Body

ශ්‍රී ලංකාවේ බ්‍රෝඩ්බෑන්ඩ් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සදහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට ඇ.ඩො.මි 150ක ණය මුදලක්

අගොස්තු 10, 2022         කොළඹදී

 

IFC Provides US$150 Million Funding Package

ඡායාරූපයේ වමේ සිට දකුණට: ඩයලොග් ආසිආටා පීඑල්සී හි, සමූහ නීතිමය හා නියාමන අංශයේ සමූහ ප්‍රධාන උපදේශක/ උප සභාපති ට්‍රිනේෂ් ප්‍රනාන්දු මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී වොං හොං සූ මහතා, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ කලාප නිලධාරී වික්ටර් අන්තෝනි පිල්ලෙයි මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සභාපති ඩේවිඩ් නායි පෙක් ලාවූ මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ආයතනික මූල්‍ය ප්‍රධානී අහමඩ් රීසා මහතා.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම (Dialog) ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) දායකත්වය සමගින් රටපුරා බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා ජාලය පුළුල් කරමින් වැඩි දියුණු කිරීමට සූදානමින් සිටීයි.

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) ඩොලර් මිලියන 150ක් දක්වා වූ ණය මුදල, ඩයලොග් සමාගමේ පවතින සන්නිවේදන කුළුණු වැඩිදියුණු කිරීමට හා නව 4G කුළුණු ස්ථාපිත කිරීම මගින් ජාල ධාරිතාව පුළුල් කිරීමට හා වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇත. ඩයලොග් සිය Fibre Optic ජාලය පුළුල් කිරීමට හා ජාල මෙහෙයුම්වල ධාරිතාව හා කාර්යක්ෂමතාව යන ද්විත්වයම ඉහළ නැංවීම සඳහා කටයුතු කිරීමට අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා ලෙස ඩයලොග් රට තුළ ජංගම හා ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් වෙළඳපොළ දෙකෙහිම 50% කට අධික නියෝජනයකට හිමිකම් කියන අතර ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් සහිත ප්‍රදේශවලට පුළුල් වශයෙන් ගුණාත්මක සම්බන්ධතා සලසාදීමට මේ හරහා සූදානම් වී සිටීයි.

මිලියන 32කට අධික ජංගම දුරකථන ග්‍රාහකයින් සිටින ශ්‍රී ලංකාව ජංගම දුරකථන සේවා භාවිතය තුළ 149%ක දැවැන්ත ප්‍රතිශතයක් අත්පත් කරගෙන තිබෙන අතර,දකුණු ආසියාවේ ජංගම දුරකථන සේවා භාවිත ප්‍රතිශතයේ දළ වශයෙන් 85% කි. පහසු මිලකට බ්‍රෝඩ්බෑන්ඩ් සේවා ලබාගැනීමට හැකි රටවල් ලැයිස්තුවේ මුල් 20 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වුවද අන්තර්ජාල බාගත වේගය අනුව 125 වැනි ස්ථානයට (රටවල් 141ක් අතුරින්) පත්ව තිබීමත් සමග ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ගුණාත්මකභාවය හා වේගය දුර්වල වී ඇත. වෙළඳපොළේ පවතින මෙම සැළකිය යුතු ගුණාත්මක වෙනසට හේතු වී ඇත්තේ ජංගම අන්තර්ජාල සේවා සඳහා වූ ඉහළ ඉල්ලුම හා 3G වැනි කාලයට අනුචිත තාක්ෂණික භාවිතයයි.

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ හෙක්ටර් ගෝමස් ඇන්ග් මහතා අදහස් දක්වමින් “ගුණාත්මක සහ විශ්වසනීය විදුලි සංදේශ යටිතල පහසුකම් රටක ආර්ථික වර්ධනයට ආකාර කිහිපයකින් බලපෑමක් ඇති කරයි. එය ප්‍රජාව සමීප කරන අතරතුර නව්‍ය සහ නවෝත්පාදන වර්ධන අවස්ථා, රැකියා උත්තේජනය කරන ඩිජිටල් ආර්ථිකය, වෙළද කටයුතු හා ව්‍යවසායකත්වය සඳහා අවස්ථාව සලසා දෙයි.” වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා “මෙම හවුල්කාරිත්වය සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආයෝජනය,රටේ පවතින වත්මන් අභියෝගාත්මක වාතාවරණය මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සංවර්ධනයට සහාය වීමට අප සතු කැපවීම පිළිබිඹු කරයි.”

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සභාපති ඩේවිඩ් නායි පෙක් ලාවූ මහතා “ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව, ආසිආටා සහ ඩයලොග් අතර අඛණ්ඩ සහයෝගීතාවය සතුටට කරුණක්. ඩයලොග් හා ශ්‍රී ලංකාව කෙරෙහි වසර ගණනාවක් පුරා තැබූ විශ්වාසය හා ශ්‍රී ලාංකීය ජන ජීවිත සහ ව්‍යවසායන් සවිබලගැන්වීමේ අපගේ මෙහෙවරට අනුකූලව රටේ සබඳතා යටිතල පහසුකම් දියුණු කිරීමේ අපගේ ගමනේදී දැනට මුහුණ දී සිටින විශාලතම අභියෝග මගහරවා ගැනීමට ඔවුන් ලබාදෙන නොමසුරු සහයෝගය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය සමාගමට අප කෘතඥ වනවා.මෙම අභියෝගාත්මක කාලයේ දියුණුව සඳහා මිනිසුන්ට හා ව්‍යාපාරයන්ට පිටිවහලක් වෙමින් අත්‍යවශ්‍ය සාධකයන් වන ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් සබඳතාවයන්ට අදාළ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ අරමුදල් ප්‍රදානය ඉතා වැදගත් වනු ඇත.”

