Body

ඩයලොග් සමාගම විසින් කොළඹ නෙළුම් කුළුණෙහි Future Zone එළිදක්වයි නව්‍යකරණයේ අත්දැකීමකට සියලුම ශ්‍රී ලාංකිකයන්ට ඇරයුම්

2023 ජනවාරි 27         කොළඹදී

 

Humanoid Robot greeting visitors

Humanoid Robot greeting visitors

Inauguration of the Dialog Future Zone.

Inauguration of the Dialog Future Zone.
Photographed from left to right: Chathura Peiris, Head - Product and Service Innovation, Dialog Axiata PLC, Supun Weerasinghe, Group Chief Executive, Dialog Axiata PLC, Dato Dr Nik Ramlah Nik Mahmood, Director of Dialog Axiata PLC, Vivek Sood, Joint Acting Group Chief Executive Officer & Group Chief Financial Officer, Axiata Group Berhad, Azwan Khan, Director of Dialog Axiata PLC, Major Gen Prasad Samarasinghe, CEO, Colombo Lotus Tower, Priyantha Rathnayake, Chairman, Colombo Lotus Tower, Dasun Hegoda, Director - Software Architect, ICTA

AI powered Digital Twin demonstration

AI powered Digital Twin demonstration

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් Future Zone නමින් අනාගතය බලගන්වන නවීනතම තාක්ෂණයෙන් යුත් නැවුම් අත්දැකීමක් කොළඹ නෙළුම් කුළුණේ පළමු මහලේදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත. සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දින 5 පුරාවට පෙ.ව10 සිට ප.ව 6.30 දක්වා නොමිලේම ඇතුළු වී මෙම සුවිශේෂී අත්දැකීම විඳගන්නා මෙන් ඩයලොග් සමාගම සෑම ශ්‍රී ලාංකිකයෙකුටම විවෘත ආරාධනාවක් කරයි.

5G තාක්ෂණය, Internet of Things (IoT), Artificial Intelligence (AI), Virtual Reality (VR) යන ක්ෂේත්‍රයන් හි නවතම පැතිකඩ පිළිබඳව අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව Future Zone නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන්ට හිමිවේ. තවද ඩයලොග් සමාගම ආරම්භ කර ඇති Smart Cities වැඩසටහන පිළිබඳව මෙන්ම තිරසර බලශක්ති විසඳුම්වලට අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන්ද දැනුවත්වීමටත් අවස්ථාව ලැබේ.

"Future Zone හරහා නවමු අත්දැකීමක් ලබාගැනීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව උදාකරදීම තුළින් තාක්ෂණයේ අනාගතය පිළිබඳව යම් දැනුමක් සහ අවබෝධයක් ලබාදීමට හැකිවීම අපට සතුටක්.” යනුවෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා සඳහන් කළේය. “ඩයලොග් සමාගම සැමවිටම නවීන තාක්ෂණය හඳුන්වාදීමට කටයුතු කරන අතර ඒ වෙනුවෙන් වූ අපේ නිරන්තර කැපවීම Future Zone එළිදැක්වීම තුළින් පිළිබිඹු කෙරෙනවා.Dialog Future Zone අත්දැකීම විඳගැනීමට පැමිණෙන ප්‍රේක්ෂකයන්ට නවීන තාක්ෂණය පිළිබඳව සිය උන්නදුව, නිර්මාණශීලීත්වය සහ දැනුම වැඩි වර්ධනය කරගැනීමට අවස්ථාව හිම්වේ යැයි අප විශ්වාස කරනවා.”

Future Zone හි වැඩමුළු, දේශන හා අධ්‍යයන ක්‍රියාකාරකම් පැවැත්වීම වෙනුවෙන් ඩයලොග් සමාගම විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන සහ අනෙකුත් හවුල්කරුවන් සමඟ එක්ව සහයෝගීතාවයෙන් කටයුතු කරයි. සිසුන්ට හා වෘත්තීයවේදීන්ට ඒ සෑම වැඩසටහනක්ම එක හා සමානව විවෘතව පවතී. අනාගත තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ නියමුවන් දිරිගැන්වීම මෙහි අරමුණයි.

“Dialog Future Zone නවීන තාක්ෂණය පිළිබඳ දැනුම ලබාගන්න පුළුවන් අවස්ථාවක් පමණක්ම නෙවෙයි, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ දැනුම සහ අදහස් හුවමාරු කරගත හැකි මාධ්‍යක් වන බව අපි විශ්වාස කරනවා.” ඩයලොග් ආසිආටා පීල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Dialog Future Zone නැරඹීමට පැමිණෙන ඕනෑම කෙනෙකුට Smart Home සහ Internet of Things (IOT) විසඳුම්ගෙන් බලගැන්වූ Smart Home ආදර්ශ ආකෘතියක්, විශිෂ්ටතම ව්‍යාපාර විසඳුම්, මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාල ආශ්‍රිත්‍රව ක්‍රියාත්මක වන ‘Dialog 5G Innovation Centre’ සවිබලයෙන් ක්‍රියාත්මක වන නවෝත්පාදන පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන් ඩයලොග් සමාගමේ නවෝත්පාදන අංශය වන ‘Innovation Foundry ’යටතේ ඉටුකරන කාර්යභාරයන් පිළිබඳව යම් අවබෝධයක් ලබාගැනීමේ අවස්ථාවද හිමිවේ.