Body

ඩයලොග් එන්ටප්‍රයිස් විසින් ‘Dialog Retail Analytics’ විසඳුම හඳුන්වාදෙයි

මෑතකාලයේ මෙරට ව්‍යාපාර සඳහා හඳුන්වාදුන් විශිෂ්ට ආවේක්ෂණ පද්ධතියක්

ජූනි 06, 2021         කොළඹ

 

news-1

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ ආයතනික විසඳුම් අංශය වන ඩයලොග් එන්ටප්‍රයිස් විසින් Microsoft සහ Zone24x7 (පුද්) සමාගම යන ආයතන සමඟ එක්ව Dialog වීඩියෝ ආවේක්ෂණ පහසුකම් සහිත Retail Analytics විසඳුම හඳුන්වාදීමට කටයුතු කර ඇත. සුරක්ෂිතව, AI - තාක්ෂණයෙන් බලගන්වන ලද වීඩියෝ විශ්ලේෂණ හැකියාවන්ගෙන් යුත් මෙම විශිෂ්ට ආවේක්ෂණ පද්ධතිය මගින් ව්‍යාපාරවලට වඩා ඵලදායී තීරණගැනීමට අත්‍යවශ්‍ය වන වැදගත් දත්ත සහ තොරතුරු අනාවරණය කරගැනීමට බොහෝ සෙයින් උපකාර වනු ඇත.

Dialog Retail Analytics විසඳුම හරහා ඩයලොග් එන්ටප්‍රයිස් හි සේවය ලබාගන්නා පාරිභෝගිකයන්ට ඔවුන්ගේ පාරිභෝගිකයන්ගේ / සේවාවන් ලබාගන්නා පාරිභෝගික ප්‍රජාවගේ මිලදීගැනීමේ සහ ව්‍යාපාරයන්ට අදාළ පරිසරය තුළ හැසිරෙන ආකාරය පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබාගැනීමට ඉවහල්වන ඵලදායී දත්ත ලබාගැනීමට හැකියාව ලැබෙන අතර ඒ ඔස්සේ විකුණුම් කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි තීරණ ගැනීමටත්, සිය අලෙවිකරණ වැඩසටහන් පිළිබඳව ඉදිරි දැක්මකින් ඒවා සැලසුම් කිරීමටත්, වඩා හොඳින් කාර්යමණ්ඩලය කළමනාකරණය කරගැනීමටත්, සේවකයන්ගේ යහපැවැත්ම සහ විකුණුම් ඉහළ නංවමින් තමන් සිදුකරන ආයෝජනයන්ට ඉහළ ප්‍රතිලාභ නැවත ලබාගැනීමටත් මෙතුළින් ඔබට ලැබෙන අවස්ථාව සුවිශේෂී එකකි. එපමණක් නොව, ඔබගේ ව්‍යාපාර ආයතනය සමඟ ගනුදෙනු කරන්නට කොපමණ පිරිසක් අදාළ කාලයක් තුළ රැස්වනවාද යන්න පිළිබඳව සංඛ්‍යාලේඛන ඔස්සේ පැමිණෙන පාරිභෝගිකයන්ගේ වයස් කාණ්ඩ වර්ගීකරණය, ස්ත්‍රී පුරුෂභාවය, ඇතුළු තවත් බොහෝ වැදගත් තොරතුරු පිළිබඳ සැබෑම විශ්ලේෂී තොරතුරු ඔබට ලබාගත හැකි අතර, ඒ තුළින් ඔබට ආදායම් වැඩි කරගන්නට මෙන්ම ලාබදායීත්වය වැඩි කරගන්නට ගතහැකි නිසි ක්‍රියාමාර්ග ගැනීමට ඔබව සවිබලගන්වනු ඇත.

මීට අමතරව ආයතන පරිශ්‍රවල සිදුවිය හැකි අනවසර ඇතුල්වීම් නිරීක්ෂණය කර ඒවා ස්වයංක්‍රියව හසුකරගන්නා විශේෂාංගයක්ද මෙම විසඳුම සතුවේ. එවැනි අනවසර ඇතුල්වීමක් සිදුවූ විට අනතුරු ඇඟවීමේ සීනුවක් හරහා ආයතනයේ නිසි බලධාරීන් ඒ පිළිබඳව දැනුවත් කරන්නට මෙම විසඳුමට හැකියාව ඇත. මෙම විසඳුම සඳහා විශේෂ දෘඩාංගවල කිසිඳු අවශ්‍යතාවයක් මතු නොවන අතර, දැනටමත් උපයෝගී කරගැනෙන පාරිභෝගික කැමරා සමඟ මෙම විසඳුම අන්තර්ග්‍රහණය කිරීම පමණක් ප්‍රමාණවත් වේ. එමෙන්ම Microsoft සමාගමේ සහයෝගීත්වයෙන් ක්‍රියාත්මක Infrastructure As A Service (IAAS) සේවාව හේතුවෙන් Dialog Enterprise පාරිභෝගිකයන්ට ‘Pay-As-You-Use’ යන ගෙවීම් සිදුකරලීමේ විකල්පයද හිමිවේ.

ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ආවේක්ෂණ පහසුකම මගින් ආයතන පරිශ්‍රයක ආරක්ෂාව විශිෂ්ට ලෙස තහවුරු කිරීමට මෙන්ම වැඩි දියුණු කළ පූර්ණ වශයෙන් ස්වයංක්‍රියව AI තාක්ෂණයෙන් බලගැන්වූ විසඳුමක් ලෙස ඔබගේ ආයතනයේ ආරක්ෂාව, විකුණුම්, පාරිභෝගික සේවා යන ක්‍රියාවලීන්හි ඵලදායීතාවය ඉහළ නංවාගනිමින් ව්‍යාපාර ප්‍රගතිය උදෙසා අත්‍යන්තයෙන් බලපාන තීන්දු තීරණ ගැනීමට හැකියාව මැනවින් සැලසේ.

වැඩි විස්තර සඳහා https://business.dialog.lk/products-services/security-surveillance/dialog-retail-analytics-solution/ වෙත පිවිසෙන්න නැතිනම් 0777 887 887 අමතන්න.