Body

ඩයලොග්, OnMobile ආයතනය සමඟ එක්ව ONMO නමින් මොබයිල් Cloud ගේමිං මාධ්‍යය හඳුන්වාදෙයි

June 30th, 2022         Colombo

 

Dialog Partners OnMobile to Launch Mobile Cloud Gaming Platform ONMO

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම මොබයිල් විනෝදාස්වාද සේවාවන් සඳහා සුපතල මුල් පෙළේ ජාත්‍යන්තර ආයතනයක් වන OnMobile සමඟ එක්ව ඩයලොග් පාරිභෝගිකයන්ට ONMO (www.onmo.dgl.lk) නමින් අද්විතීය ගේමිං අත්දැකීමක් හඳුන්වාදීමට කටයුතු කර තිබේ.

Cloud streaming, Social Esports සහ Artificial Intelligence (AI) තාක්ෂණයේ සුසංයෝගයෙන් සැදුම් ලත් ONMO මොබයිල් ගේමිං මාධ්‍යය ඔස්සේ ඩයලොග් පාරිභෝගිකයන්ට Action, Arcade, Racing, Adventure, Puzzles යනාදී කාණ්ඩ ඇතුළුව සෑම සතියකම මෙම මාධ්‍යයට එක් කරන නවතම ගේම්ස් තරග කිරීමට අවස්ථාව හිමිවේ. ONMO ගේමිං හරහා වෙනස්ම ආකාරයක ගේමිං අත්දැකීමක් ලබාගැනීම වෙනුවෙන් මසකට රු. 399/- ක් සහ අදාළ බදු අය වේ. AI තාක්ෂණයෙන් නිර්මාණය වී ඇති අභියෝගාත්මක තරග රටාවන්ගෙන් යුත් ONMO ගේමිං හරහා සෑම කෙනෙකුටම සමාජ මාධ්‍යයක් ඔස්සේ Esports අත්දැකීමක් හිමිවේ. මෙහි තරග කලින් ඩවුන්ලෝඩ් කිරීම අවශ්‍ය නොවන අතර, පහසුවෙන් ක්‍රීඩා කළ හැක.සමාජයේ ඕනෑම කෙනෙකුට ක්‍රීඩා කළ හැකි මෙහි පවතින ක්‍රීඩා, කෙටි කාලයක් ඇතුළත තරග කර අවසන් කළ හැකි, මැනවින් නිර්මාණය වූ ගේමිං අවස්ථාවන්ගෙන් සැකසී තිබෙන අතර, Virtual ප්‍රතිලාභ ඇතුළු තවත් බොහෝ විශේෂාංගවලින් සමන්විතයි.

මෙම නවතම මොබයිල් ගේමිං අත්දැකීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන නවෝත්පාදන හා සැලසුම් නිලධාරී ඇන්තනි රොද්‍රිගු මහතා “මෙම නවතම හඳුන්වාදීමට අප සමඟ අත්වැල් බැඳගත් OnMobile ආයතනයත් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට වාණිජමය Cloud ගේමිං මාධ්‍යයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් අප ඉතාමත් සතුටට පත්වෙනවා.මෙම Cloud ගේමිං, Smartphone ඔස්සේ කිසිඳු බාධාවකින් තොරව ඩයලොග් 4G මොබයිල් සහ හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය ඔස්සේ පහසුවෙන් ක්‍රීඩා කළ හැකි පරිදි සකසා තිබෙනවා.5G තාක්ෂණය හරහා නුදුරු අනාගතයේදී සියලුම ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී Cloud ගේමිං අත්දැකීමක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.”

ONMO ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂ් ශේෂාද්‍රි මෙසේ අදහස් දක්වන ලදී, “ONMO - දකුණු ආසියානු කලාපය තුළ Cloud ගේමිං සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇතැයි අපි විශ්වාස කරනවා.ශ්‍රී ලංකාව තුළ ප්‍රථම Cloud ගේමිං මාධ්‍යය හඳුන්වාදීම වෙනුවෙන් ඩයලොග් ආයතනය සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව අපි බෙහෙවින්ම සතුටු වෙනවා.සමාජයේ ඕනෑම කෙනෙකුට ක්‍රීඩා කළ හැකි, ඉතා කෙටි, මැනවින් නිර්මාණය වූ ගේමිං අවස්ථා සහ Virtual ප්‍රතිලාභ යන ක්‍රීඩා විශේෂාංග හරහා ONMO - ඩයලොග් පාරිභෝගිකයන්ට අතිශයින් විනෝදාත්මකබවින් යුත් පරිපූර්ණ ගේමිං අත්දැකීමක් ගෙන දෙනු ඇත.”