Body

ලංකාවේ හැමෝටම Amazon Prime Video සේවාව ඩයලොග් ටෙලිවිෂන් වෙතින්

ඩයලොග් ViU Hub 2.0 හරහා On-Demand Streaming පහසුකම්ද සමඟ

July 13, 2021         Colombo

 

news-1

නිරන්තරයෙන් සිය පාරිභෝගිකයන්ට ලොව පුරා දැනුම හා විනෝදාස්වාද සේවා සැපයීමේ කාර්ය තවදුරටත් ඉදිරියටම ගෙනයමින්, ශ්‍රී ලංකාවේ අංක එකේ ටෙලිවිෂන් රසාස්වාදකයා වන ඩයලොග් ටෙලිවිෂන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Amazon Prime Video සේවාව හඳුන්වාදීමට කටයුතු කරන ලදී. මෙම සේවාව Android Q තාක්ෂණයෙන් බලගැන්වූ නවතම ViU Hub 2.0 ඩිකෝඩරය සඳහා හඳුන්වාදී තිබේ.

භාවිතයට පහසු interface එකකින් සමන්විත Amazon Prime Video (APV) සේවාව හරහා ප්‍රේක්ෂකයන්ට නොනවතින රසවින්ඳනයක් ලබාදීම සඳහා සම්මානලාභී Amazon Originals, ජනප්‍රිය හොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට, කතා මාලා, ළමා වැඩසටහන් සහ තවත් බොහෝ දේ ඇතුළත් අන්තර්ගතයන් ගෙන එයි. සෑම කෙනෙකුටම රසවිඳිය හැකි වැඩසටහන් රැසක් Amazon Prime Video ඔස්සේ ගෙන එන අතර, Amazon Prime Video සේවාවට ලියාපදිංචිවී සිටින පාරිභෝගිකයන්ට නවතම VIU HUB 2.0 ඩිකෝඩරය හරහා තමන් කැමති වැඩසටහන් රූපවාහිනිය ඔස්සේද නිවසේ සිටම නැරඹීමේ පහසුව ලබාදි ඇත.

ඩයලොග් ටෙලිවිෂන් ව්‍යාපාර අංශ ප්‍රධානී චිරන්ත ද සොයිසා මහතා මෙම හඳුන්වාදීම පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය. “දැනුම, විනෝදය සමඟ උසස්ම රසවිඳනයක් සිය ප්‍රේක්ෂකයන්ට ලබාදීමට කටයුතු කරන ඩයලොග් ටෙලිවිෂන් අපගේ නවතම ViU Hub 2.0 ඩිකෝඩරය හරහා ‘Amazon Prime Video’ සේවාව මෙරටට ප්‍රථම වරට හඳුන්වාදීමට ලැබීම පිළිබඳව අතිශයින්ම සතුටට පත්වෙනවා. දිනෙන් දින වෙනස් වන අපගේ පාරිභෝගිකයන්ගේ රසවින්ඳන අවශ්‍යතාවයන්ට ගැලපෙන සේවා සැපයීමට ශ්‍රී ලංකාවේ අංක එකේ ටෙලිවිෂන් රසාස්වාදය ලෙස අප සැමවිටම කැපවෙන අතර, ‘Amazon Prime Video’ වැනි on-demand streaming පහසුකම් හරහා මෙම කාලසීමාවේදි අපගේ පාරිභෝගිකයන්ට නිවසේම රැඳෙමින් ඔවුන් කැමතිම ලොව ජනප්‍රියතම වැඩසටහන් කැමති වෙලාවට නැරඹීමේ අවස්ථාව හිමිව තිබෙනවා.”

Android TV තාක්ෂණයෙන් බලගැන්වූ ViU Hub සහ ViU Mini උපාංග සමඟින් පාරිභෝගිකයින්ට අති නවීන ස්මාර්ට් TV අත්දැකීමක් ලබාගැනීමේ හැකියාව ඇත. නවතම ViU Hub 2.0 ඩිකෝඩරයට APV App එක ස්ථාපනය (Preloaded) කර ඇති බැවින් පාරිභෝගිකයන්ට දැන් වඩා පහසුවෙන් APV සේවාව හා සම්බන්ධ විය හැක. ViU Mini උපාංගය හරහාද APV සේවාව අත්විඳීමේ හැකියාව ළඟදීම උදාවනු ඇත. ඩයලොග් ටෙලිවිෂන් Gold පැකේජ භාවිත කරන පාරිභෝගිකයන්ට සහ Club Vision සාමාජිකයින්ට නවතම ඩයලොග් ටෙලිවිෂන් ViU Hub 2.0 ඩිකෝඩරයට නොමිලේ upgrade විය හැකි අතර, අනෙක් පැකේජ භාවිතා කරන පාරිභෝගිකයන්ට රු. 2,990/- ක (බදු ඇතුළත්ව) විශේෂ හඳුන්වාදීමේ මිලකට ලබාගත හැක. නවතම ViU Hub 2.0 ඩිකෝඩරය සඳහා Upgrade වීමට, ViUHUB(හිස්තැනක්) DTV ගිණුම් අංකය ටයිප් කර ඩයලොග් ජංගම දුරකතනයකින් නම් 679 ට හෝ වෙනත් ජාලයකින් නම් 0770679679 ට SMS පණිවිඩයක් යොමු කළ හැක. APV සේවාව සඳහා ලියාපදිංචිවීමට, පාරිභෝගිකයන්ට ඔවුන්ගේ රූපවාහිනිය, පරිගණකය හෝ ජංගම දුරකතනයෙන් APV App එක open කර තිරයේ දැක්වෙන උපදෙස් අනුගමනය කර ලියාපදිංචි විය යුතුය. මෙම සේවාව ලබාගැනීමේදී ඩයලොග් ටෙලිවිෂන් මාසික ගාස්තුව සහ අදාළ Data ගාස්තුවලට අමතරව APV සේවාවට ලියාපදිංචිවීමේ ගාස්තුවද ඇතුළත්ය. පාරිභෝගිකයාගේ පහසුව සඳහා APV Subscription ගාස්තුව ඩයලොග් මොබයිල් බිල්පතට එක් කරගැනීමේ හැකියාවද සලසා ඇත.

වැඩි විස්තර සඳහා www.dialog.lk/tv වෙත පිවිසෙන්න.