Body

ඩයලොග් විසින් ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වතාවට සැබෑම Metaverse අත්දැකීමක් ගෙන එන ‘Futureverse’ දියත් කරයි

2023 ජනවාරි 01         කොළඹදී

 

Dialog Launches ‘Futureverse’ - Sri Lanka’s First Fully Immersive Metaverse

ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපය තුළ ප්‍රථම වරට නව තාක්ෂණික හඳුන්වාදීම් සිදුකරන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම එම කාර්ය තවත් ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වතාවට Futureverse නමින් සැබෑම Metaverse අත්දැකීමක් හඳුන්වාදීමට කටයුතු කර ඇත. මේ හරහා පාරිභෝගිකයන්ට ඩයලොග් සමාගමේ Dialog mobile, Home Broadband, Dialog Television සම්බන්ධතා මිලදීගැනීමටත්, Smartphones ස්මාට්ෆෝන් ඇතුළු අනෙකුත් උපාංග මිලදීගැනීමටත්, ඒ හා සම්බන්ධව තමන්ට අවශ්‍ය සේවා සහාය ලබාගැනීමටත්,සමාගමේ නවතම සේවාවන් පිළිබඳව දැනුම සහ අවබෝධය ලබාගන්නටත් අවස්ථාව සැලසේ. මීට අමතරව නවතම ජංගම දුරකතන එළිදැක්වීම් ඇතුළු සමාගමේ විශේෂ අවස්ථාවන්ට සහ විවිධ ප්‍රසංග සඳහා එක්වීමටත්, Virtual ලෝකයේ සුපිරි Gaming අත්දැකීමක් ලබාගැනීමටත් අවස්ථාව හිමිවේ

Futureverse වෙත පිවිසෙන කෙනෙකුට Virtual ලෝකයක තමන් කැමති avatar එකක් තමන් වෙනුවෙන් නිර්මාණය කළ හැකීයි. මෙම Virtual ලෝකය තුළ සැබෑ ලෝකයේදී මෙන් ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකින් ලබාගත හැකි ඕනෑම සේවාවක් ලබාගැනීමට අවස්ථාව හිමිවනවා සේම, සිය මිතුරු මිතුරියන් හා සම්බන්ධවීමට, චිත්‍රපට නැරඹීමට, වැඩමුළු හා ප්‍රදර්ශනවලට/ නවතම හඳුන්වාදීම් සිදුකරන විශේෂ උත්සවවලට සහභාගීවීමට, තමන් ප්‍රියකරන සුප්‍රකට සහ උපාංග පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබාගැනීමට අවස්ථා හිමිවේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී හි සවිබලයෙන් යුත් Futureverse, Virtual Reality (VR), Augmented Reality (AR), Mixed/Extended Reality (MR/XR) යන තාක්ෂණයන්ගෙන් බලගැන්වෙයි.සීමා මායිම් නොමැති ඩිජිටල් වටපිටාවක අසීමිත අත්දැකීම් සහ අවස්ථාවලින් පිරි Futureverse හි Virtual ලෝකය හරහා ඕනෑම කෙනෙකුට නිදහසේ තම මිතුරන් සමඟ චැට් කරමින්, විනෝද විය හැකීයි.

සැබෑම Metaverse අත්දැකීමක් සමීප කරන ඩයලොග් Futureverse සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා “Metaverse සංකල්පය අන්තර්ජාලයේ පෙරළිකාර වෙනසක් සඳහා හේතු වී තිබෙන මෙවැනි කාලසීමාවක Futureverse නමින් ශ්‍රී ලාංකිකයන්ට ප්‍රථම වතාවට සැබෑම Metaverse අත්දැකීමක් හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. 'අනාගතය අදයි’ යන අපගේ සන්නාමයේ තේමාවට අරුතක් ලබාදෙමින්, එදිනෙදා ජීවිතයේ සෑම අංශයකම නවමු ආකාරයක පරිවර්තනයක් සිදුකිරීමේ හැකියාවකින් යුත් මෙවැනි Vitual ලෝකයක් නිර්මාණය කිරීම අපගේ උත්සාහයයි. ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසවන්ත ඩිජිටල් සහකරු ලෙස ඩයලොග් සමාගම අපගේ ජනතාව, කර්මාන්ත ක්ෂේත්‍රය මෙන්ම ජාතික මට්ටමින් නවීනතම තාක්ෂණයෙන් බලගැන්වුණු නවෝත්පාදන සඳහා පුරෝගාමීත්වය ලබාදීමට කැපවී සිටිනවා.”

සැබෑම අත්දැකීමක් ලබාගැනීමට උනන්දුවෙන් සිටින ඕනෑම කෙනෙකුට futureverse.dialog.lk ඔස්සේ Futureverse අවකාශයට පිවසිය හැක.