Body

ඩයලොග් එන්ටප්‍රයිස් සහ SimSyn එක්ව මෙරට ව්‍යාපාර වෙත ව්‍යාපාර දුරකථන පද්ධති (PABX) සේවාවක් හඳුන්වාදෙයි

ජුනි 03, 2021         කොළඹ

 

news-1

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් හි ව්‍යාපාර විසඳුම් අංශය වන ඩයලොග් එන්ටප්‍රයිස් (Dialog Enterprise), ලොව ව්‍යාපාර තාක්ෂණික විසඳුම් ලබාදෙන ප්‍රමුඛතම සමාගමක් වන 3CX හි මෙරට නියෝජිතයා වන SimSyn සමාගම සමඟ එක්ව, මෙරට ඕනෑම පරිමාණයක ආයතනික පාරිභෝගිකයකුට ගැලපෙන අයුරින් දියුණු කරන ලද සේවා සැපයිය හැකි අසමසම ව්‍යාපාර දුරකථන පද්ධති (PABX - Hosted Private Automatic Branch Exchange) සේවාවක් හඳුන්වාදෙන ලදී. ඩයලොග් සමාගමේ 25 වසරක අඛණ්ඩ ආයතනික සේවා සැපයුම් පළපුරුද්දෙන් හා ජව සම්පන්න ඩයලොග් ආසිආටා සබඳතාවන්ගෙන් සවිබලගැන්වෙන මෙම ව්‍යාපාර සහ සන්නිවේදන සේවාව ඒකාබද්ධ කරනු ලබන්නේ Dialog සම්බන්ධතාව මගින් වන අතර, ආයතනික පාරිභෝගිකයන්ගේ සියලු අවශ්‍යතා සපුරාලන, නවීන, පරිමාව වෙනස් කළ හැකි, අංගසම්පූර්ණ සේවාවක් ලෙස පාරිභෝගිකයන්ට හඳුන්වා තිබීමද විශේෂත්වයකි.

ඩයලොග් එන්ටප්‍රයිස් හි IDC Cumulus cloud හි ස්ථාපිත කර ඇති මෙය; ව්‍යාපාර දුරකථන පද්ධති සේවාවන්ට අමතරව වීඩියෝ ඇමතුම්, ඇමතුම් පටිගත කිරීම්, සහ සමාජ ජාල හරහා පාරිභෝගිකයන් හා සම්බන්ධවීමට තිබෙන chat සේවාවන් පවා කළමනාකරණය කරගැනීමට සමත් අංගයන්ගෙන් පරිපූර්ණව තිබීම නිසා පාරිභෝගිකයන් හා නිරන්තරයෙන් කටයුතු කරන සහ ඔවුන්ගේ හඬට නිරන්තරව සවන්දිය යුතු, භාණ්ඩ හෝ සේවාවන් අලෙවි කරන ව්‍යාපාරයන්හි නියැලෙන ඔබට, මහත් අස්වැසිල්ලක් අත්කර දෙනු ඇත. 3CX වෙතින් සපයන ව්‍යාපාර දුරකථන පද්ධති සේවාවට අදාළ සියලුම පැමිණිලි හා අනෙකුත් අවශ්‍යතාවන් සපුරාලීම සඳහාම වෙන්වූ ඩයලොග් එන්ටප්‍රයිස් (Dialog Enterprise) උපකාර සේවා මධ්‍යස්ථානයක් මෙම සේවාව හඳුන්වාදීමත් සමඟ ක්‍රියාත්මක වෙයි. මෙසේ 3CX වෙතින් සපයනු ලබන සේවාවන් සමූහය සමඟ පාරිභෝගික ආයතනවල සේවය කරන සිය සේවකයන්ට ලංකාවේ ඕනෑම ස්ථානයක සිට සිය පාරිභෝගිකයන් සමඟ සම්බන්ධවීමට අවස්ථාව සැලසෙන අතර, වර්තමානයේ අප හුරුවී සිටින නිවසේ සිට වැඩකිරීමේ ක්‍රමවේදයට අනුගතව ඔබ ආයතනයේ පාරිභෝගික සේවාවන් සම්බන්ධව කටයුතු කරන සේවක මඩුල්ලට බාධාවකින් තොරව තම සේවාවන් පවත්වාගෙන යාමට මෙය මහත් උපකාරයක් වනු ඇත. එමෙන්ම මෙම සේවාව ලබාගැනීමේ (Subscribe) ප්‍රතිඵලයක් ලෙස ඔබේ පාරිභෝගික සේවා නිලධාරීන්ට ඔවුන්ගේ හෝ ආයතනයෙන් සපයා ඇති laptop, tab හෝ ස්මාට් දුරකතන යන ඕනෑම සන්නිවේදන උපාංගයක් ඔස්සේ ආයතනයේ PABX පද්ධතිය හා කිසිඳු බාධාවකින් තොරව සම්බන්ධ වෙමින් සිය පාරිභෝගික ගැටලු විසඳීම සඳහා කාර්යක්ෂමව මැදිහත්වීමට අවස්ථාව හිමිවේ.

මෙම සේවාව නවීන විශේෂාංග, උපරිම සේවා අඛණ්ඩතාව (uptime), අවශ්‍ය පරිදි වෙනස් කළ හැකි පරිමාණය, සහනදායී මිල, සහ අවම මූලික ප්‍රාග්ධනයක් යන ප්‍රතිලාභ රැසක් සමඟ ඔබට අත්විඳිය හැක. එසේම, ආයතනික පාරිභෝගිකයන්ට විශේෂ තාක්ෂණික දැනුමකින් තොරව පහසුවෙන් මෙම සේවාවන් කළමනාකරණය කරගත හැකිවීමද විශේෂත්වයකි. ආයතනවලට දැන් ප්‍රාග්ධන අවදානමකින් තොරව තම සේවාවන් ඉහළ ගුණාත්මකබවකින් හා කාර්යක්ෂමව සැපයීමටත් මේ හරහා හැකියාව ලැබේ.

වර්තමානයේ ව්‍යාපාර කරන රටාවන් හා ඊට කාලානුරූපව වෙනස්වන ව්‍යාපාර පරිසරයට උචිත මෙම කාර්යක්ෂම හා වේගවත් සේවාව, පුළුල් ආවරණයක්, පුළුල් උපාංග ප්‍රමාණයක් (ස්ථාවර හා මොබයිල්), සහ 24x7 සහාය ඩයලොග් එන්ටප්‍රයිස් වෙතින් කිසිඳු අමතර ගාස්තුවකින් තොරව සපයනු ලබයි. ඒ අනුව, ඩයලොග් එන්ටප්‍රයිස් සහ SimSyn එක්ව ආයතනික පාරිභෝගිකයන්ගේ HPABX සහ HCC (Hosted Call Centre) සේවා අවශ්‍යතාවයන් මනාව සපුරාලීමට ඇතිකරගත් ශක්තිමත් ව්‍යාපාරික සහයෝගීතාවයක් ලෙස මේ පිළිබඳව සඳහන් කළ හැක.

මෙම ව්‍යාපාර විසඳුම් පිළිබඳ වැඩි විස්තර business.dialog.lk වෙතින් හෝ 0777 887 887 යන අංකය අමතා ලබාගන්න.