Body

Doc990 සහ MyDoctor සේවාවන් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය සමඟ එක්වෙයි

සත්ත්ව රෝගාබාධ සඳහා නිරතුරුවම විශිෂ්ට සේවාවක් ලබාදීමට කැපවෙයි

ජූලි 29, 2021         කොළඹ

 

news-1

ඡායාරූපයේ වමේ සිට දකුණට: ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ භාණ්ඩාගාරික - වෛද්‍ය නුවන් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ පත්කළ සභාපති - වෛද්‍ය සුසන්ත මල්ලවාරච්චි, ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ ලේකම් - වෛද්‍ය සුගත් ප්‍රේමචන්ද්‍ර, ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ සභාපති - වෛද්‍ය එරන්දිකා ගුණවර්ධන, ඩිජිටල් හෙල්ත් පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී - සෝමශ්‍රී සුබ්‍රමනියම්, ඩිජිටල් හෙල්ත් පුද්ගලික සමාගමේ ගිණුම් කළමනාකාරිනී - තමරා රාජවර්ධන, ඩිජිටල් හෙල්ත් පුද්ගලික සමාගමේ ව්‍යාපාර සංවර්ධන කළමනාකාරිනී - නවෝදා රත්නායක, ඩිජිටල් හෙල්ත් පුද්ගලික සමාගමේ ව්‍යාපාර සංවර්ධන සහකාර කළමනාකාර - චරිත් ප්‍රනාන්දු.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය සේවා සම්පාදකයින් වන Doc990 සහ MyDoctor සේවාවන් එක්ව පාරිභෝගිකයන්ට තමන් ඇති කරන සතුන්ගේ රෝගාබාධවලට online වෛද්‍ය සේවා ලබාගැනීමට පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය සමඟ අත්වැල් බැඳගෙන ඇත.

ශ්‍රී ලංකා පශු චෛද්‍ය සංගමය මෙරට පශු වෛද්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් එහි අරමුණු සහ කාර්යභාරය නියෝජනය කරන ජාතික ආයතනය වශයෙන් කටයුතු කරයි. ශ්‍රී ලංකා පශු චෛද්‍ය සංගමය සත්ත්වයින්ට නිරතුරුවම විශිෂ්තත්වයෙන් යුත් වෛද්‍ය ප්‍රතිකාර සේවාවක් ලබාදීමට කැපවී සිටින ආයතනයක් වන අතර, ඉහළම සත්කාරක සේවාවක් ලබාදී, සිය වෘත්තිය හරහා සතුන්ගේ යහපැවැත්ම වෙනුවෙන් තමන් ඉටුකරන කාර්යභාරය පිළිබඳව මහජනයා දැනුවත් කරයි.

Doc990 සහ MyDoctor සේවාවන් හි සහයෝගීත්වයෙන් ක්‍රියාත්මක වන පශු වෛද්‍ය සේවාව හරහා සුරතල් සතුන් ඇති කරන අයට, ගොවිපොළ සත්ත්ව හිමිකරුවන්ට මෙන්ම සතුන්ගේ සුබසාධනය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කටයුතු කරන අයට පශු වෛද්‍ය මධ්‍යස්ථානයක් හෝ රෝහලක් වෙත සිය සුරතලුන් රැගෙනයාමේ අවශ්‍යතාවය මතු නොවන අතර, වීඩියෝ වැනලින් පහසුකම් ඔස්සේ ඔවුන්ගේ කැමැත්ත අනුව ප්‍රමුඛතම විශේෂඥ පශු වෛද්‍යවරුන් හා සම්බන්ධවී සේවාවන් ලබාගත හැක. වත්මන් තත්වය තුළ පනවා තිබෙන සංචරණ සීමා හමුවේ මෙම ඩිජිටල් සේවාව සුරතල් සතුන්ගේ හිමිකරුවන්ට සහ ඔවුන්ව රැකබලා ගන්නා සියලුමදෙනාට මහත් අස්වැසිල්ලක් වනවා නොඅනුමානයි.

Google Play Store හෝ Apple Store ඔස්සේ Doc990 ජංගම යෙදුම (Mobile App) ඩවුන්ලෝඩ් කිරීමෙන් පාරිභෝගිකයන්ට තමන් කැමති පශු වෛද්‍යවරයෙකු හා වීඩියෝ සම්මන්ත්‍රණ පහසුකම හරහා සම්බන්ධවෙමින් සේවාවන් ලබාගන්නට පුළුවන්. දිනෙන් දිනම පුළුල් වන සිය රෝහල් සේවා හා සෞඛ්‍ය සේවා ජාලය හරහා රටේ සෑම පුරවැසියෙකුටම ඉතා පහසුවෙන් සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමේ අවස්ථාව සලසාදීම වෙනුවෙන් Doc990 සේවාව කැපවීමෙන් කටයුතු කරයි.