Body

1996 ලෝක කුසලානයේ නැවත විකාශයක් ඩයලොග් අනුග්රහයෙන් අද චැනල් අයි ඔස්සේ

March 18, 2021        Colombo

 

news-1

1996 ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නායක අරජුණ රණතුංග ජයග්රාහී ලෝක කුසලානය සමගින්

වර්ෂ 1996 ලෝක කුසලාන ජයග්රාහී මතකය යළි අවදි කරමින්, එම අවසන් මහා තරගයේ නැවත විකාශයක් සහ ලෝක කුසලාන ජයග්රාහී කණ්ඩායමේ සාමාජිකයන් සහභාගීවන සොඳුරු කථාබහක් මෙරට ප්රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා අනුග්රහයෙන් අද (18 වැනිදා) ‘චැනල් අයි’ ඔස්සේ, විකාශය කිරීමට යෙදී තිබේ.

ඒ අනුව අද පස්වරු 3.00 සිට 4.30 දක්වා යෙදී ඇති එම කථාබහේදී 96 ලෝක කුසලාන ජයග්රාහී අත්දැකීම් විඳගත් කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙක් විසින් ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා පිළිබඳ සිය මතකය අවදි කරනු ඇත. එම සාමාජිකයන් මෙසේ එකතුව ලෝක කුසලාන අත්දැකීම් විවරණය කරනු ඇත්තේ දශක දෙකකට පමණ පසුව වීම කැපී පෙනෙයි. එම කථාබහෙන් අනතුරුව, පස්වරු 4.30 සිට 96 ලෝක කුසලාන අවසන් මහා තරගයේ පන්දුවෙන් පන්දුව නැවත විකාශයක් සිදුවන අතර, අදින් වසර 25කට පෙර ‘කැප්ටන් කූල්’ හෙවත් අර්ජුණ රණතුංග විසින් එවක පකිස්තානු අගමැති පදවිය හෙබවූ බෙනාසීර් භූතෝ මහත්මිය අතින් ලාහෝරයේ ගඩාෆි ක්රීඩාංගණයේදී ලෝක කුසලානය හිමිකරගන්නා ඒ ඓතිහාසික මොහොත යළි දැකගැනීමේ අවස්ථාව මෙහිදී ඔබට උදාවනු ඇත.