Body

ඉහළම ජනතා ප්‍රසාදයෙන් වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සන්නාමය සහ වසරේ ජනප්‍රියතම සේවා සන්නාමය ලෙස ඩයලොග් කිරුළු පැළඳි වගයි

මාර්තු 23rd, 2022        කොළඹදී

 

Sri Lankans Vote Dialog as the Telecommunication Brand and Service Brand of the Year
Sri Lankans Vote Dialog as the Telecommunication Brand and Service Brand of the Year
Sri Lankans Vote Dialog as the Telecommunication Brand and Service Brand of the Year

2022 ස්ලිම් කන්ටාර් ජනතා සම්මාන උළෙලේදී අඛන්ඩව 11 වැනි වරට ‘වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සන්නාමය’ ලෙසත් අඛණ්ඩව තෙවැනි වරට වසරේ ජනප්‍රියතම සේවා සන්නාමය ලෙසත් ජනතා අභිෂේකයට පත්වන්නට ඩයලොග් ආයතනය සමත් විය. ශ්‍රී ලාංකීය ජන ජීවිතවල සුවිශේෂී බලපෑමක් ඇති කළ සන්නාම හඳුනාගනිමින් ඇගයෙන ස්ලිම් කන්ටාර් ජනතා සම්මාන උළෙල තුළින් ලාංකීය ජනතාවගේ හදවත හා බැඳුණු සන්නාම සඳහා සම්මාන පිරිනමනු ලබයි.

රට තුළ හා කලාපය තුළ ජංගම දුරකථන ක්ෂේත්‍රයේ සංවර්ධනයට මූලිකත්වය දෙමින් බහුවිධ නවෝත්පාදනයන් අතර ඉදිරියෙන්ම සිටින ඩයලොග් සමාගම ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සවිබලගැන්වීමේදී එහි කැපවීම ඇගයීමට ලක්කරමින් මෙලෙස වාර්තාගත 11 වැනි වරට ‘වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සම්මානයෙන්’ පිදුම් ලැබීය.

මෙහිදී සියලුම සේවා ක්ෂේත්‍ර අතරින් හොඳම සේවා සම්පාදකයාට ‘වසරේ ජනප්‍රියතම සේවා සන්නාමය’ පිරිනැමෙන අතර ශ්‍රී ලාංකීය ජනජීවිත හා ව්‍යවසායන් සවිබල ගැන්වීමේ හා පොහොසත් කිරීමේ අරමුණින් නවීනතම තාක්ෂණයෙන් බලගැන්වී අනාගතය අද ලබාදීමට ඩයලොග් සමාගම දරණ උත්සාහයන්ට මෙය සාක්ෂි සපයයි. ස්ලිම් කන්ටාර් ජනතා සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකීය ජනතා මනාපයෙන් හිමිවූ සම්මාන ද්විත්වය හා මීට පෙර Brand Finance ආයතනය විසින් පිරිනමන ලද ‘ශ්‍රී ලංකාවේ වටිනාම වෙළඳ නාමය’ තුළින් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ‘අනාගතය අදයි' යන තේමාව නිරන්තරයෙන් සක්‍රිය කිරීම වෙනුවෙන් වූ සන්නාමයේ ගුණාංගයන් මැනවින් පිළිබිඹු කරයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා “අඛණ්ඩව 11 වැනි වරට ‘වසරේ ජනප්‍රිතයම ටෙලිකොම් සන්නාමය’ ලෙසත් අඛණ්ඩව 3 වැනි වරට ‘වසරේ ජනප්‍රියතම සේවා සන්නාමය’ ලෙසත් ශ්‍රී ලාංකික ජනතාවගේ මනාපය අපට හිමිවීම පිළිබඳ අප කෘතඥ වනවා මෙන්ම නිහතමානීව ආඩම්බරයට පත්වනවා. ශ්‍රී ලාංකික ජීවිතවල සැබෑ ධනාත්මක වෙනසක් ඇති කිරීමට හේතුවූ සන්නාමයක් ලෙස ඇගයීමට ලක්වීම අපට විශාල ගෞරවයක් වන අතරම මෙම ගෞරවනීය පිළිගැනීම් අනාගතය අද ලබාදීමට අප දිරිගන්වන අපගේ ගණුදෙනුකරුවන්ට හා ප්‍රජාවන්ට පිරිනමනවා.” යනුවෙන් සඳහන් කළේය.

ස්ලිම් කන්ටාර් ජනතා සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ 16 වැනි වරට වන අතර මෙරට අලෙවිකරණය සඳහා වන ජාතික ආයතන වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් මෙම උළෙල සංවිධාන කරනු ලැබීය. විවිධ අංශ ඔස්සේ ජනතා මනාපයෙන් පිරිනැමෙන මෙම සම්මාන වෙනුවෙන් දීපව්‍යාප්ත මට්ටමින් සමීක්ෂණයක් සිදු කරනු ලබයි. වයස අවුරුදු 15ත් 60ත් අතර පිරිමි හා කාන්තා දෙපාර්ශ්වයම මෙම සමීක්ෂණය සඳහා සහභාගිකර ගැනෙන අතර, මාස 5ක කාලයක් පුරා සිදුකෙරෙන එම ක්‍රියාවලියේදී ව්‍යුහගත ප්‍රශ්නාවලියක් ඔවුන්ට ඉදිරිපත් කෙරේ. ශ්‍රී ලාංකීය ජනතාවගේ සිත් සතන්හි රැඳි ඔවුන්ගේ හද බැඳගත් සන්නාම හා පුද්ගල චරිත මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ.