Body

රාජ්‍ය සේවකයන්ට ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වෙතින් සුවිශේෂී ඩේටා පැකේජ රැසක්

October 10, 2021         Colombo

 

Dialog Home Broadband - Government Sector Employees

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී හි උපසමාගමක් වන ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක්ස් පුද්.සමාගම, රටේ සංවර්ධනය උදෙසා සිය නොමඳ දායකත්වය ඉමහත් කැපවීමෙන් යුතුව ලබාදෙන රාජ්‍ය සේවකයන්ට කෘතගුණ සැලකීමක් වශයෙන් සුවිශේෂී හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් පසුගෙවුම් ඩේටා පැකේජ රැසක් හඳුන්වාදීමට කටයුතු කර ඇත.

මෙම සුවිශේෂී දීමනාවට, රු.600 ක අවම මාසික ගාස්තුවක සිට ඇරඹෙන (15GB Anytime Data සහ 15GB FREE Night Bonus Data) පැකේජයක සිට රු.9,900/- ( 360GB Anytime Data සහ 360GB FREE Night Bonus Data) දක්වා පසුගෙවුම් පැකේජ රැසක් හඳුන්වාදී තිබේ. එමෙන්ම මෙම සුවිශේෂී පැකේජයක් සමඟින් ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් රවුටරයක් මිලදී ගන්නා විට රු.1,000 තවත් සුවිශේෂී දීමනාවක් ලබාදෙන අතර දීමනාවෙන් පසු රවුටරයේ මිල රු.1,990ක් වේ. රාජ්‍ය අංශයේ සේවකයින්ට සිය රාජ්‍ය සේවා හැඳුනුම්පත හා වැටුප් ලේඛනයක් ඉදිරිපත් කර ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථානවලින් හෝ දිවයින පුරා බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් මෙම දීමනාව ලබාගත හැක.

රාජ්‍ය සේවකයින් වෙනුවෙන්ම හඳුන්වාඳෙන මෙම සුවිශේෂී දීමනාව පිළිබඳව අදහස් පළ කළ ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී - බ්‍රෝඩ්බෑන්ඩ් සහ ස්ථාවර සන්නිවේදන සේවා, දිමුතු කුරේ “මෙවැනි අභියෝගාත්මක කාලසීමාවක රටේ සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියටම ගෙනයාම සඳහා අප්‍රතිහත කැපවීමෙන් සිය දායකත්වය ලබාදෙන රාජ්‍ය අංශයේ සේවකයන්ට ප්‍රතිඋපකාරයක් වශයෙන් මෙම සුවිශේෂී හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් දීමනාව හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අපි අතිශයින්ම සතුටු වෙනවා. මෙය රජයේ අංශයේ උත්සාහයන්ට සහයෝගය දැක්වීම සඳහා ඩයලොග් සමාගම ගන්නා ක්‍රියාමාර්ග වල තවත් එක් දිගුවක් වන අතර, ඉදිරියටත් හැකි සෑම ආකාරයකින්ම ඔවුන්ට ඒ වෙනුවෙන් සහයෝගය දැක්වීමට අපි පෙරමුණ ගන්නා බව සතුටින් දැනුම් දෙමු.”