Body

‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහන යටතේ දීගිතවටත් නව සන්නිවේදන කුළුණක්

2023 මාර්තු 11         කොළඹදී

 

Sew Desatama Dialog

‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහන යටතේ කුරුණෑගල දීගිතව ප්‍රදේශයේ අලුතින් ඉදිකළ නව සන්නිවේදන කුළුණ විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ ඩයලොග් සමාගමේ නියෝජිතයන්.

රටපුරාම සන්නිවේදන පහසුකම් තවදුරත් ව්‍යාප්ත කිරීමේ අරමුණෙහි තවත් අදියරක් ලෙස ශ්‍රී ලංකාවේ පුළුල්තම සන්නිවේදන ජාලය වන ඩයලොග් සමාගම රට පුරා පිහිටි අති දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල සම්බන්ධතාව පුළුල් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහනේ තවත් පියවරක් ලෙස පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ දීගිතව ප්‍රදේශයේ නව සන්නිවේදන කුළුණක් ඉදිකර තිබෙයි.

දීගිතව ප්‍රදේශයේ ඉදි කළ සන්නිවේදන කුළුණට අමතර ව තඹගල්ල, වාගොල්ල, තෙලහැර, බිහල්පොල, වඩුවාව, කැලෑමුල්ල සහ මාකඩුවාව යන කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ගම්වල ද නව සන්නිවේදන කුළුණු ඉදිකිරීම සිදුකරනු ලැබුවේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ට වඩා පුළුල් සබැඳියාවක් සඳහා ආවරණ පහසුකම් සලසාදීම වෙනුවෙනි.වව්නියාව දිස්ත්‍රික්කයේ ඇතාවැටුණු වැව සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ අරුක්කාර්කුඩා සහ පුළුගනවාමලෙයි ගම්වලද සන්නිවේදන කුළුණු ඉදිකිරීම සිදු කෙරිණි.

තවද මෙවැනි අභියෝගාත්මක කාලසීමාවන්වලදී සන්නිවේදන ආවරණය පුළුල් කරමින් පාරිභෝගිකයින්ට සහායවීමට අඛණ්ඩව ගන්නා උත්සාහයන් යටතේ ඩයලොග් සමාගම 2022 අවසන් වන විට රටපුරා ග්‍රාම නිලධාරී වසම් 180 කට අධික සංඛ්‍යාවක් ආවරණය කරමින්, 4G මොබයිල් කුළුණු 4,700 කට අධික සංඛ්‍යාවක් ඉදිකර ඇත.එය ශ්‍රී ලංකාවේ ඉදිකර තිබෙන වැඩිම සන්නිවේදන කුළුණු සංඛ්‍යාවද වේ. තවද 95% කට වැඩි ජනගහණයකට 4G ආවරණ පහසුකම් සලසාදීමටද ඩයලොග් සමාගමට හැකිවී තිබේ. එමෙන්ම අති දුෂ්කර ගම් ප්‍රදේශවලට සන්නිවේදන පහසුකම් සැලසීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා ඩයලොග් සමාගම Green Field කුළුණු උපයෝගී කරගත් අතර, ජනාකීර්ණ ප්‍රදේශවල අවශ්‍යතාවයන් වෙනුවෙන් Lamp Pole විසඳුම හරහා සේවාවන් ලබාදී ඇත.

ඩයලොග් ජාලයේ ආවරණය ඉහළ නැංවීම, ජාල අධීක්ෂණය කිරීමෙහි නිරත අන්තර්ජාතික සමාගම්වල ප්‍රශංසාවට ලක්ව තිබෙන අතර Open Signal සමාගම විසින් ‘හොඳම 4G ආවරණය’ / වේගවත්ම Upload සහ ‘Download අත්දැකීම් වෙනුවෙන් ඩයලොග් ආයතනය සම්මානයට පාත්‍ර කර තිබේ.