Body

Dialog Gaming විසින් දේශීය මොබයිල් ක්‍රීඩා රැසක් ගෙන එන ‘MegaPlay’ සවිබල ගන්වයි

ඔක්තෝබර් 28, 2021         කොළඹදී

 

MegaPlay powered by Dialog

Dialog Gaming සමග GameRoar Technologies පුද්ගලික සමාගම සහ Jwave Technologies එක්ව MegaPlay නම් දේශීයව නිපැයුණු පුළුල් පරාසයක මොබයිල් ක්‍රීඩා වලින් සමන්විත e-Gaming මොබයිල් app එකක් දේශීය මොබයිල් ක්‍රීඩාලෝලීන් වෙනුවෙන් ම එළිදක්වනු ලැබීය.

මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් බලගන්වනු ලබන MegaPlay හරහා ශ්‍රී ලාංකීය මොබයිල් ක්‍රීඩා නිර්මාණකරුවන්ගේ අතින්ම නිපැයුණු puzzles, cricket, shooting, racing, arcade යන කාණ්ඩවලට අයත් සිත්ගන්නාසුළු hyper-casual games (වේගවත්ව ක්‍රීඩාවට පිවිසිය හැකි සරල ක්‍රීඩා) 50කට අධික ප්‍රමාණයක් එකම app එකකින් දේශීය ක්‍රීඩා ලෝලීන්ට තිළිණ කරනු ලැබීය. මෙම හඳුන්වාදීමත් සමග MegaPlay, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මොබයිල් ක්‍රීඩා නිර්මාණය කරන්නන්ට මෙන්ම ක්‍රීඩා කරන්නන්ටත් මුදල් ඉපයීමට, නොමිලේ ඩේටා ලබා ගැනීමට ඇතුළු වාසි රැසක් ලබාදි ඇත. එමෙන්ම ඩයලොග් සමාගම විසින් සෑම නව MegaPlay ගිණුමකටම නොමිලේ 1GB Anytime Data මෙන්ම MegaPlay හි සම්පූර්ණ මොබයිල් ක්‍රීඩා එකතුව වෙත ප්‍රවේශ අවස්ථා ලබා දෙන අතර මෙම සීමිත කාලීන දීමනාව 2021 නොවැම්බර් 30 වනදා දක්වා වලංගු වේ. මෙම සුවිශේෂී දීමනාව ලබා ගත හැක්කේ Google Play Store හෝ www.megaplay.lk හරහා App එක Download කරගන්නා පළමු 10,000 සඳහා පමණි. .

මෙහිදී ඩයලොග් ආසිආටා හි සමූහ ප්‍රධාන නවෝත්පාදන හා සැලසුම් නිලධාරී ඇන්තනි රොද්‍රිගු මහතා මෙසේ පැවසීය “ඩයලොග්හී ගමන් මගේ නවතම සන්ධිස්ථානය ලෙසින් GameRoar සහ JWave සමග එකතුවෙන් e-sports බලගැන්වීම උදෙසා MegaPlay දියත් කිරීමට හැකිවීම ගැන අප අතිශය සතුටට පත්වෙනවා. ඩයලොග් අපි හැමවිටම ජාතික මට්ටමින් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කැපවී සිටින අතර, ශ්‍රී ලාංකේය පරිගණක ක්‍රීඩා කුසලතාවයන්ද ඔප්නැංවීමට මෙය මහඟු අවස්ථාවක් වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. අප මෙහිදී බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්‍රීඩාවන් තුළ නවමු පෙරළියක් ඇති කරමින් තරුණ ප්‍රජාවට තමන්ගේ හැකියාවන් එළිදක්වන්න අවස්ථාව උදා කර දීමයි. තවද දේශීය ඩිජිටල් ක්‍රීඩා නිපයුම් කරුවන්ගේ හැකියාවන් ජාත්‍යන්තර තලයට රැගෙන ඒමට MegaPlay හරහා අවකාශය ලැබීම පිළිබඳව අපි මහත් සතුටට පත් වෙමු.”

“GameRoar, Jwave සහ ඩයලොග් ආසිආටා යන ආයතන තුනේම එකම අරමුණ ඩිජිටල් ක්‍රීඩා හරහා මිනිසුන්ව අර්ථවත් ලෙසින් සම්බන්ධ කිරීමයි,” බව GameRoar Technologies හි රවිහන්ස් වටකේපොත පවසයි. “MegaPlay එක තුළින් හඳුන්වා දෙන අසමසම විශේෂාංග, ඩිජිටල් ක්‍රීඩකයන් පමණක් නොව, ක්‍රීඩා නිර්මාණකරුවන්ටත් නවමු අත්දැකීමක් ගෙන එනවා. අපගේ පරිශීලකයන් වෙනුවෙන් අපූර්ව ක්‍රීඩා නිපදවනු ලබන, ආසියානු කලාපය තුළ 14,000කට අධික ක්‍රීඩා නිර්මාණකරුවන් පිරිසක් සිටීම අපිට ආඩම්බරයක්. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්‍රීඩා හැකියාවන් ගෝලීය මට්ටමට ඔසවා තැබීම සඳහා වූ ගමනට ඩයලොග් ආසිආටා සමග එක් වන්නට ලැබීම අපිට මහත් ගෞරවයක්.” යනුවෙන් පවසන ලදී.

JWave Technologies හි අධ්‍යක්ෂ ෂෙහාන් ගෝමස් මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වන ලදි. “පසුගිය වසර කිහිපය තුළ e-sports වේගයෙන් වර්ධනය වී තිබෙන අතර වසංගත සමයත් සමග මේ වන විට e-sports ක්ෂේත්‍රය නවමු තලයකට පැමිණ තිබෙනවා. මෙය සෑම ජනකොටසක්ම ඉලක්ක කර ඇති බැවින් මොබයිල් ක්‍රීඩා ක්ෂේත්‍රය දිනපතා වර්ධනය වෙමින් පවති. MegaPlay මගින් e-sports නිර්මාණකරුවන්ට, සිය නිර්මානශීලීත්වය ඉදිරිපත්කිරීමට අවස්ථාව සලසාදෙන අතරවාරයේ hyper-casual ක්‍රීඩා සමග විනෝදාස්වාදය ලබාගැනීමට ක්‍රීඩකයන්ට අවස්ථාව සැලසෙනවා. මේ සඳහා සහයෝගීත්වය ලබාදීමට හැකිවීම ගැන මා සතුටට පත්වන අතරම ශ්‍රී ලංකාව තුළ ඊ-ක්‍රීඩා සමාජයක් බිහිකිරීමටත් බලාපොරොත්තු වෙනවා. MegaPlay හරහා ක්‍රීඩකයන්ට වෙහෙසකර දවසක් අවසානයේ ආතතිය / සිත සැහැල්ලු කිරීමට උපකාර වන නිර්මාණශීලී ක්‍රීඩා සකසා දෙන්න ක්‍රීඩා නිර්මාණකරුවන්ට අවස්ථාව ලැබෙනවා. මෙලෙස ශ්‍රී ලංකාවේ e-sports ක්ෂේත්‍රයට එකතු වි, මෙරට ක්‍රීඩා ලෝලීන්ට නව මොබයිල් ක්‍රීඩා හඳුන්වාදෙන්න මම බලාපොරොත්තු වෙනවා”.

Google Play Store හරහා MegaPlay App එක download කරගන්න. වැඩි විස්තර සඳහා www.megaplay.lk වෙත පිවිසෙන්න.