Body

‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහන යටතේ අඹගහපැලැස්සට නව සන්නිවේදන කුළුණක්

2021 දී ගම්මාන සහ අති දුෂ්කර ප්‍රදේශ 1028 ක සන්නිවේදන පහසුකම් වැඩි දියුණු කිරීමට සමත් වෙයි

මැයි 30, 2022         කොළඹදී

 

Dialog Commissions New Tower in Ambagahapelessa

ශ්‍රී ලංකාව පුරා පිහිටි අති දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල සම්බන්ධතාවය පුළුල් කිරීම වෙනුවෙන් වූ සිය දැක්මට අනුකූලව කටයුතු කරමින් මෙරට පුළුල්තම සන්නිවේදන ජාලය වන ඩයලොග්, 'සිව් දෙසටම ඩයලොග්' වැඩසටහන යටතේ පසුගියදා මහනුවර දිස්ත්‍රික්කයේ අඹගහපැලැස්ස ග්‍රාමයේ නව සන්නිවේදන කුළුණක් ඉදිකරන ලදී.

අඹගහපැලැස්ස ග්‍රාමයේ ජනතාවට සිය අධ්‍යාපන හා රැකියා අවශ්‍යතා සඳහා අත්‍යවශ්‍ය සබඳතා පහසුකම් සලසාදීම වෙනුවෙන් මෙම ආවරණ කලාපය ප්‍රදේශයේ ජනතා අයිතියට පත් කෙරිණි. රටපුරා සබඳතාවය ශක්තිමත් කරමින් වැඩිදියුණු කිරීමට දරන උත්සාහයේ කොටසක් ලෙස, 2021 දී සාර්ථකව ආරම්භ කරන ලද ‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහන තුළින් 2021 දී ගම්මාන සහ අති දුෂ්කර ප්‍රදේශ 1028ක සන්නිවේදන පහසුකම් වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයාට හැකිවිය.පසුගියදා මහනුවර දිස්ත්‍රික්කයේ අඹගහපැලැස්ස ප්‍රදේශයේ ඉදිකෙරුණු නව සන්නිවේදන කුළුණත් සමඟ එම දිස්ත්‍රික්කයටම අයත් උල්පත්ගම ප්‍රදේශයේද නව සන්නිවේදන කුළුණකුත් ඉදිකිරීමට කටයුතු කර ඇත .මේ හා සමගාමීව මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, බුලනවැව, ගනිමයාය ප්‍රදේශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ මොරපිටිය, අත්වැල්තොට,වලගෙදර සහ කිතුල්ගොඩ යන ප්‍රදේශවලත් සන්නිවේදන කුළුණු ස්ථාපිත කෙරිණි.

තවද මෙවැනි අභියෝගාත්මක කාලසීමාවන්වලදී සන්නිවේදන ආවරණය පුළුල් කරමින් පාරිභෝගිකයින්ට සහාය වීමට අඛණ්ඩව ගන්නා උත්සාහයන් යටතේ ඩයලොග් සමාගම 2021 වර්ෂය තුළ 3,000කට වැඩි සන්නිවේදන කුළුණුවල ධාරිතාව ඉහළ නංවා,නව සන්නිවේදන කුළුණු 453ක් ඉදිකර ඇති අතර, ඩයලොග් ජාලය තුළ 4G මොබයිල් කුළුණු 4,380ක් ඉදිකර ඇත.එය ශ්‍රී ලංකාවේ ඉදිකර තිබෙන වැඩිම සන්නිවේදන කුළුණු සංඛ්‍යාවද වේ. එමෙන්ම අති දුෂ්කර ගම් ප්‍රදේශවලට සන්නිවේදන පහසුකම් සැලසීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා ඩයලොග් සමාගම Green Field කුළුණුවල සේවාව උපයෝගී කරගත් අතර, සන්නිවේදන පහසුකම් අවම ප්‍රදේශවල හදිසි අවශ්‍යතාවයන් වෙනුවෙන් Lamp Pole විසඳුම හරහා සේවාවන් ලබාදීමට කටයුතු කර ඇත. ඩයලොග් ජාලයේ ආවරණය ඉහළ නැංවීම, ජාල අධීක්ෂණය කිරීමෙහි නිරත අන්තර්ජාතික සමාගම්වල ප්‍රශංසාවට ලක්ව තිබෙන අතර Open Signal සමාගම විසින් ‘හොඳම 4G ආවරණය’ / වේගවත්ම Upload සහ ‘Download අත්දැකීම් වෙනුවෙන් ඩයලොග් ආයතනය සම්මානයට පාත්‍ර කර තිබේ. මෙරට ආවරණ පහසුකම් තවදුරටත් ඉහළ නැංවීමට ඩයලොග් සමාගම කටයුතු කරන අතර, 2022 මැද භාගය වන විට 95% කට වැඩි ජනගහණයකට ආවරණ පහසුකම් සලසාදීමට අපේක්ෂා කරයි.