ආසිආටා සමූහ Berhad හි ප්‍රමුඛතම කලාපීය ටෙලිකොම් සේවා සපයන්නෙකු වන ඩයලොග්, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ දිගුකාලීන සේවාදායකයෙකු වේ. 2004 සහ 2007 වසරවලට පෙර ණය සහ කොටස් ආයෝජනයන්ට අමතරව මෙරට ග්‍රාමීය හා යුදමය තත්ත්වය අවසන් වූ ප්‍රදේශවල සුළු පරිමාණ ව්‍යාපාරිකයින් 3000කට අධික පිරිසකට ප්‍රතිලාභ ලබාදෙමින් ඩයලොග් හි බෙදාහැරීමේ නියෝජිතයන්ගේ ව්‍යාපාරික කුසලතා ශක්තිමත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව උපකාර විය. ආසිආටා සමූහය ආසියානු කලාපය තුළ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ප්‍රධාන හවුල්කරුවෙකු වන අතර, බංග්ලාදේශයද ඇතුළුව එය ක්‍රියාත්මක වන වෙළෙඳපොළ තුළ ඩිජිටල් යටිතල පහසුකම් හා ඩිජිටල් ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කරයි.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා අදහස් දක්වමින් “ඩයලොග් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සමග ඇති සම්බන්ධය 2004 දක්වා දිව යන අතර ඩයලොග් සහ ශ්‍රී ලංකාව කෙරෙහි ඔවුන් තබා ඇති අඛණ්ඩ විශ්වාසය පිළිබඳව අප කෘතඥ වනවා. අද අපි රටක් ලෙස මෙන්ම ආයතනයක් ලෙස ඉතා තීරණාත්මක අවධියක සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව හා ආසිආටා හි සහාය තුළින් මෙරට සබඳතා යටිතල පහසුකම් සංවර්ධනයේ මීළඟ අදියර ආරම්භ කිරීමට මෙන්ම සියලුම ශ්‍රී ලාංකිකයින්ට සහ ව්‍යවසායන්ට අඛණ්ඩ සේවා සහ අන්තර්ජාතික මට්ටමේ තාක්ෂණයක් ලබාදීම වෙනුවෙන් අපගේ කැපවීම අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට අපට හැකිවේ.”

ගෝලීය දේශගුණික ක්‍රියාකාරී ඉලක්කවලට සහාය ලබාදෙමින් 2050 වසර වන විට කාබන්ඩයොක්සයිඩ් විමෝචනය ශූද්ධ ශූන්‍ය මට්ටමකින් පවත්වාගැනීමේ ඩයලොග් හි Green Connectivity ප්‍රයත්නයන්ට අනුකූලව සමාගම විසින් වැඩිදියුණු කළ පාරිසරික සහ සමාජ කළමනාකරණ පද්ධතියක් අනුගමනය කරන බව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් ඔවුන්ගේ ජංගම ජාල යෙදවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ කාර්ය සාධන ප්‍රමිතීන්ට අනුව සහතික කරනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියා සහ පැසිෆික් කලාපීය යටිතල පහසුකම් සඳහා කර්මාන්ත අධ්‍යක්ෂ ඉසබෙල් චැටර්ටන් මහත්මිය අදහස් දක්වමින් “සම්බන්ධතාවය ශක්තිමත් කිරීමේ සහ එහි වර්ධනය වේගවත් කිරීමේ අවශ්‍යතාවය වෙන කවරදාටත් වඩා දැන් ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වී තිබේ. මෙම නවතම ආයෝජනය සමඟින් IFC-Dialog Axiata සහයෝගීතාවය, රට පුරා සිටින පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා සම්බන්ධතාවයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරමින් හවුල්කාරිත්වයෙහි තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.” යනුවෙන් ප්‍රකාශ කළ අතර වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය “තාක්ෂණයේ බලය උපයෝගී කරගැනීම දිගින් දිගටම සිදුකිරීමෙන් නවෝත්පාදන කරා වන ගමන මෙහෙයවීමට හා වැඩි ශ්‍රී ලාංකිකයින් පිරිසකට කදිම අවස්ථා නිර්මාණය කිරීමට උපකාරී වේ.”

ඩිජිටල් යටිතල පහසුකම් අංශය සීඝ්‍රයෙන් වර්ධනය වන හා තාක්‍ෂණික වශයෙන් දියුණු වන අතර ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව නැගී එන වෙළඳපොළ හරහා ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන මූල්‍ය සම්පාදකයන් අතර පෙරමුණේ පසුවෙයි. පසුගිය දශකය පුරා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් ඩොලර් බිලියන 6.5කට අධික ඩිජිටල් යටිතල පහසුකම් හා සේවා සදහා දායකත්වය ලබාදී ඇති අතර පසුගිය වසර දෙකේදී පමණක් එය ඩොලර් බිලියන 2 ඉක්මවා තිබේ. ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ සක්‍රිය කිරීමට අමතරව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව එහි සමාගම් එකතුවට සිය කාර්ය සාධන ප්‍රමිතීන් සමඟ පාරිසරික සහ සමාජ භාවිතයන් පෙළගැස්වීමට උපකාර කරයි.