්‍රියාකාරිකයෙකු, ප්‍රසිද්ධ කථිකයෙකු මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු වන කපිල රස්නායක මහතා විසින් මෙම වැඩමුළුව මෙහෙයවන ලදී.

අන්තර්ජාලය ඔස්සේ පැවැත් වූ මෙම වැඩසටහනේදී කපිල රස්නායක මහතා විසින්, නිරතුරුවම ඵළදායීතාව පවත්වාගැනීම, රැකියාව හා සාමාන්‍ය ජීවිතයේ සමතුලිතතාව පවත්වාගැනීම හා දුෂ්කර කාලවලදී පවා සතුටින් ජීවත්වන ආකාරය පිළිබඳව සාකච්ජා කරන ලදී. Dialog Club Vision සාමාජිකයන්ගේ සිත් සතන් ඇඳ බැඳ තබාගත් මෙම වැඩසටහන පුරාම ඔවුන් කපිල මහතා සමගින් අදහස් හුවමාරු කරගත් අතර වැඩසටහන සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ඉතා අගනා ප්‍රතිචාර හිමිවිය.

Dialog Club Vision විසින් තම සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල් වල අයට නිරන්තරයෙන්ම සුවිශේෂී වරප්‍රසාද, දීමනා සහ අත්දැකීම් රැසක් ලබාදෙන අතර ඒ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට MyDialog App වෙත පිවිසෙන්න. තවද https://www.dialog.lk/loyalty වෙත පිවිසීමෙන් Dialog Club Vision ලෝයල්ටි වැඩසටහනට සම්බන්ධ වැඩි විස්තර දැන ගැනීමට හැක.