Body

ඩයලොග් එන්ටප්‍රයිස් ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහයේ ඩිජිටල් අධ්‍යාපනික සහකරු ලෙස සහයෝගීතාවයකට එළඹේ

July 04, 2021         Colombo

 

news-1

ඡායාරූපයේ වමේ සිට දකුණට: ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ ව්‍යාපාර සේවා අලෙවි කළමනාකාර - උවිඳු ඉලේපෙරුම, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර - ඩිජිටල් අධ්‍යාපන - සමීර විජේරත්න, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ තොරතුර් තාක්ෂණ ව්‍යාපාර අංශ ප්‍රධානී වෙනුර මෙන්ඩිස්, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, ගේට්වේ සමූහයේ සභාපති ආචාර්ය හර්ෂ අලස්, ගේට්වේ සමූහයේ අධ්‍යක්ෂ රමන්ත අලස්, ගේට්වේ සමූහයේ උපදේශක නිර්මලී වික්‍රමසිංහ, කොළඹ ගේට්වේ ජාත්‍යනතර පාසලේ විදුහල්පති විනීතා ශෙනෝයි, ගේට්වේ සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තුසිතා ඉලුක්පිටිය.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම අධ්‍යාපනික ආයතනවල ප්‍රසාදය හිමිකරගත් ඩිජිටල් අධ්‍යාපන සහකරුවා බවට පත්වීමේ දැක්ම වෙනුවෙන් කටයුතු කරන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ ව්‍යාපාර විසඳුම් අංශය වන ඩයලොග් එන්ටප්‍රයිස් (Dialog Enterprise),ඩිජිටල් පරිවර්තනයක් කරා යන ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහයේ එකී ගමනට තවදුරටත් අත්වැලක් වෙමින්, පසුගියදා එම පාසල සමඟ සහයෝගීතාවයකට එළඹ තිබේ.

ඩිජිටල් අධ්‍යාපන පහසුකම් වෙනුවෙන් හිතකර ව්‍යාපාරික වටපිටාවක් නිර්මාණය කිරීමේ උසස්ම අදියරට එළඹ සිටින ඩයලොග් එන්ටප්‍රයිස් ආයතනය, මෙරට ප්‍රමුඛතම අධ්‍යාපනික ආයතන පූර්ණ වශයෙන් ඩිජිටල් සේවාවන්ගෙන් බලගන්වමින්, ඒ සඳහා අවශ්‍ය වන තාක්ෂණික හා අනෙකුත් මූලික පහසුකම් සපයමින්, එම ආයතන ඩිජිටල් පරිවර්තනයක් කරා ගෙනයමින් ඒවාට නව මුහුණුවරක් ලබාදීමට කටයුතු කරයි. මෙම දැක්ම අනුව යමින් ගේට්වේ සමූහයට අයත් පාසල් 'ඩයලොග් (DigiEdu) ඩිජිටල් අධ්‍යාපන ආදර්ශ පාසල්' බවට පරිවර්තනය කර එම පාසල් සඳහා සිය පුළුල් සේවාවන් හඳුන්වාදීමට ඩයලොග් එන්ටප්‍රයිස් ආයතනය සැලසුම් කර ඇත.

ඩයලොග් එන්ටප්‍රයිස් සහ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර ඇතිකරගත් මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දැක්වූ ගේට්වේ සමූහයේ සභාපති ආචාර්ය හර්ෂ අලස් මෙසේ පැවසීය.“පාසලක පාලනාධිකාරියක් වශයෙන් අපේ වගකීම වෙන්නෙ ඔවුන් මේ පාසලේ රැඳෙන කාලසීමාවේ සිට මතු දිනෙක විවිධ හැකියාවන්ගෙන් පිරිපුන්, වගකීම්සහගත පුරවැසියෙක් ලෙස සමාජයට එක්වීමට මේ පාසලෙන් පිටව යන දිනය දක්වා, ඔවුන්ව නිසි අධ්‍යාපනයකින් සහ ඊට අදාළ පහසුකම්වලින් සවිබලගැන්වීමයි. මෑතකදී ඩයලොග් සමාගමට අයත් උප සමාගමක් වන H One පුද්ගලික සමාගමේ මැදිහත්වීමෙන් සිදුකළ සියලුම ශිෂ්‍ය බලපත්‍ර Microsoft M365 A3 වෙත යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය හරහා අපේ පාසල් සමූහයට විශාල වටිනාකමක් එක්වූ අතර, ශ්‍රී ලංකාවේ Microsoft බලපත්‍රය හිමි එකම පාසල සහ ලෝකයේ එම වරප්‍රසාදය හිමිකරගත් ආයතන 325 අතරට අයත් ආයතනයක් වශයෙන්ද අප කීර්තියක් අත්කරගෙන තිබෙනවා. ඩයලොග් සමාගම විසින් අපට හඳුන්වාදෙනු ලබන විවිධ නව තාක්ෂණික පහසුකම් උපයෝගී කරගනිමින් ඩයලොග් සමාගම සමඟ ඉදිර්යේදීත් සම්බන්ධවෙමින්, DigiEdu (ඩිජිටල් අධ්‍යාපන) ආදර්ශ පාසලක් වශයෙන් කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අප විසින් අද දවසේ ගන්නා තීන්දු, තීරණ සහ ඉටුකරන කාර්යභාරය හරහා අප පාසලේ අධ්‍යාපනය ලබන සෑම සිසුවෙකුගේම අනාගතය කෙරෙහි සුවිශේෂී බලපෑමක් සිදුකරන බවත් අපි විශ්වාස කරනවා.”

