Body

‘මනුදම් මෙහෙවර’ රුපියල් මිලියන 125කට අධික වටිනාකමකින් යුත් හදිසි සහනාධාර පවුල් 50,000කට වැඩි පිරිසකට සාර්ථකව බෙදාදෙයි

මෙම දීප ව්‍යාප්ත හදිසි සහන මෙහෙයුම සඳහා එක්වන මෙන් සියලු ආයතනවලට ආරාධනා කරයි

ජූනි 16, 2022         කොළඹදී

 

Manudam Mehewara

රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්වය හමුවේ දැඩි ලෙස පීඩාවට පත් ප්‍රජාවන්ට උපකාර කිරීමේ අරමුණින් යුතුව දියත් කළ ‘මනුදම් මෙහෙවර’ හදිසි සහන සැපයීමේ වැඩසටහන, 2022 ජුනි මස 7 වෙනිදා වනවිට දිවයින පුරා සිටින අවශ්‍යතා සහිත පවුල් 50,000කට වැඩි පිරිසකට,රුපියල් මිලියන 125කට අධික වටිනාකමකින් යුත් හදිසි සහන ලබාදීමේ සිය දෙවන සන්ධිස්ථානය කරා ළඟාවීමට සමත් විය.

Dialog Axiata PLC, MAS Holdings, Hemas Holdings PLC, CBL සමූහය, Citi බැංකුව හා Sunshine Holdings PLC යන ආයතන සමඟ මෙම වැඩසටහනේ බෙදාහැරීමේ සහකරු වශයෙන් කටයුතු කරන සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය, විගණන සහකරු වශයෙන් කටයුතු කරන PwC Sri Lanka එක්ව දියත් කළ මෙම වැඩසටහන මඟින් දිවයින පුරා වෙසෙන සිය මූලික අවශ්‍යතාවන් හෝ සපුරාගැනීමට නොහැකිව දරිද්‍රතාවයෙන් පීඩාවට පත්ව සිටින ප්‍රජාව අතරින් පවුල් 200,000කට සහන සැලසීම අරමුණු කොටගෙන තිබේ.ස්වාධීන රුපවාහිනී සේවය,සියත, ස්වර්ණවාහිනී, TV දෙරණ හා වසන්තම් යන නාලිකාවන් මෙම මූලාරම්භයට මාධ්‍යය හවුල්කරුවන් ලෙස සිය දායකත්වය ලබාදෙයි.

මේ වන විට දිවයිනේ සමස්ත දිස්ත්‍රික්ක 25 පුරා හදිසි සහන බෙදා හැරෙමින් පවතින අතර, ඵලදායී ආර්ථික ප්‍රතිසාධන සැලැස්මක් තුළින් තිරසාර ප්‍රතිලාභ රට තුළ ස්ථාපිත කරන තෙක් ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන සිය සහන කටයුතු ක්‍රියාත්මක කරනු ඇත.දිවයින පුරා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින 200,000 කට අධික පවුල් සංඛ්‍යාවකට අවශ්‍ය කඩිනම් සහන සැලසීම වෙනුවෙන් අප ගන්නා සාමූහික ප්‍රයත්නය සමඟ එක්වන ලෙස සෙසු සියලු සමාගම් හා ආයතනවලට අපි ඇරයුම් කර සිටිමු.

‘මනුදම් මෙහෙවර’ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට https://www.dialog.lk/corporate වෙත පිවිසෙන්න.