Body

'සිව් දෙසටම ඩයලොග්' වැඩසටහන තුළින් 2021 දී ගම්මාන සහ අති දුෂ්කර ප්‍රදේශ 1028 ක් සන්නිවේදන පහසුකම්වලින් බලගැන්වීමට ඩයලොග් සමාගමට හැකිවූ වගයි

2021 දී අලුතින් 4G කුළුණු 453 ක් ස්ථාපිත කරයි - 2021 වන විට ආවරණ කලාප 4380 ක වැඩ නිම කරයි

March 25, 2022         Colombo

 

Newly commissioned Yakupitiya tower

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන තාක්ෂණ නිලධාරී ප්‍රදීප් ද අල්මේදා මහතා, ඩයලොග් ජාල සේවා හි ප්‍රධාන විධායක නිලධාරී ජනක් ප්‍රනාන්දු මහතා සමඟ ඩයලොග් ඉංජිනේරු හා අලෙවි කණ්ඩායම්වල සාමාජිකයින් අලුතින්ම ඉදිකළ යකුපිටිය කුලුණ අසල සමූහ ඡායාරූපයකට එක්වූ අවස්ථාව.

Commissioning of the Yakupitiya tower

යකුපිටිය කුලුණ නිල වශයෙන් ඩයලොග් ජාලයට එක් කරගැනීමේ අවස්ථාව.

ඡායාරූපයේ වමේ සිට දකුණට: ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන තාක්ෂණ නිලධාරී ප්‍රදීප් ද අල්මේදා මහතා, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් දර්ශන රණසිංහ මහතා සහ ඩයලොග් ජාල සේවා හි ප්‍රධාන විධායක නිලධාරී ජනක් ප්‍රනාන්දු මහතා.

ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත සවිබලගන්වමින් වඩා උසස් තත්වයකට ගෙන ඒමේ සිය දැක්ම වෙනුවෙන් ඇති කැපවීම ඉදිරියටම ගෙන යමින් මෙරට පුළුල්තම සන්නිවේදන ජාලය වන ඩයලොග්, ‘සිව් දෙසටම ඩයලොග්' වැඩසටහන තුළින් 2021 වසරේදී ගම්මාන සහ අති දුෂ්කර ප්‍රදේශ 1028 ක සන්නිවේදන පහසුකම් වැඩි දියුණු කිරීමට සමත්ව තිබේ.

‘සිව් දෙසටම ඩයලොග්' වැඩසටහනේ නවතම අදියර වශයෙන් ඩයලොග් සමාගම පසුගියදා කළුතර දිස්ත්‍රික්කයේ යකුපිටිය ප්‍රදේශයේ සන්නිවේදන කුළුණක් ඉදිකරන ලදී. මෙම වැඩසටහන හරහා ඉදිරි මාස කිහිපයේදී රටපුරා සන්නිවේදන ආවරණ තත්වය තවත් වැඩි දියුණු කිරීමට පියවර ගැනේ. මෙවැනි අභියෝගාත්මක කාලසීමාවන් හමුවේ ආවරණ පහසුකම් පුළුල් කරමින් සිය පාරිභෝගිකයන්ගේ සන්නිවේදන අවශ්‍යතාවයන් සලසාදීම වෙනුවෙන් අඛණ්ඩව කැපවන ඩයලොග් සමාගම 2021 වර්ෂය තුළ 3000 කට වැඩි සන්නිවේදන කුළුණුවල ධාරිතාව ඉහළ නංවා, නව සන්නිවේදන කුළුණු 453ක් ඉදිකර ඇති අතර, ඩයලොග් ජාලය තුළ 4G මොබයිල් කුළුණු 4380ක් ඉදිකර ඇත. එය ශ්‍රී ලංකාවේ ඉදිකර තිබෙන වැඩිම සන්නිවේදන කුළුණු සංඛ්‍යාවද වේ. තවද අති දුෂ්කර ගම් ප්‍රදේශවලට සන්නිවේදන පහසුකම් සැලසීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා ඩයලොග් සමාගම Green Field කුළුණුවල සේවාව උපයෝගී කරගත් අතර, සන්නිවේදන පහසුකම් අවම ප්‍රදේශවල හදිසි අවශ්‍යතාවයන් වෙනුවෙන් Lamp Pole විසඳුම හරහා සේවාවන් ලබාදීමට කටයුතු කර ඇත.

“සිව් දෙසටම ඩයලොග් වැඩසටහනෙන් ග්‍රාමීය ප්‍රදේශවලට සන්නිවේදන පහසුකම් ලබාදීමේ අවශ්‍යතාවය වගේම සන්නිවේදනයෙන් යාවූ එකම රටක් හැටියට ඉදිරියට යන්නට ගත යුතු පියවර සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කරන්නත්, දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවලට සන්නිවේදන පහසුකම් ලබාදීමේ වැදගත්කම අවධාරණ කරන්නත් අපට හැකිවී තිබෙනවා,” යනුවෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා අදහස් දැක්වීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා “හැමටම ඩිජිටල් පහසුකම් ලබාදීම ගැන අපි සමාගමක් හැටියට දකින විදියත්, අපි ඒ ගැන කටයුතු කරන ආකාරය ගැනත් ලොකු වෙනසක් ඇති කරන්න මේ ගෝලීය වසංගත තත්වය හේතු වුණා. ඒ වගේම මේ වැඩසටහනෙන් අපේ රටේ හැම දරුවෙකුම, හැම කෙනෙක්ම, පවුලක් සහ ප්‍රජාවක් කෙරෙහි යහපත් වෙනසක් ඇති කරන අනාගතයකට අපි ගමන් කරමින් සිටින බව මම කියන්න කැමතීයි.”

ඩයලොග් ජාලයේ ආවරණය ඉහළ නැංවීම, ජාල අධීක්ෂණය කිරීමෙහි නිරත අන්තර්ජාතික සමාගම්වල ප්‍රශංසාවට ලක්ව තිබෙන අතර Open Signal සමාගම විසින් ‘හොඳම 4G ආවරණය’ / වේගවත්ම Upload සහ ‘Download අත්දැකීම් වෙනුවෙන් ඩයලොග් ආයතනය සම්මානයට පාත්‍ර කර තිබේ. ඉදිරි මාස 6 තුළ තවත් සන්නිවේදන කුළුණු 200 ක් ඉදිකර මෙරට ආවරණ පහසුකම් තවදුරටත් ඉහළ නැංවීමට ඩයලොග් සමාගම කටයුතු කරන අතර, 2022 මැද භාගය වන විට 95% කට වැඩි ජනගහණයකට ආවරණ පහසුකම් සලසාදීමට අපේක්ෂා කරයි.