Body

හුස්මදෙන තුරු වලට හුස්ම දෙමු පරිසර අමාත්‍යාංශය, ජාතික රූපවාහිිය සහ ඩයලොග් ආයතනය එක්ව දියත් කරනු ලබන නැකතට පැලයක් සිටුවීමේ ජාතික වැඩසටහන.

March 31, 2021        Colombo

 

news-1

පරිසර අමාත්‍යාංශය මගින් දියත් කරන හුස්ම දෙන තුරු “නැකතට පැළයක්” ව්‍යාපෘතියේ සහයෝගික අත්වැල සැපයීම වෙනුවෙන් වන ත්‍රයාපාර්ශවීය අවබෝධතා ගිවිසුම, පරිසර අමත්‍ය ගරු මහින්ද අමරවීර මහතාගේ ඉදිරියේදී එම අමාත්‍යාංශයේ ගරු ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරි, වෙළෙඳ නාම සහ මාධ්‍ය හර්ෂ සමරනායක මහතා සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා අත්සන් තැබු අයුරු. අමාත්‍ය උපදේශක සරත් චන්ද්‍රසිරි විතාන මහතා ද ඡායාරූපයේ වෙති.

news-1

හුස්ම දෙන තුරු ව්‍යාපෘතියේ සහයෝගිතා අත්වැල සැපයීම වෙනුවෙන් වන අවබෝධතා ගිවිසුම, පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරි, වෙළෙඳ නාම සහ මාධ්‍ය හර්ෂ සමරනායක මහතා විසින් හුවමාරු කරගත් අයුරු. පරිසර අමාත්‍යාංහයේ ගරු ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ රූපවාහිනී සංස්ථාවේ ගරු සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක යන මහත්වරුන්ද ඡායාරූපයේ වෙති.

news-1

හුස්ම දෙන තුරු ව්‍යාපෘතිය සමඟ අත්වැල් බැඳගැනීම සංකේතවත් කරමින් පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීම මහතා විසින් යලොග් ආසිආටා පීඑල්සී හි සාමාන්‍යාධිකාරි (වෙළෙඳ නාම සහ මාධ්‍ය) හර්ෂ සමරනායක මහතා වෙත සංකේතාත්මකව පැලයක් ලබාදෙමින්.

මොහොතකට දෙඇස් වසා සිතන්න, මේ ගස් වැල් තුරුලතා වලින් පිරුණු හරිත නිම්නයන් මගින් වැසි ගිය අවට ලෝකය කොතරම් නම් මනස්කාන්තද? සිහිපත් කරන්න, ඔබ හුස්ම ගන්නා සෑම ඔක්සිජන් අංශුවක්ම ලබා දෙන්නේ මේ තුරු වැල්ය, ආහාරයට ගන්නා සෑම දෙයකම ආරම්භය මොවුන් ය. සැබවින්ම අපගේ ජිවිතයේ අයිතිකරුවන් ඔවුන් ය.

මේ සම්බන්ධයෙන් සමාජය තුළ අවබෝධයක් ඇති කරමින්, තුරුලතා සුරකීමේ සහ වැවීමේ සංස්කෘතියක් සමාජය තුළ නිර්මාණය කිරීමේ අරමුණින් පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතාගේ සංකල්පයක් අනුව ශ්‍රී ලංකා පරිසර අමාත්‍යාංශය, ජාතික රූපවාහිනය සහ ඩයලොග් ආයතනයේ සහයෝගීත්වයෙන් යුතුව අලුත් අවරුදු උලෙළට සමාගාමීව 'නැතකට පැළ සිටුවීමේ' ජාතික වැඩසටහන 'හුස්ම දෙන තුරු' ව්‍යාපෘතිය යටතේ දියත් කිරීමට කටයුතු යොදා ඇත. මේ යටතේ පැළ සිටුවීමේ නැකත අප්‍රේල් මස 16 වන දින පෙ.ව 6.41ට එළඹෙන සුුුබ මොහොතින් උදාවේ.

දිනෙන් දින ලංකාව තුළ පරිසර විනාශය සම්බන්ධයෙන් නිර්මාණය වී ඇත්තේ උණුසුම් තත්ත්වයකි. මෙම තත්ත්වය හමුවේ පරිසර අමාත්‍යාංශය මගින් මෙරට වන ඝණත්වය 30%ක් දක්වා වර්ධනය කිරිමේ සුපසන් අදහස ඇතිව "හුස්ම දෙන තුරු" නම් ව්‍යාපාතිය දියත් කිරීමට යොමුවීම කාලීන අවශ්‍යතාවයකි. එමගින් දිනෙන් දින වර්ධනය වන පාරිසරික කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අඩු කර නිරෝගී, වාසයට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම මූලික අරමුණ වේ. පැල සිටුවීම සහ තුරුවැල් ආරක්ෂා කිරීම පාරම්පරික ජනතාවගේ සංස්කෘතියක් වුවද වර්තමානයේදී එය අප සැමගේ දිවියේ සංස්කෘතියෙන් ඉවතට ගොස් ඇත. මෙය නැවත අපගේ ජනතාවගේ දිවියට එක් කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යාංශය මගින් 'හුස්ම දෙන තුරු' ව්‍යාපෘතිය යටතේ, සමස්ත ලාංකීය ජනතාවගේම සංස්කෘතිය උළෙලක් වන සිංහල හින්දු අලුත් අවුරුද්ද කේන්ද්‍ර කර ගනිමින් නැතකට පැැළයක් සිටුවීමේ චාරිත්‍රයක් හඳුන්වා දීමට යොමුව ඇත.

ආසන්න වශයෙන්න ශ්‍රී ලංකාවේ ඇති මිලියන 5කට අධික වූ නිවෙස් ප්‍රමාණයෙන් සෑම නිවසකම නැකතට පැලයක් සිටුවීම තුළින් මිලියන 5ක පමණ පැල ප්‍රමාණයක් මිහි මවට දායාද කරමින්, එම පැල විසල් රුක් ලෙස වර්ධනය වන තෙක් ආරක්ෂාකර, ජාතික කාර්යයකට ජනතාව පොළඹවමින්, තුරුලතා සමඟ බැඳී තිබ‍ූ අපගේ සංස්කාතිය අලුත් කිරීම මේ අලුත් අවුරුදු උදාවේ මූලිකම අරමුණ වේ.

එකට එක්ව, එකම වෙලාවට පොදු පරමාර්ථයකින් එකම කාර්යයක නිරතවීමේ මහා සංස්කෘතිය ඇති අභිමානවත් ජාතියක් වූ අප මෙවර සැරසෙන්නේ, කිසිදු ප්‍රති උපකාරයක් අපේක්ෂා නොකරණ, අපගේ පෝෂණය වෙනුවෙන්, අපගේ ජීවිතය වෙනුවෙන් මෙන්ම අවසානයේදී අප වෙනුවෙන්ම මියැදෙන ඒ මහා පරාර්ථකාමී තුරුලතා වෙත අපගේ ගෞරව පුද කිරීමටයි. මිලියන පහකට ආසන්න පැල ප්‍රමාණයක් සිටුවමින් රුක් රෝපණයේ සහ ආරක්ෂා කිරීමේ වටිනාකම රටට ලෝකෙට පෙන්වාදෙමින්, ගස් වැල් ආරක්ෂා කිරීමේ මහා ජාතියක කොටස් කරුවන් වෙමින් ඔබත් මෙවර පැලයක් රෝපණය කරමින්, හුස්ම දෙන තුරු රැකිමට එක්වන්න.