Body

ඩයලොග් ආසිආටා 71 වැනි ‘රන් මහ සටන’ බලගන්වයි

ජනවාරි 11, 2022         කොළඹදී

 

Dialog Axiata Powers the 71st Battle of the Golds

ඡායාරූපවේ වවේ සිට: ක ාරටුව ශා.කසබස්තතියන් විදුහකල් ණිෂ්ඨ අංශය භාර ගරු හර් න් එරංග පියතු ා,ක ාරටුව කසබස්තතියන් විදුහකල් ක්‍රීඩා භාර ගරු සකම්ෂ් ඇන්තනි පියතු ා, ක ාරටුව ශා.කසබස්තතියන් විදුහකල් නිකයෝජය විදුහල්පති ගරු ශාම් ෙසනාය පියතු ා, ක ාරටුව ශා.කසබස්තතියන් විදුහකල් විදුහල්පති ගරු සංජීව ක න්ිස්ත පියතු ා, ඩයකලාග් ආසිආටා පීඑල්ී ි සමූහ ප්‍රධාන ක කහයුම් නිලධාරී ලසන්ත කතවරප්කපරු , ක ාරටුව කේල්ස්ත කු ර විදුහකල් විදුහල්පති දිමුතු කෙරන්නාකගාඩ, ක ාරටුව කේල්ස්ත කු ර විදුහකල් ක්‍රි ට් තරග මිටුකේ සභාපති ප්‍රීති කු ාර ප්‍රනාන්දු හතා, ක ාරටුව කේල්ස්ත කු ර විදුහකල් ආදි ශිෂය සංග කේ කල් ම් ින්ෙ ජයීර හතා, ක ාරටුව කේල්ස්ත කු ර විදුහකල් ක්‍රි ට් තරග සංවිධාය මිටුකේ කල් ම් සිසිර චන්රපාල හතා.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ගැටුම් ඉතිහාසයේ වසර දෙකක නිහැඬියාවකින් පසු කරලියට පිවිසෙන, මොරටුව ශා. සෙබස්තියන් විදුහල හා මොරටුව වේල්ස් කුමර විදුහල අතර පැවැත්වෙන 71 වැනි ‘රන් මහ සටන’ බලගැන්වීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම නැවත වරක් ඉදිරිපත්වී තිබේ.

2021 ‘රන් මහ සටන’ ජනවාරි මස 14 හා 15 යන දෙදින 50%ක ප්‍රේක්ෂක ධාරිතාවකට යටත්ව මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර 36 වැනි වරට පැවැත්වෙන පන්දුවාර 50 ක්‍රිකට් තරගය ඊට පසුදින එම පිටියේදීම පැවැත්වේ.

කණ්ඩායම් පුහුණුකරුවන්, සහාය කාර්ය මණ්ඩලය, විනිසුරුවන් හා තරග නිලධාරීන් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවාවන්හි අධීක්ෂණය යටතේ කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව දින 7ක ජෛව ආරක්ෂක පරිසරයක් තුළ සිය කටයුතු මෙහෙයවනු ඇත.

මැදපෙළ පිතිකරු දිනුර ප්‍රනාන්දු විසින් වේල්ස් කුමර කණ්ඩායම මෙහෙයවීමට නියමිත අතර කඩුලු රකින ක්‍රීඩක සුඛිත ප්‍රසන්න විසින් සෙබස්තියන් කණ්ඩායම මෙහෙයවනු ලබයි.

1996 ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ සාමාජික රොමේෂ් කළුවිතාරණ හා ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දුලිප් මෙන්ඩිස් ඇතුළුව මෙම පාසල් ද්විත්වයෙන්ම ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නියෝජනයන් වන ඕෂධ ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, අවිෂ්ක ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම හා අමිල අපෝන්සු ශා. සෙබස්තියන් විදුහලෙන් බිහිවූ ක්‍රීඩකයින් වන අතර කුසල් මෙන්ඩිස්, ළහිරු තිරිමාන්න වේල්ස් කුමර විදුහලෙන් බිහිවූ ක්‍රීඩකයින් වේ.

තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් කටයුතු කරන ඩයලොග් ආසිආටා සමාගම දෙවිදුහල් අතර පැවැත්වෙන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය Thepapare.com, Dialog ViU App සහ Dialog ටෙලිවිෂන් නාලිකා අංක 140 ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇත.

මෙම තරග ඉතිහාසයේ ජයග්‍රහණ හයකට වේල්ස් කුමර විදුහල හිමිකම් කියද්දී සෙබස්තියන් විදුහලට ජයග්‍රහණ 3ක් හිමිව තිබෙන අතර 2011 වසරේදී සනිත ද මෙල් ගේ නායකත්වය යටතේ ජයග්‍රහණය කළ ශා. සෙබස්තියන් විදුහල වත්මන් ශූරයන් වේ. අවසන් වරට පැවැති දෙදින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර එක්දින තරගයේදී වේල්ස් කුමර කණ්ඩායමට ඩක්වර්ත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 5ක තියුණු ජයක් හිමිවිය.

සීමිත පන්දුවාර තරගාවලි ඉතිහාසයේ ජයග්‍රහණ 17ක් සමඟින් සෙබස්තියන් කණ්ඩායම පෙරමුණේ පසුවන අතර, වේල්ස් කුමර කණ්ඩායම ජයග්‍රහණ 15කට හිමිකම් කියයි. එක් තරගයක් ලකුණු සමවීමෙන් නිමාවට පත්වෙද්දී තරග දෙකක් අත්හැර දැමීමට සිදුව තිබේ.