Body

ඩයලොග් එන්ටප්‍රයිස් හා MiHCM එක්ව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට MiHCM Lite හඳුන්වාදෙයි

August 10, 2021         Colombo

 

news-1

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහාම වූ ඩිජිටල් මානව සම්පත් කළමනාකරණ විසඳුමක් හඳුන්වාදීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් හි ව්‍යාපාර විසඳුම් අංශය වන ඩයලොග් එන්ටප්‍රයිස් (Dialog Enterprise),MiHCM (පුද්.) සමාගම සමග සහයෝගීතාවයකට එළඹ තිබේ.මෙම සහයෝගීතාවය යටතේ Cloud තාක්ෂණය පදනම් කරගත් පහසුවෙන් භාවිත කළ හැකි MiHCM ඇප් යෙදුම හඳුන්වාදී ඇති අතර, මෙය පහසුවෙන් ලාභදායී ලෙස කළමනාකරණය කිරීමේ හැකියාවෙන් යුතු නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල මානව සම්පත් කළමනාකරණය වඩාත් ඵලදායීව කරගෙන යාමට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

MiHCM යනු ඇප් එකක් හරහා වගේම වෙබ් බ්‍රවුසරයන් ඔස්සේ භාවිත කළ හැකි තාක්ෂණික යෙදවුමක් වන අතර එය ව්‍යාපාරවල මානව සම්පත් කළමනාකරණය වඩාත් හොඳින් කරගෙනයාමට අවස්ථාව සැලසෙන පරිදි Cloud මත ක්‍රියාත්මක වෙයි. හදිසි තාක්ෂණික ප්‍රශ්නයකදී එය නිරාකරණය කරන්නට පැය 24 පුරා තාක්ෂණික කණ්ඩායම් යොදවා ඇති අතර, සේවක සංඛ්‍යාව අඩු වැඩි වන විට මෙම යෙදවුම් අවශ්‍යතාවය වැඩි කරමින් ලයිසන් ප්‍රමාණය අඩු වැඩි කරගන්නටත් හැකියාව පවතී. වසර 20 කට වැඩි කාලයක් සමාගම් 500 කට වැඩි සේවාලාභීන් සංඛ්‍යාවක් සමඟ විවිධ කර්මාන්ත දැවැන්තයින්ගේ මානව සම්පත් අවශ්‍යතා සපුරාලූ MiHCM වෙතින් දැන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරද තම තාක්ෂණික ප්‍රවීණතාවෙන් බලගැන්වීමට අවස්ථාව උදාවී තිබේ.ඒ අනුව කාර්යාලයට පැමිණෙන, විවිධ ශාඛාවල හෝ කාර්යාලවල සේවය කරන හෝ නිවසේ සිට සේවය කරන සේවකයන් පහසුවෙන් කළමනාකරණය කරන්නටත් මෙම යෙදවුම මහත් සේ උපකාර වනු ඇත.

මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් MiHCM හි ප්‍රධාන විධායක නිලධාරී හර්ෂ පුරසිංහ පැවසුවේ, “MiHCM Lite මෘදුකාංගය ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ පුළුල්ව බෙදා හරින්නට ඩයලොග් ආසිආටා සමඟ එක්වන්නට ලැබීම ගැන අපි සතුටට පත් වෙනවා. MiHCM Lite මඟින් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට තම මානව සම්පත් අංශය නවීන ඩිජිටල් මානව ප්‍රාග්ධන කළමනාකරණ විසඳුමකට පරිවර්තනය කරගැනීමට හැකි වෙනවා. අන්තර්ජාතික වෙළඳපොළවල් රැසක් සමග කටයුතු කරන අපිට කොවිඩ්-19 එක්ක ඇතිවුණු තත්වයත් සමඟ අපේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලටත්, ඔවුන්ගේ සේවකයන් කළමනාකරණය කරගන්න මෙය කාලීන විසඳුමක් බව අපට වැටහුණා.” යැයි සඳහන් කළේය.

“ඩයලොග් හි අපි විශ්වාස කරන්නේ, අපගේ ආයතනික ගනුදෙනුකරුවන්ගේ සාර්ථකත්වය සඳහා බාහිර හා අභ්‍යන්තර ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීම ඉතා වැදගත් බව යි. අනාගතයට ගැලපෙන රැකියා පරිසරයක් සමග ඉහළ සේවක අත්දැකීමක් ලබා දීම අපේ අරමුණ යි. ඉතින් දිවයින පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් MiHCM Lite දියත් කිරීමට MiHCM සමඟ හවුල්වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. එමඟින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායන්ගේ මානව සම්පත් ක්‍රියාවලීන් ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ විශේෂාංග වලින් ඔවුන්ව සන්නද්ධ කරමින්, ජාත්‍යන්තර ප්‍රමිතීන් වෙත ඔසවා තබන්නට අපිට හැකි වෙනවා.” යි ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ අදහස් දක්වන ලදී.

සේවකයන් කළමනාකරණය කිරීම, වේලාවට සේවයට පැමිණීම් අධීක්ෂණය, වැටුප් ලේඛන සැකසීම සහ තවත් විශේෂාංග රැසකින් සපිරි MiHCM සමාගමේ මානව සම්පත් කළමනාකරණ මෘදුකාංගය වන MiHCM Lite සමඟ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල කටයුතු පහසු වනවා සේම, මෘදුකාංගය භාවිත කරන ලයිසන් සංඛ්‍යාව අනුව ගෙවීම් කළ හැකි මාසික පැකේජයක්ද එය සතුය. මේ නිසා අමතර ප්‍රාග්ධන වියදමකින් තොරව Microsoft Azure Cloud හි සුරක්ෂිතව ස්ථාපිත MiHCM මෘදුකාංගය භාවිත කිරීමට ආයතනවලට අවස්ථාව උදා වේ.සේවකයන්ටද දවසේ සේවා ආරම්භය සහ අවසානය පහසුවෙන් සනිටුහන් කරන්නටත්, දවසේ කරන්නට ඇති දේවල් හා රැස්වීම් ආදී දෛනික කාර්යාල සිදුවීම් පිළිබඳව පහසුවෙන් දැනුවත් වන්නටත්, නිවාඩු අයදුම් කිරීමටත්, වැටුප් ලේඛන පූර්ව පරීක්ෂාවකට ලක් කිරීමට පමණක් නොව, මානව සම්පත් අංශය වෙතින් පුළුල් සේවාවන් ලබාගැනීමටත් පහසුකම් සැලසේ.

MiHCM Lite ගැන වැඩි විස්තර සඳහා https://business.dialog.lk/products-services/toolsapps/mihcm-lite/ වෙත පිවිසෙන්න.