Body

‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහන යටතේ කුඹුගොඩආරට නව සන්නිවේදන කුළුණක්

2023 මැයි 18         (කොළඹදී)

 

Sew Desatama Dialog

‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහන යටතේ රත්නපුර, කුඹුගොඩආර ප්‍රදේශයේ අලුතින් ඉදිකළ කුළුණ විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ ඩයලොග් සමාගමේ නියෝජිතයන්.

ශ්‍රී ලංකාවේ පුළුල්තම සන්නිවේදන ජාලය වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම රට පුරා පිහිටි අති දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල සම්බන්ධතාව පුළුල් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහනේ තවත් අදියරක් යටතේ පසුගියදා රත්නපුර දිස්ත්‍රික්කයේ කුඹුගොඩආර ප්‍රදේශයේ නව සන්නිවේදන කුළුණක් ඉදිකිරීමට කටයුතු කර ඇත.

රටපුරාම සිය සබඳතා ජාලය ඉහළ නැංවීම වෙනුවෙන් වූ සමාගමේ මෙහෙවරෙහි තවත් ඉදිරි පියවරක් ලෙස කුඹුගොඩආර ප්‍රදේශයේ ඉදිකළ සන්නිවේදන කුළුණ සමඟ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ග්‍රාමයේ ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ එළතලව, නාබිරිත්තන්කඩවර, බැමිණිගල්ල, දුනුමාව යන ගම්මානවලද නව සන්නිවේදන කුළුණු ඉදිකිරීමට කටයුතු කර තිබේ.

තවද මෙවැනි අභියෝගාත්මක කාලසීමාවන්වලදී සන්නිවේදන ආවරණය පුළුල් කරමින් පාරිභෝගිකයින්ට සහායවීමට අඛණ්ඩව ගන්නා උත්සාහයන් යටතේ ඩයලොග් සමාගම 2022 අවසන් වන විට රටපුරා ග්‍රාම නිලධාරී වසම් 180 කට අධික සංඛ්‍යාවක් ආවරණය කරමින්, 4G මොබයිල් කුළුණු 4,700 කට අධික සංඛ්‍යාවක් ඉදිකර ඇත.එය ශ්‍රී ලංකාවේ ඉදිකර තිබෙන වැඩිම සන්නිවේදන කුළුණු සංඛ්‍යාවද වේ.එමෙන්ම 95% කට වැඩි ජනගහණයකට 4G ආවරණ පහසුකම් සලසාදීමටද ඩයලොග් සමාගමට හැකිවී තිබේ. එමෙන්ම අති දුෂ්කර ගම් ප්‍රදේශවලට සන්නිවේදන පහසුකම් සැලසීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා ඩයලොග් සමාගම Green Field කුළුණු උපයෝගී කරගත් අතර, ජනාකීර්ණ ප්‍රදේශවල අවශ්‍යතාවයන් වෙනුවෙන් Lamp Pole විසඳුම හරහා සේවාවන් ලබාදී ඇත.

ඩයලොග් ජාලයේ ආවරණය ඉහළ නැංවීම, ජාල අධීක්ෂණය කිරීමෙහි නිරත අන්තර්ජාතික සමාගම්වල ප්‍රශංසාවට ලක්ව තිබෙන අතර Open Signal සමාගම විසින් ‘හොඳම 4G ආවරණය’ / වේගවත්ම Upload සහ ‘Download අත්දැකීම් වෙනුවෙන් ඩයලොග් ආයතනය සම්මානයට පාත්‍ර කර තිබේ.