Body

අධ්‍යාපනික ආයතනවලට විශේෂ පැකේජ හඳුන්වාදෙමින් ඩයලොග් Online ඉගෙනුම් ක්‍රියාවලිය බලගන්වයි

July 26, 2021         Colombo

 

news-1

පවතින වත්මන් තත්වය හමුවේ මෙරට අධ්‍යාපන පද්ධතියට සිදුවන බලපෑම හැකිතාක් අවම කිරීමේ අරමුණෙන් යුතුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට අයත් ආයතනික විසඳුම් සපයන අංශය වන ඩයලොග් එන්ටප්‍රයිස් (Dialog Enterprise) රටේ සියලුම සිසුන්ට හා ගුරුභවතුන්ට බාධාවකින් තොරව සිය ඉගෙනුම් ක්‍රියාවලියේ නිරතවීම සඳහා “Dialog Teachers Package” නමින් විශේෂ පැකේජයක් හඳුන්වාදීමට කටයුතු කර ඇත.

කොවිඩ් - 19 තෙවන රැල්ල සමඟ දිවයිනේ සියලුම පාසල් සහ අධ්‍යාපනික ආයතන වසාදැමීමට පියවර ගෙන ඇති තත්වයක් තුළ Zoom සහ Microsoft Teams වැනි online මාධ්‍ය වැඩි වශයෙන් භාවිතයට ගන්නා පසුබිමක, දරුවන්ට බාධාවකින් තොරව ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවල නිරතවීමට හැකියාව සැලසෙන බවට තහවුරු කිරීමට ඩයලොග් ආයතනය කටයුතු කරයි. ඉහත සඳහන් කළ online ක්‍රම දෙක ඉගෙනුම් සඳහා භාවිත කරන ඕනෑම අධ්‍යාපනික ආයතන සඳහා රු. 900(+ බදු) ක වටිනාකමකින් යුත් “Dialog Teachers පැකේජය” රු. 600 (+ බදු) විශේෂ මිලකට ලබාදෙන අතර, එය 30% ක ඉතිරියකි. මීට අමතරව එම අධ්‍යාපනික ආයතන විසින් ඩයලොග් හි රු.540/- Work & Learn Lite පැකේජය add-on කරගන්නේ නම් ගුරුවරුන්ට සහ අධ්‍යයන කාර්යමණ්ඩල සාමාජිකයන්ට ඉහත සඳහන් මාධ්‍ය හතරින් online ඉගැන්වීම් කටයුතු සඳහා Unlimited Data හිමිවේ. තවද පාසල් සිසුන්ට බාධාවකින් තොරව සිය අධ්‍යාපන කටයුතු කරගෙනයාම සඳහා ඔවුන් වෙනුවෙන් හඳුන්වාදුන් රු. 900 (+ බදු) Dialog Home Broadband Starter පැකේජයට, රු.220ක් වටිනා Dialog Work & Learn Lite පැකේජය add කරගැනීමේ පහසුවද සලසා දී තිබේ. මේ අනුව සිසුන්ට ඔවුන්ගේ online අධ්‍යාපන අවශ්‍යතාවයන් වෙනුවෙන් 50GB දක්වා data add-on සිදුකළ හැක. (Starter පැකේජය – 20GB + Work & Learn Lite 220 පැකේජය – 30GB)

කොවිඩ් - 19 ගෝලීය වසංගතය දේශීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමින්ද අධ්‍යාපන පද්ධතියට දැඩි බලපෑමක් ඇතිකර තිබේ. කෙසේවෙතත් මේ ඔස්සේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදයක් සමඟ නව ඩිජිටල් යුගයකට පියනැගීම සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව විවර වී ඇත. ගුරුවරුන් සහ සිසුන්ට අඛණ්ඩව ඉගෙනුම් ක්‍රියාවලිය තුළ නියැලීමට ඔවුන්ව සවිබලගන්වන අතරේ, ඩයලොග් පැකේජවලින් ලබාදෙන ඩේටා කෝටාව මුළුමනින්ම අධ්‍යාපන කටයුතුවලට පමණක් භාවිතයට ගැනෙන පරිදි සිය බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා වලට website filtering පහසුකම අධ්‍යාපනික ආයතනයට නොමිලේ ලබාදීමට ඩයලොග් ආයතනය කටයුතු යොදා තිබේ.ශ්‍රී ලාංකීය ජන ජීවිත සහ ව්‍යාපාර සවිබලගන්වමින් ශක්තිමත් කරන සිය දැක්මට අනුව කටයුතු කරන ඩයලොග් හඳුන්වාදෙනු ලැබූ “Teachers Package” හරහා, ගුරුවරු හා සිසුන් සිය අධ්‍යයන කටයුතු අඛණ්ඩව සිදුකිරීම වෙනුවෙන් online මාධ්‍ය භාවිත කරන බැවින් අධ්‍යාපනික ආයතනවලට කැපී පෙනෙන අයුරින් ඔවුන්ගේ සමස්ත ඩේටා පිරිවැය අඩුකරගැනීමට හැකිවේ.

ඉහත සඳහන් කළ පැකේජ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට කරුණාකර https://dlg.lk/3dmVJDg වෙත පිවිසෙන්න.