Body

ඩයලොග් ආසිආටා ශ්‍රී ලංකාවේ ‘නිල Esports අනුග්‍රාහකයා’ ලෙස SLESA බලගන්වයි

March 10, 2022         Colombo

 

Anthony Rodrigo, handing over the sponsorship to Raveen Wijayatilake

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන නවෝත්පාදන නිලධාරී ඇන්තනි රොද්‍රිගෝ වෙතින්, යෞවන හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ ඉදිරියේදී, ශ්‍රී ලංකා Esports සංගමයේ සභාපති රවීන් විජයතිලක වෙත අනුග්‍රාහක සමරු ඵලකය පිරිනැමූ අවස්ථාව.

(වමේ සිට දකුණට) ඩයලොග් ආසිආටා පීඑල්සී IdeaMart-ගේමිං නිෂ්පාදන කළමනාකරු අමිත් පෙරේරා, ඩයලොග් ආසිආටා පීඑල්සී IdeaMart සාමාන්‍යාධිකාරී විරංග සෙනෙවිරත්න, ශ්‍රී ලංකා Esports සංගමයේ ලේකම් රමේෂ් ලියනගේ, ශ්‍රී ලංකා Esports සංගමයේ භාණ්ඩාගාරික විකුම් ජයසේකර.

National Team

ඩයලොග් ආසිආටා පීඑල්සී සහ ශ්‍රී ලංකා Esports සංගමය අතර හවුල්කාරිත්වය නිල වශයෙන් සනිටුහන් කිරීමේ අවස්ථාවට එක් වූ ජාතික Esports කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයින්.

(වමේ සිට දකුණට) නදීෂානි ‘Foxy’ ජයසිංහ, ෂිහාබ් ‘Shihab’ රිසාන්, උෂිත් ‘DODOMEISTER’ පීරිස් , ශ්‍රී ලංකා Esports සංගමයේ සභාපති රවීන් විජයතිලක, විභූද ‘ChromnZ’ ද සොයිසා, සංජීවන් ‘ BenJ’ කලෛසන් සහ සහරා ‘Nerd’ තාජුඩීන්.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම මෙරට ඊළඟ පරම්පරාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය බලගන්වන ගමනේ තවත් අදියරක් ලෙස ශ්‍රී ලංකා Esports සංගම‍යේ (SLESA) 'නිල අනුග්‍රාහකයා' ලෙස වසර දෙකක සහයෝගීතාවයකට එළඹ තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික Esports නිල අනුග්‍රාහකයා ලෙස ඩයලොග් සමාගම, SLESA විසින් තෝරාගත් PUBG Mobile, Free Fire, Valorant, DOTA 2, Counter-Strike: GO, Pro Evolution Soccer සහ Tekken 7 යන ක්‍රීඩාවල ජාතික Esports කණ්ඩායම් සඳහා අනුග්‍රහය දැක්වීමට කටයුතු කරනු ඇත. මෙම සහයෝගීතාවය නිසා SLESA හට ඩයලොග් සමාගමේ සහාය ඇතිව දේශීය ක්‍රීඩකයින් සඳහා පුහුණු සහ සංවර්ධන වැඩසටහන් පැවැත්වීමටත්, ජාතික මෙන්ම දිස්ත්‍රික් මට්ටමේ Esports තරගාවලි දියත් කිරීමටටත් අවස්ථාව ලැබේ. වාර්ෂික ‘Dialog-SLESA ජාතික Esports සම්මාන’ උළෙලේදී මෙරට හොඳම Esports ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කෙරේ. මීට අමතරව, දකුණු ආසියාවේ 5G අත්හදා බැලීමේ ජාලයක් දියත් කළ මෙරට පළමු ජංගම දුරකථන ජාලය වන ඩයලොග් සමාගම වේගවත් හා පහසු ක්‍රීඩා අත්දැකීමක් සහතික කරමින් Esports සඳහා අධිවේගී 5G පහසුකම් සපයනු ඇත.

“ඩයලොග් සමාගම වසර ගණනාවක් පුරාවට ශ්‍රී ලංකා Esports සංගමය වෙත මේ දක්වන අනුග්‍රහය හරහා Esports හි දියුණුව වෙනුවෙන් සහායවීම ගැන මම සතුටු වෙනවා,” තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය. “ශ්‍රී ලංකාවේ Esports වල සංවර්ධනයට සහායවීමට මූලිකත්වය ගැනීම පිළිබඳව ඩයලොග් ආසිආටා සමාගමට මගේ ස්තුතිය පුද කරන්න කැමතියි. ඩයලොග් 5G සම්බන්ධතාවයේ බලය සමඟ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ Esports කේන්ද්‍රස්ථානය බවට පත්කරන්න අපට අවස්ථාව ලැබේවි.” ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් SLESA හි සභාපති රවීන් විජයතිලක මෙසේ පැවසීය: “පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව තුළ Esports සීඝ්‍ර ලෙස වර්ධනය වුණා. අපේ තරුණ තරුණියන් කලාපීය Esports තරගවල ප්‍රමුඛත්වය ගන්න දැන් සූදානමින් ඉන්නේ. ඩයලොග් ආසිආටා සමඟ SLESA හි හවුල්කාරිත්වය සමඟින්, ක්‍රීඩාවේ වර්ධනය වේගවත් කිරීමටත්, ආසියානු ක්‍රීඩා උළෙල සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා වැනි Esports තරගාවලි වෙත පිවිසෙන්න අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සවිබලය ලබාදීමටත් අපි සූදානම්.”

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන නවෝත්පාදන නිලධාරී ඇන්තනි රොද්‍රිගෝ මහතා මෙම අවස්ථාවට එක්වෙමින් මෙසේ පැවසීය: “ශ්‍රී ලංකාවේ 'නිල Esports අනුග්‍රාහකයා' බවට පත්වීමට ලැබීම අපට මහත් භාග්‍යයක්. වසංගතය මධ්‍යයේ වුවද, Esports විශාල වශයෙන් ජනප්‍රියවී තිබෙනවා.පසුගිය කිහිපය පුරාවට ඩයලොග් ශ්‍රී ලංකාවේ Esports සංවර්ධනය වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් ලබාදී තිබෙනවා.දැන් SLESA සමඟ ඇති මෙම හවුල්කාරිත්වය නිසා Dialog 5G ජාලය හරහා දිවයින පුරා සිටින පරිගණක ක්‍රීඩකයන්ට තවදුරටත් පහසුකම් සැලසීමටත්, ඔවුන්ගේ හැකියාවන් වර්ධනයටත්, අන්තර්ජාතික Esports තරගාවලි වෙත දොරටු විවර කිරීමටත්, ගේ ක්‍රීඩා කෞශල්‍යය ඉහළ නංවන්නත් අපි බලාපොරොත්තු වෙනවා. SLESA හි සහාය ඇතිව සියලුම ක්‍රීඩකයින්ට වැඩිදියුණු කළ සහ උසස් ක්‍රීඩා අත්දැකීමක් ලබා දීමට අපි ආයෝජනය කරනවා.”

ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලි,පාසල් ලීග් රග්බි, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසැල් ක්‍රිකට් හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය,ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.