Body

ව්‍යාපාර ඩිජිටල්කරණයෙන් සවිබලගැන්වීම සඳහා ඩයලොග් එන්ටප්‍රයිස් Zoho ආයතනය සමඟ එක්වෙයි

January 05, 2021         Colombo

 

news-1

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට අයත් ආයතනික විසඳුම් සපයන සමාගම වන ඩයලොග් එන්ටප්‍රයිස්, ජාත්‍යන්තරව ප්‍රකට තාක්ෂණික සමාගමක් වන Zoho සමඟ පසුගියදා සහයෝගීතාවයකට එළැඹ තිබේ. මෙම සහයෝගීත්වය හරහා ඩයලොග් හි සුවිශේෂී ආයතනික පාරිභෝගිකයන්ට Cloud තාක්ෂණය මත පදනම් වූ ව්‍යාපාරික ක්‍රමවේදයක් ඔස්සේ Zoho Workplace සේවාවන් ලබාගැනීමට හැකියාව ලැබෙන අතර එතුළින් ආයතනවල සේවය කරන කණ්ඩායම්වල සබැඳියාව වඩාත් වර්ධනය කරගනිමින්, කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය ඉහළ නංවාගැනීමට අවස්ථාව සැලසෙන අතර කාර්යාලයේ මෙන්ම ඕනෑම තැනක සිට ආයතනයේ සෙසු පිරිස් සමඟ සබඳතා පවත්වාගනිමින් සිය දායකත්වය නොඅඩුව ලබාදෙන්නට සේවක මණ්ඩලය බලගැන්වීමට මෙය මහත් පිටිවහලක් වනු ඇත. මේ ඔස්සේ සමාගම් සහ සංවිධානවලට සිය ව්‍යාපාර කටයුතු සහ එදිනෙදා මුහුණදෙන ගැටලු හා අභියෝග සාමූහිකව සහ ඉක්මණින් විසඳාගැනීමට හැකියාව සැලසේ.

ඩයලොග් එන්ටප්‍රයිස් සිය උත්සාහයන් තුළින් නිරතුරුවම ව්‍යාපාරික ප්‍රජාවට අති නවීනතම ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීමට කටයුතු කරන අතර, එම තාක්ෂණයට පහසුවෙන් අනුගතවෙමින්, වැඩි දියුණු වූ ඵලදායීතාවයක්, නව්‍යකරණය වූ ක්‍රියාවලියක් සහ ඩිජිටල් පරිවර්තනයක් මගින් ආයතන හා සමාගම්වලට තම ව්‍යාපාරික වටිනාකම් ඉහළ නංවාගැනීමට සහාය වේ. Zoho සමඟ ඇතිකරගත් මෙම සහයෝගීත්වය මගින් සමස්ත ව්‍යාපාරික ප්‍රජාව අතර තාක්ෂණය ව්‍යාප්ත කරමින්, කැමති Zoho Applications ක්‍රියාවට නැංවීම තුළින් ව්‍යාපාර ක්ෂේත්‍රයේ කණ්ඩායම් අතර ස්මාට්, සහයෝගීත්වයෙන් යුතු සම්බන්ධතාවයක් ගොඩනැගීම සඳහා පහසුකම් සැලසීම අරමුණු කරයි. Zoho Workplace සේවාවන් අතරට Zoho Writer, Zoho Sheet, Zoho Show, Zoho Workdrive, Zoho Showtime, Zoho Meeting, Zoho Cliq, Zoho Mail සහ Zoho Connect අන්තර්ගත වේ.

එක් එක් ආයතන හා සමාගම්වලටම ආවේණිකවූ අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා ආයතන පරිශ්‍රයන් තුළ භාවිත කරන මෙම workplace apps එහි සේවකයන් නිරතවන රැකියාව හා කාර්යභාරය අනුව ඔවුන්ගේ පහසුවට ගැලපෙන පරිදි සකස් කළ හැක. ඕනෑම ජාත්‍යන්තර භාෂා පහසුකමින් සැකසුණු මෙම apps, දත්තවල ආරක්ෂාව සහ රහස්‍යභාවය තහවුරු කරන admin controls වලින් සමන්විත වේ. වර්තමානයේ ප්‍රධාන Zoho Mail App එක සිංහල හා දෙමළ මාධ්‍යයෙන් ලබාගත හැක. Zoho හි රහස්‍යභාවය සහ ආරක්ෂක ප්‍රමිතීන් හේතුවෙන් තුන්වෙනි පාර්ශවයකට පාරිභෝගික පරිශීලනයේ හැසිරීම අධීක්ෂණය කිරීමේ හැකියාවක් නොලැබේ. පාරිභෝගිකයාගේ පෞද්ගලිකත්වය සුරකින බවට තහවුරු කරන Zoho, කිසිඳු අයුරකින්වත් පාරිභෝගික හැසිරීම පිළිබඳ වූ දත්ත වෙනත් පාර්ශවයන්ගෙන් ලබාගෙන දැන්වීම්කරණයේ යෙදෙන ව්‍යාපාරවලට අලෙවි නොකරයි. මෙම සේවාව මාසිකව රු. 199/- කට ලබාගත හැක. Zoho සේවාවන් සිය ව්‍යාපාරය සඳහා ලබාගන්නා ඩයලොග් එන්ටප්‍රයිස් පාරිභෝගිකයන්ට මේ යටතේ සුවිශේෂී වරප්‍රසාද රැසක් අත්විඳීමට අවස්ථාව ඇත. ව්‍යාපාරික ආයතනයන්හි භාවිත කරන සෙසු ව්‍යාපාර යෙදවුම් හෝ වෙනත් apps සමඟ වඩාත් පහසුවෙන් ක්‍රියා කළ හැකි පරිදි Zoho Applications වඩාත් නම්‍යශීලී ලෙස ව්‍යාපාර කරන ඔබ වෙත ඉදිරිපත් කර ඇත.

වැඩි විස්තර සඳහා https://business.dialog.lk/products-services/cloud-co-location/zoho-mail/ වෙත පිවිසෙන්න.