Body

'Play for a Cause' සත්කාරක වැඩසටහන යටතේ 2023 දී උපකාර අවැසි පාසල් 4කට ක්‍රිකට් උපකරණ ලබාදීමට පියවර

2023 මාර්තු 27         කොළඹදී

 

e-Swabhimani Awards

ඩයලොග් ආසිආටා පීඑල්සී හි උප සමාගමක් වන ඩයලොග් එන්ටප්‍රයිස් හි සමූහ ප්‍රධාන නිලධාරී නවීන් පීරිස් මහතා විසින් 143 වෙනි නිල් මහා සටනේ අනුග්‍රාහක චෙක්පත ගල්කිස්ස ශා. තෝමස් විදුහලේ විද්‍යාලාධිපති ගරු. මාර්ක් බිලිමෝරියා පියතුමන් වෙත සහ කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ආර්.එම්.එම්. රත්නායක මහතා වෙත පිරිනැමූ අවස්ථාව. මෙම අවස්ථාවට ‘Play for a Cause’ සද්කාර්ය යටතේ ක්‍රීඩා උපකරණ ලබාගැනීමට සුදුසුකම් ලැබූ පාසල් හතරෙහි නියෝජිතයන් සහ රාජකීය - ශා. තෝමස් ඒකාබද්ධ තරග සංවිධාන කමිටුවේ විධායක සභික සාමාජිකයන්ද එක්ව සිටියහ.

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස ශා. තෝමස් විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන 'නිල් මහා සටන' ඇසුරෙන් සිදුකරන සත්කාරක ව්‍යාපෘතියක් වන 'Play for a Cause' වැඩසටහන යටතේ මෙවර උපකාර අවශ්‍ය පාසල් හතරක් හඳුනාගනිමින් එම පාසල් සඳහා ක්‍රිකට් උපකරණ පිරිනැමීමට කටයුතු කරන ලදී.

ගාල්ල මාදම්පාගම මැදි විදුහල, හම්බන්තොට ෂරියා විදුහල, පොළොන්නරුව සේවාමුක්ත විද්‍යාලය සහ මිහින්තලේ විද්‍යාලය යන පාසල් හතර රාජකීය විදුහලේ විදුහල්පති ආර්.එම්.එම් රත්නායක මහතාගේ සහ ගල්කිස්ස ශා. තෝමස් විදුහලේ විද්‍යාලාධිපති ගරු. මාර්ක් බිලිමෝරියා පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් යුත් රාජකීය- ශා.තෝමස් එකාබද්ධ ක්‍රිකට් සංවිධායක කමිටුව විසින් මෙවර ‘Play for a Cause’ ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභී පාසල් ලෙස තෝරාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම පිණිස සිදුකරන සද්කාර්යක් ලෙස මෙම ව්‍යාපෘතිය ඇරඹූ අතර, ඒ යටතේ නිල් මහා සටනේදී රැස් කරන සෑම ලකුණකටම රුපියල් 1,000ක් සහ බිඳ වැටෙන සෑම කඩුල්ලක් සඳහාම රුපියල් 10,000 බැගින් ඩයලොග් සමාගම විසින් එම අරමුදලට දායක වෙයි. ඒ අනුව ‘Play for a Cause’ වෙනුවෙන් ඒකරාශී වූ රුපියල් 8,442,800 අරමුදලින් 40කට අධික උපකාර අවශ්‍ය පාසල් වෙත ක්‍රිකට් උපකරණ පිරිනමා තිබේ.

'නිල් මහා සටන' මෙරට පාසල් ක්‍රිකට් තරගමාලාව තුළ ඉමහත් කීර්තියක් අත්කරගෙන තිබෙන සුප්‍රසිද්ධ තරගාවලියක් වන අතර, එය වසර 143 ක් පුරා දිවෙන පොහොසත් සහ වර්ණවත් ඉතිහාසයකට හිමිකම් කියයි.එසේම එය දෙවැනි දීර්ඝතම ඉතිහාසයක් සහිතව අඛණ්ඩව පැවති වාර්ෂික පාසල් ක්‍රිකට් තරගාවලියද වේ. එය දෙවැනි වන්නේ නිල් මහා සටන ඇරඹීමට වසරකට පෙර ඇරුඹුණු ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හී ශාන්ත පීතර විද්‍යාලය සහ ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් විද්‍යාලය අතර ක්‍රිකට් තරගාවලියට පමණි.

ඩයලොග් ආසිආටා ජාතික දැල්පන්දු, වොලිබෝල් සහ Esports කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ දැල් පන්දු තරගාවලි, පාසල් රග්බි, හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය,ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය,ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.