“ගේට්වේ ජාත්‍යන්තර පාසල වැනි මෙරට ප්‍රමුඛතම අධ්‍යාපනික ආයතනයක් වෙනුවෙන් අප සතු විශේෂඥ දැනුම, සහ නවතම විසඳුම් ලබාදීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙම සහයෝගීත්වය හරහා වර්තමාන මාර්ගත ඉගෙනුම් ක්‍රියාවලියට හොඳින් මුහුණදීම සඳහා පාසලේ අධ්‍යයන කාර්යමණ්ඩලයට හා සිසුන්ට විශාල පිටිවහලක් සපයනු ඇති අතර, මේ තුළින් ඔවුන්ට බාධාවකින් තොරව තම අධ්‍යයන කටයුතුවල නියැලීමට අවස්ථාව හිම්වෙනවා වගේම හෙට දවසේ ඩිජිටල් අනාගතයට ඔවුන්ව හොඳින් සූදානම් කිරීමටද සමත් වනු ඇති.” යනුවෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා සඳහන් කළේය.

ගේට්වේ ජාත්‍යන්තර පාසල සහ ඩයලොග් එන්ටප්‍රයිස් අතර ඇතිකරගත් සහයෝගීතාවය හරහා ඉදිරියේදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මකවීමට නියමිතයි. ඒ අතරට ගේට්වේ පාසල් අතර App Challenge නමින් අන්තර් පාසල් තරගමාවලාවක් පැවැත්වෙන අතර, එහි ජයග්‍රාහයකයන්ට ඩයලොග් විසින් සංවිධානය කරන ජාතික App අභියෝගතා තරගය (Natioanl App Challege) සමඟ එක්වීමට අවස්ථාව හිමිවනු ඇත. මීට අමතරව මූල්‍යමය වශයෙන් වාසිදායක සේවාවන් හඳුන්වාදෙන තාක්ෂණ ව්‍යවසායකයින් ඉදිරිපත් කරනු ලබන නවතම සේවාවන් පිළිබඳවද සොයා බැලෙන අතර, ගේට්වේ පාසල තුළ දැනට ක්‍රියාත්මක වන නවෝත්පාදන හා රොබොටික් වැඩසටහන ඩිජිටල් අධ්‍යාපන ආදර්ශ පාසල් වැඩසටහන සමඟ සම්බන්ධ කිරීමට අදහස් කරයි. එමෙන්ම ගේට්වේ පාසලේ ඉගෙනුම ලබන සිසුන්ට ඩයලොග් නවෝත්පාදන මධ්‍යස්ථානය සමඟ සම්බන්ධවී ඔවුන්ගේ නව සංකල්ප හා අදහස් ඉදිරිපත් කිරීමටත් හැකියාව ලැබෙන අතර, එලෙස සාර්ථක වන ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳ විස්තර ඩයලොග් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනු ලැබේ. තවද මේ වසරට යෙදී තිබෙන ගේට්වේ ජාත්‍යනතර පාසලේ රිදී ජුබිලියට සමගාමීව "තුරු" ජංගම යෙදුම ඔස්සේ Hologo මාධ්‍ය උපයෝගී කරගනිමින් ඉගැන්වීමේ සහ ඉගෙනගැනීමේ හැකියාව අත්හදා බැලීමත්,Games හරහා සිසුන් අභිප්‍රේරණය කරමින් ඔවුන්ට leader board සංකල්පය හඳුන්වාදීමත් සිදුකෙරෙනු ඇත. ඩයලොග් සමාගම විසින් වයස අවුරුදු 18 ට වැඩි ශිෂ්‍යයන්ට ඔවුන්ගේ දක්ෂතා සහ සමාගමේ ප්‍රතිපත්තියට යටත්ව පුහුණුවක්ද ලබාදීමට නියමිතයි.