Body

ගොවි මිතුරු නිධානය තරගයේ ජයග්රාහකයන්ට ඩයලොග් වෙතින් වටිනා ත්යාග පිරිනැමේ

March 7th, 2021        Colombo

 

news-1

දීපව්‍යාප්ත 'ගොවි මිතුරු නිධානය’ තරගයේ පළමු අදියරේ ජයග්‍රාහකයන්ට ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් ත්‍යාග පිරිනැමූ අවස්ථාව

ශ්රී ලංකාවේ ප්රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, සිය විප්ලවීය කෘෂි උපදේශන සේවාව වන ගොවි මිතුරු සේවාවේ සුවිශේෂී අදියරක් යටතේ, ගොවි මිතුරු සේවාවේ ග්රාහකයන් වෙනුවෙන් පැවැත්වූ 'ගොවි මිතුරු නිධානය’ තරගයේ ජයග්රාහකයන්ට වටිනා ත්යාග පිරිනැමීමට කටයුතු කරන ලදී.

වසරක් පුරා ක්රියාත්මක වන 'ගොවි මිතුරු නිධානය’ තරගය මගින් කෘෂිකාර්මික ක්ෂේත්රයේ නිරත නාගරික හා ග්රාමීය ගොවි ජනතාවට එම ක්ෂේත්රයේ නියැලීමට අවස්ථාව සලසා, වටිනා ත්යාග ලබාදීමට කටයුතු කරන අතර ඔවුන්ගේ ආර්ථිකය සහ ජීවන උපාය උසස් මට්ටමකට ගෙන ඒම මෙහි අරමුණයි. තරගයේ පළමු අදියරේදී ජයග්රාහකයන් 35 දෙනෙකුට වටිනා රන් කාසි පිරිනමා රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පවත්වන පුහුණු වැඩසටහනකට සහභාගිවීමට අවස්ථාව හිමිවිය.තවත් වාසනාවන්තයින් 24 දෙනෙකුට මහන යන්ත්ර ප්රදානය කෙරිණ. මෙහි දෙවන අදියර යටතේ තරගයට සහභාගිවන්නන් සඳහා ලක්ෂ 30 ක වටිනාකමකින් යුත් ත්යාග පිරිනැමීමට කටයුතු කරන අතර, එම ත්යාග අතරට සුපිරි Honda Dio බයිසිකලයක් සහ ජයග්රාහකයින් 35 දෙනෙකුට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පවත්වන පුහුණු වැඩසටහනකට ඇතුළත්වීමේ අවස්ථාව හිමිවෙයි. තවත් ජයග්රාහකයන් 60 දෙනෙකුට ජංගම දුරකතන පිරිනමනු ලබයි. පළමු සහ දෙවන අදියරවලදී කුසපත් ඇදීමෙන් තෝරාගන්නා ජයග්රාහකයින් 10,000 කට රු. 500 බැගින් සැනසිලි ත්යාග වශයෙන් ලබාදෙනු ඇත.

ශ්රී ලංකාවේ ප්රමුඛතම ජංගම කෘෂි උපදේශන සේවාව වන ගොවි මිතුරු සේවාව සඳහා පරිශීලකයන් 600,000 කට වැඩි පිරිසක් ලියාපදිංචි වී සිටින අතර, දිවයින පුරා වෙසෙන ගොවි මහත්ම මහත්මීන්ගේ භෝග ආරක්ෂාව සහ ආදායම ඉහළ නැංවීම සඳහා මෙම සේවාව උපකාරී වී තිබේ. රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම සමඟ හඳුන්වාදෙනු ලැබූ ගොවි මිතුරු ඇමතුම් සේවාව මගින් ගොවි මහත්ම මහත්මීන් ඇතුළු සේවාව භාවිත කරන සැමට ක්ෂේත්රයට අදාළ වෘත්තීය උපදෙස් තම ජංගම දුරකතනයට සෘජුවම ලබාගත හැක. මේ ඔස්සේ ගෙවතු වගාව ඇතුළුව භෝග වර්ග 25 කට අදාළ කෘෂි උපදෙස් ලබාදෙන අතර, සාමන්ය ජංගම දුරකථනයක් භාවිත කරන ඕනෑම අයෙක්ට මෙම සේවාව ලබා ගත හැක.

නවතම කාලීන තොරතුරු එකම තැනකින් ලබාගත හැකි ගොවි මිතුරු Mobile App එක ගොවි මිතුරු කෘෂි උපදේශන සේවාවේ වැඩි දියුණු කළ සේවාවක් වන අතර, මෙමගින් සේවාව ලබාගන්නා පුද්ගලයාගේ අවශ්යතාවයට ගැලපෙන පරිදි තොරතුරු ලබාදේ. ඇමතුම් සේවාව සඳහා එක් භෝගයකට පාරිභෝගිකයන්ගෙන් දෛනිකව රුපියලක (+බදු) ගාස්තුවක් අය කෙරෙන අතර, Mobile App එක ඔස්සේ සියලු බෝග හා තොරතුරු සඳහා ග්රාහකත්වය ලබාගැනීම වෙනුවෙන් ඩයලොග් මොබයිල් පාරිභෝගිකයන්ගෙන් දෛනිකව රුපියල් 2 ක් (+බදු) අය කෙරෙන අතර, කිසිඳු ඩේටා ගාස්තුවක් අය නොකෙරේ. Google Play Store ඔස්සේ ගොවි මිතුරු App එක සෘජුවම ස්මාර්ට් ජංගම දුරකථනයට ඩවුන්ලෝඩ් කරගත හැකි අතර, ඕනෑම ඩයලොග් ජංගම දුරකථනයකින් 616 අමතා ගොවි මිතුරු ඇමතුම් සේවාව හා සම්බන්ධ විය හැක.