Body

දස වසරක ඩයලොග් බැතිබර දායකත්වයත් සමග ගංගාරාම නවම් මහ පෙරහැර මෙවරත් වීථි සරයි

පෙබරවාරි 24, 2022         කොළඹදී

 

Dialog Supports the Gangarama Navam Perahera for the 10th Consecutive Year

ආධ්‍යාත්මයේ සහ සංස්කෘතියේ අපූර්ව සංකලනයක් වෙමින් අගනුවර මහා මංගල්‍යය බවට පත්වන කොළඹ 02 හුණුපිටිය ගංගාරාම විහාරස්ථ නවම් මහ පෙ‍රහැර 2022 පෙබරවාරි මස 15 සහ 16 දෙදින රාත්‍රී විථි සංචාරය කිරීමට යෙදුණි. බොදු ජනතාව පමණක් නොව විදේශිකයන් මෙන්ම කොළඹ නගරයේ සියලු ජනවර්ගවලට නොමද ආකර්ෂණය දිනාගත් වාර්ෂික ඉසව්වක් ලෙසින් ගංගාරාම නවම් මහ පෙරහැරට සුවිශේෂී වටිනාකමක් හිමිවේ.මේ අතර, මෙරට සංස්කෘතික සහ ආගමික හරපද්ධතීන්ගේ විකාශය වෙනුවෙන් අනුපමේය දායකත්වයක් ලබාදෙන ඩයලොග් ආසිආටා සමාගම මෙම ගංගාරාම නවම් මහ පෙරහැර වෙනුවෙන් අඛණ්ඩව දායකත්වය දක්වනු ලැබූ 10 වැනි වසර මෙවර සනිටුහන් වීමද විශේෂත්වයකි.

පෙබරවාරි 16 වැනිදාට යෙදුණු මහ පෙරහැර වෙනුවෙන් සධාතුක කරඬුව මංගල හස්ථිරාජයා මත වඩා හිඳුවීම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතින් සිදුවුණු අතර, පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ඇතුළු ප්‍රභූන් රැසක් මේ අවස්ථාවට එක්වුණි.

කොවිඩ්-19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් පැවති මෙම පෙරහැර සුපුරුදු පිරිදි නර්ථන සහ සංදර්ශන අංග රාශියකින් මෙවර පෙරහැර අලංකාර විය.මේ අතර කොළඹ නගරයේ ජනවාර්ගික විවිධත්වය ඇගයෙන සේ දෙමළ සහ මුස්ලිම් නර්ථන අංගද මෙයට එක්වීම කැපී පෙනෙයි.

වර්ෂ1979 දී ඇරුඹුණු මෙම පෙරහැර මෙවර පවත්වනු ලැබුවේ 43 වැනි වරට වන අතර පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අධීක්ෂණය යටතේ පෙරහැර සංවිධාන විය.

ඩයලොග්, කොළඹ කොටස් වෙළඳපලේ ප්‍රමුඛතම පොදු ලැයිස්තුගත සමාගමක් වන අතර, ශ්‍රී ලාංකේය උරුමය සහ සංස්කෘතිය රැකීමට උරදෙන ප්‍රධාන දායකයෙකු ලෙසින් මහනුවර ඇසළ පෙරහැර, කැළණිය දුරුතු මහා පෙරහැර, බෞද්ධාලෝක වෙසක් කලාපය, ගංගාරාම ශ්‍රී බුද්ධ රශ්මි වෙසක් කලාපය, කතරගම ඇසළ පෙරහැර, ගැටබරු ඇසළ පෙරහැර හා කෝට්ටේ රජ මහ විහාර පෙරහැර ඇතුළු සංස්කෘතික හා ආගමික උත්සව සඳහා දීර්ඝ කාලයක් මුළුල්ලේ සිය අනුග්‍රාහකත්වය සපයයි. මෙම කර්තව්‍ය ශ්‍රී ලාංකික සම්ප්‍රදායන් හා උරුමයන් සුරැකීමේ ආයතනික ආකල්පයන්ට අනුකූලව සිදුකෙරෙන අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රෞඩ සංස්කෘතික ඉතිහාසය නඟාසිටුවීමට දායකත්වය ලබාදෙමින් දිඹුලාගල ආරණ්‍ය සේණාසනයේ වාහල්කඩ ඉදිකිරීමේදී, අමරපුර මහා නිකායේ නිල වෙබ් අඩවිය දියත් කිරීම සහ විහාරස්ථානවල යාවත්කාලීන නාමාවලිය එළිදැක්වීමේදී හා අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ සන්නිපාත ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමේදීද මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ.