Body

මෙරට පෞද්ගලික අංශයේ සමාගම් සහ ආයතන කිහිපයක් එක්ව ක්‍රියාවට නංවන ‘මනුදම් මෙහෙවර’ හදිසි සහන සැපයීමේ වැඩසටහන සමඟ Huawei සමාගම අත්වැල් බැඳගනීයි

පීඩාවට පත්වූ පවුල් 200,000 කට අධික සංඛ්‍යාවකට හදිසි සහන සැලසීම අරමුණු කරයි

අගොස්තු 10, 2022         කොළඹදී

 

Huawei Joins Manudam Mehewara Emergency Relief Initiative

ඡායාරූපයේ වමේ සිට දකුණට: සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ සභාපති ආචාර්ය වින්‍යා ආරියරත්න,Huawei Technologies Lanka Co. පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලියැං යී, ඩයලොග් ආසිආටා පීල්සී හි සමූහ තාක්ෂණික නිලධාරී ප්‍රදීප් ද අල්මේදා සහ Huawei Technologies Lanka Co. පුද්ගලික සමාගමේ ජ්‍යේෂ්ඨ නිෂ්පාදන විසඳුම් කළමනාකාර කාවින්ද මංජුල.

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින පවුල් සහ ප්‍රජාවට කඩිනමින් සහන සැලසීම සැලසීම අරමුණු කරගනිමින් Dialog Axiata PLC, MAS Holdings, Hemas Holdings PLC, බෙදාහැරීමේ සහකරු වශයෙන් සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ විගණන සහකරු වශයෙන් PwC Sri Lanka යන ආයතන එක්ව ආරම්භ කරන ලද 'මනුදම් මෙහෙවර' මානුෂීය ක්‍රියාන්විතයට පසුව ක්‍රම ක්‍රමයෙන් CBL සමූහය, Citi බැංකුව, Sunshine Holdings PLC යන සමාගම්ද එක්වූ අතර Huawei Technologies Lanka Co සමාගමද පසුගියදා මෙම වැඩසටහන සමඟින් එක්විය.

මෙම ව්‍යාපෘතියෙන් සමාජීය යහපැවැත්ම අරමුණු කොටගත් හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගනිමින් ක්‍රියාත්මක කරන ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන මගින් දිවයින පුරා පීඩාවට පත්ව සිටින ප්‍රජාවන් අතුරින් පවුල් 200,000ක් ඉක්මවා හදිසි සහන සැලසීම අරමුණු කර ඇත.මේ වන විට දිස්ත්‍රික්ක 25 පුරාම හදිසි සහන බෙදා හැරෙමින් පවතින අතර, මේ දක්වා අවශ්‍යතා සහිත පවුල් 100,000කට වැඩි සංඛ්‍යාවකට ආධාර ලබාදී තිබේ.ඵලදායී ආර්ථික ප්‍රතිසාධන සැලැස්මක් තුළින් තිරසාර ප්‍රතිලාභ හුවමාරු ක්‍රමයක් රට තුළ ස්ථාපිත කිරීම දක්වා ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන සිය සහන කටයුතු අඛණ්ඩව රැගෙන යනු ඇත.

“දශක දෙකකට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ කටයුතු කරමින් සිටින සමාගමක් ලෙස Huawei, ශ්‍රී ලාංකිකයන් සෑම විටම අභියෝග ජයගැනීමේ හැකියාව ඇති ඓතිහාසික කීර්තියක් ඇති සුන්දර ජාතියක් බව දැඩිව විශ්වාස කරමු. ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ යන අපගේ කැපවීම ලෙස, අපි මේ අභියෝගාත්මක අවස්ථාවේ ශ්‍රී ලාංකික ජනතාව සමඟ එක්ව සිටිමු.එබැවින්, පවතින අභියෝගවලින් පීඩාවට පත් පවුල්වලට සහයෝගය ලබාදීම සඳහා අපගේ තිරසර හවුල්කරුවන් වන ඩයලොග් ආසිආටා සමඟ අත්වැල් බැඳ ගැනීමට අපි තීරණය කළෙමු. නැවතත් ශ්‍රී ලංකාව ඉක්මනින්ම ස්ථාවර සහ සමෘද්ධිමත් අනාගතයක් කරා පානගනු ඇතැයි අපි ස්ථිරවම බලාපොරොත්තු වෙමු.” යනුවෙන් Huawei Technologies Lanka Co. හි ප්‍රධාන විධායක නිලධාරී ලියෑං යී පැවසීය.

ඩයලොග් ආසිආටා පිඑල්සී හි සමූහ ප්‍රධාන තාක්ෂණ නිලධාරී ප්‍රදීප් ද අල්මේදා මහතා අදහස් දක්වමින් “වත්මන් ආර්ථික අර්බුදය හමුවේ දැඩි ලෙස පීඩාවට පත් පවුල්වලට සහායවීම වෙනුවෙන් මෙම දීපව්‍යාප්ත වැඩසටහනට එක්වීම පිළිබඳව මනුදම් මෙහෙවර මානුෂීය ක්‍රියාන්විතයේ සියලුම හවුල්කරුවන් වෙනුවෙන්, Huawei ආයතනයට මගේ හෘදයාංගම කෘතඥතාව පළ කරනවා.පවුල් 200,000ක් හෝ ඊට වැඩි පිරිසකට සහායවීම අපගේ අරමුණ වන අතර, මෙම ඉලක්කය කරා ළඟාවීමට, අප හා එක්වන මෙන් සමාජීය යහපැවැත්ම අරමුණු කොටගත් සෙසු ආයතනවලින් අපි ඉල්ලා සිටිනවා. සාමුහිකත්වය හරහා අපට වෙනසක් ඇති කළ හැකි බවත්, මිලියන 17කට අධික ශ්‍රී ලාංකිකයන්ගේ තේරීම බවට පත්වූ ඩිජිටල් සහකරු ලෙස, අපගේ ප්‍රජාවට ඔවුන්ගේ අත්‍යවශ්‍යම මොහොතේදී සහායවීම අපගේ වගකීම බවත් අපි සැමවිටම විශ්වාස කරනවා.”

දිවයින පුරා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින පවුල්වලට අවශ්‍ය කඩිනම් සහන සැලසීම වෙනුවෙන් ගන්නා සාමූහික ප්‍රයත්නය සමඟ එක්වන ලෙස ‘මනුදම් මෙහෙවර’ සෙසු සියලු පුරවැසියන්ට හා ආයතනවලට ඇරයුම් කරයි. ඕනෑම පුද්ගලයෙකුට https://dlg.lk/donate_s වෙබ් අඩවියට පිවිස සිය ක්‍රෙඩිට්/ ඩෙබිට් කාඩ්පත භාවිතයෙන් හෝ බැංකු හුවමාරුවකින්, Star Points හුවමාරුවකින්, eZ Cash, Genie, බැංකු තැන්පතු හෝ 077 642 1421 අංකයට සිදුකරන top – up කිරීම් හරහා මේ සඳහා දායක විය හැක.

‘මනුදම් මෙහෙවර’ පිළිබඳ වැඩි විස්තර සඳහා https://dlg.dialog.lk/manudam-mehewara වෙත පිවිසෙන්න. .