Body

ඩයලොග් 5G තාක්ෂණයෙන් බලගැන්වුණු vivo V21 ජංගම දුරකතනය හඳුන්වාදෙයි

ජූලි 09, 2021         කොළඹ

 

news-1

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගම, නිරන්තරයෙන් වෙනස් වන සිය කාර්යබහුල පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි 5G තාක්ෂණයෙන් බලගැන්වුණු දෘෂ්‍යමය සෙල්ෆි කැමරාවකින් සමන්විත, පළමු ස්මාට් ජංගම දුරකථනය වන නවතම ‘vivo V21’ හඳුන්වාදීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා සහ vivo සමාගමේ හවුල්කාරීත්වයෙන් හඳුන්වාදෙනු ලැබූ 5G vivo V21 ස්මාට් ජංගම දුරකථනය හරහා ඩයලොග් විසින් බලගන්වන දකුණු ආසියාවේ ප්‍රථම 5G පර්යේෂණ සම්ප්‍රේෂණ ජාලය අත්විඳීමේ අවස්ථාවද මෙහිදී පාරිභෝගිකයන්ට හිමිවේ. වෙළඳපොලේ ඇති වඩාත් සිහින්ම 5G දුරකථනය වන මෙම vivo V21 ස්මාර්ට් ජංගම දුරකථනය, මිලිමීටර 7.29ක ඝනකමින් යුතුවන අතර, සිහින් ජංගම දුරකථනයක් භාවිත කිරීමට කැමති ඕනෑම පාරිභෝගිකයෙකුගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන සියලු පහසුකම්වලින් සමන්විත වේ. vivo V21 ස්මාට් ජංගම දුරකථනය සතු ප්‍රධානතම විශේෂාංග අතරට RAM sharing පහසුකම, අඟල් 6.44 Display එක හා 4000mAh බැටරි ධාරිතාව සමග ලොව පළමු 44MP OIS (දෘෂ්‍ය රූප ස්ථායිකරණ) සෙල්ෆි කැමරාව අයත් වේ.

දිවයින පුරා පිහිටි තෝරාගත් Dialog පාරිභෝගික සේවා මධ්‍යස්ථානවලින් හෝ https://www.dialog.lk/vivo-v21 වෙත පිවිසීමෙන් පාරිභෝගියන්ට නවතම vivo V21 ස්මාර්ට් ජංගම දුරකථනය රු.99,990 ක විශේෂ මිලකට ලබාගත හැකි අතර, Sunset Dazzle සහ Dusk Blue යන වර්ණ දෙක අතරින් පාරිභෝගිකයා ප්‍රිය කරන වර්ණයෙන් යුත් ජංගම දුරකථනයක් තෝරාගත හැක. vivo V21 දුරකථනය මිලදී ගැනීමේදී මාසයක් සඳහා වලංගු 100GB Anytime ඩේටා නොමිලේ හිමිවන අතර, මෙය සීමිත කාලසීමාවකට පමණක් බලපාන දීමනාවකි. මෙම නවතම හඳුන්වාදීම සිදුවන කාලසීමාව තුළ තෝරාගත් ක්‍රෙඩිට් කාඩ් සඳහා මාස 40 ක් දක්වා 0%ක පොලී අනුපාතයකින් යුත් පහසු ගෙවීමේ ක්‍රමයක් යටතේ vivo V21 ස්මාට් ජංගම දුරකථනය මිලදීගැනීමේ හැකියාව ඇත.

vivo V21 ස්මාට් ජංගම දුරකථනය පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට හෝ මිලදීගැනීමට https://www.dialog.lk/vivo-v21 වෙත පිවිසෙන්න.