Body

ඩයලොග් - ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ EWIS එක්ව ත්‍රිකුණාමලයේ නාලන්දා විද්‍යාලය ඩිජිටල් අධ්‍යාපනයෙන් සවිබලගන්වයි

2023 පෙබරවාරි 21         කොළඹදී

 

State of the Art Digital Educational Support from Dialog,
State of the Art Digital Educational Support from Dialog,

පසුගිය මස 20 වන දින ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම,ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ E - W Information Systems Ltd සමඟ එක්ව ත්‍රිකුණාමලයේ චීන වරායේ නාලන්දා විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය නවීකරණය කර, ඩිජිටල් අධ්‍යාපනික මෙවලම් සහ උපකරණ සමඟ වැඩිදියුණු කරන ලදී.ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ මෙම කර්තව්‍යය මෙහෙයවනු ලැබීය.

ඩයලොග් සමාගම විසින් තාක්‍ෂණය සමඟ නිර්මාණශීලීත්වය ගවේෂණය කිරීම සඳහා සම්පූර්ණ සංවේදක මොඩියුල සහිත (Magicbit Pro) මැජික්බිට් ඒකක ලබාදුනි. Magicbit යනු නවෝත්පාදන වේදිකාවක් වන අතර Internet of Things (loT), රොබෝ විද්‍යාව, ඉලෙක්ට්‍රොනික සහ ක්‍රමලේඛනය සඳහා සාදන ලද STEM මෙවලමකි. ඩයලොග් සමාගම විසින් නැණස රූපවාහිනී සේවා සම්බන්ධතාවයක් ලබාදුන් අතර, සම්පුර්ණයෙන්ම ගෙවන ලද ශිෂ්‍ය බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවයක්ද ලබාදීමට කටයුතු කරන ලදී.නැණස රූපවාහිනී සේවය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ක්‍රියාත්මක වන රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් වන අතර, සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් රූපවාහිනී නාලිකා අටක් හරහා 1 සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට උපකාරක පන්ති සේවාව සදහා නැණස රූපවාහිනී සේවය සමග සම්බන්ධ විය හැක.සෑම නාලිකාවකම විකාශන අන්තර්ගතය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සපයනු ලබන අතර, එය තරයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයට ලක්වේ.

චීන වරායේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සියලු වැඩ සඳහා පිරිස් හා ශ්‍රම දායකත්වය ලබා දුන් අතර, දින කිහිපයක් තුළ පාසලේ පැරණි පරිගණක අලුත්වැඩියා කෙරිණි. E - W Information Systems Ltd විසින් නවතම ඩෙස්ක්ටොප් පරිගණක ලබාදුන් අතර, ඉතිරි පරිගණක ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍ය දෘඪාංග ඩයලොග් ආයතනය සමග ලබාදීමට කටයුතු කරන ලදී.

වසර ගණනාවක අවශ්‍යතාවක් වූ මෙම පරිත්‍යාගය සම්බන්ධයෙන් සිසුන් සහ පාසල් පරිපාලනය මහත් සේ කෘතඥ වූහ.නාලන්දා පාසලේ විදුහල්පතිනි සෙනෙවිරත්න ඈපා මහත්මිය පැවසුවේ, “අපගේ සිසුන්ට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබාදීමට ඉදිරිපත් වූ ඩයලොග් ආයතනයට, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ EWIS ආයතනයට අපි අවංකවම ස්තුතිවන්ත වෙනවා.මාස ගණනාවක් තිස්සේ තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය නවීකරණය කරන ලෙස අප පාසල විවිධ ආයතනවලට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළද, කිසිඳු ආයතනයකින් ඊට සුබවාදී පිළිතුරක් නොලැබුණි.කිසිඳු ඉල්ලීමකින් තොරව පවා ආධාර ලබාදීම ගැන අපි බොහෝ පුදුමයට පත් වූ අතර, මෙම ආයතනවලට අපි නැවත වතාවක් ස්තූතිවන්ත වෙමු. දැන් අපගේ ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ වගකීම වන්නේ ඔවුන්ගේ අනාගතය හැඩගස්වා ගැනීම සඳහා මෙම වටිනා පරිත්‍යාගවලින් උපරිම ප්‍රයෝජන ගැනීමයි.”

ඩයලොග් ආයතනය විසින් තාක්‍ෂණය භාවිත කිරීම සඳහා ගුරු-ශිෂ්‍ය පුහුණුවක් ඇතුළත් කර ඇති අතර, අන්තර්ජාල සම්බන්ධතාවය සඳහා අඛණ්ඩව සේවා සහාය ලබාදෙන අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ EWIS සමඟ එක්ව දරුවන්ගේ අධ්‍යාපන ප්‍රගතිය දිගින් දිගටම අධීක්‍ෂණය කරනු ඇත.

ඩයලොග් එන්ටර්ප්‍රයිස් හි අනුග්‍රහයෙන් ත්‍රිකුණාමලයේ පැවැති දසවන ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලියට සමගාමීව මෙම සද්කාර්ය සිදු කෙරිණි.