Body

ඩයලොග් Club Vision සාමාජිකයින් සහ පාරිභෝගිකයින් සඳහා සුවිශේෂී වැඩසටහන් මාලාවක්

August 24, 2021         Colombo

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගම තම Club Vision සාමාජිකයන්ට සහ පාරිභෝගිකයින්ට අද්විතීය අත්දැකීම් පිරිනැමීමේ ප්‍රයත්නයන්හි තවත් අදියරක් ලෙස අන්තර්ජාලය හරහා සුවිශේෂී වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන් මාලාවේ සමාරම්භය සනිටුහන් වූයේ ඩයලොග් Club Vision සහ SLASSCOM හවුල්කාරිත්වයෙන් පැවැත්වූ ‘බැංකු සහ මුල්‍ය අංශය ස්වයංක්‍රියකරණය පිළිබඳව වැඩසටහනෙනි. ඩයලොග් Club Vision Platinum සහ Gold සාමාජිකයින්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයටද නොමිලේ සහභාගීවීමට අවස්ථාව ලද මෙම වැඩසටහන ඉදිරිපත් කරනු ලැබුවේ JKIT හි දිලිනි ද අල්විස්, මිලේනියම් IT ආයතනයේ සංජය දයානන්ද සහ Potenza ආයතනයේ ධනූෂ මුතුකුමාරණ විසිනි.

එමෙන්ම Club Vision Red සාමාජිකයින්ට ‘COD Mobile Solo Challenge’ නමැති සුවිශේෂී අන්තර්ජාල ක්‍රීඩා තරගාවලිය පවත්වන ලද අතර, මෙම තරගාවලියේදී ජයග්‍රාහකයින් සදහා ආකර්ෂණීය ත්‍යාග පිරිනමනු ලැබීය.

මීළඟ වැඩසටහන වූයේ , SLASSCOM ආයතනය සමඟ එක්ව අවුරුදු 10-16 අතර දරුවන් සඳහා පැවැත්වූ ‘TechKids Summer App Hackathon’ online වැඩමුළුවයි. Ideation, Coding සහ Mobile Application Development යන මාතෘකා යටතේ පැවැත්වූ මෙම වැඩසටහන සැසි හයක් පුරා පැවැත්වූ අතර, ජයග්‍රාහකයින් හට TechKids Coding වැඩසටහනට සහභාගී වීම සඳහා ශිෂ්‍යත්ව ලැබුණි. Coding හී මූලික කරුණු පිළිබඳව ඩයලොග් පාරිභෝගිකයින්ගේ වයස අවුරුදු 12-16 අතර දරුවන් සඳහා SLASSCOM සමඟ එක්ව සිදුකළ තවත් වැඩසටහනක් වන්නේ ‘Kids Can Code 2021’ වැඩසටහනයි. රත්නපුර, කෑගල්ල, අනුරාධපුර, බදුල්ල, හම්බන්තොට, නුවරඑළිය, මාතලේ, අම්පාර සහ මොනරාගල යන දිස්ත්‍රික්ක වල දරුවන් මෙම අවස්ථාවට සක්‍රියව සහභාගී වූ අතර, තාක්‍ෂණික දැනුමක් ඇති සහ අනාගතයට සූදානම් පරම්පරාව දිරිමත් කිරීමේ දැක්මකින් යුත් ඩයලොග් ආයතනය, මේ සියලු වැඩසටහන් සඳහා ආයතනික අනුග්‍රහය දැක්වුයේ මහත් ආඩම්බරයකිනි.

YouTube Live Streaming හරහා පැවැත්වුණු ‘සුවැති දිවියට අත්වැලක්’ වැඩසටහන සමග එක්වීමට ඩයලොග් ජ්‍යෙෂ්ඨ පුරවැසි පාරිභෝගිකයින්ට හැකියාව ලැබුණු අතර. වසංගතය අතරතුර බෝනොවන රෝග පාලනය කිරීම සඳහා ගත හැකි පියවර සහ ශාරීරික යෝග්‍යතාවය සහ මානසික සුවතාවය පවත්වා ගැනීමේ වැදගත්කම යන මාතෘකා මෙම සැසියේදී සාකච්ඡා කෙරිණි. ඒ අනුව, වසංගත කාලය තුළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මානසික යහපැවැත්ම පවත්වා ගැනීම සහ නවීන තාක්ෂණය සමඟින් නව ජීවන රටාවට අනුගත වීම සඳහා සහයෝගය දැක්වීම කෙරෙහි අවධානය යොමු කළ ඩයලොග් සමාගමේ වැඩසටහන් රැසක් අතරට මෙය ද එක් වේ.

ඩයලොග් සමාගම තම වටිනා Club Vision සාමාජිකයින්, පාරිභෝගිකයින් සහ ඔවුන්ගේ පවුල් සඳහා සුවිශේෂී අන්තර්ජාල වැඩසටහන් ඉදිරියේදීත් අඛණ්ඩව සංවිධානය කරනු ලබන අතර, ඩයලොග් Club Vision සාමාජිකයින් සඳහා ලැබෙන සුවිශේෂී දීමනා පිලිබඳව සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලෝයල්ටි වැඩසටහනට සම්බන්ධ වීම පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට MyDialog App එකට හෝ www.dialog.lk/club-vision වෙත පිවිසෙන්න.