Body

‘Industry Symposium 2023’ ප්‍රදර්ශනය සඳහා ඩයලොග් සමාගම SLIIT ආයතනය සමඟ අත්වැල් බැඳගනී

අප්‍රේල් 19, 2023         කොළඹදී

 

e-Swabhimani Awards

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි ලිමිටඩ් ආයතනයේ (SLIIT) ඉංජිනේරු පීඨය විසින් මාලබේ SLIIT විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පසුගියදා සංවිධාන කළ ‘Industry Symposium 2023’සඳහා ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමද සිය සහයෝගය ලබාදීමෙන් දායක විය.

විවිධ ක්ෂේත්‍රවල පුරෝගාමීන් ඒකරාශී කරගනිමින් වර්තමානයේදී කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණපා සිටින අභියෝග හා ගැටලු අවධානයට ලක් කරමින් ක්ෂේත්‍රයට නවෝත්පාදන විසඳුම් ලබාදීම වෙනුවෙන් වෘත්තීයවේදීන් සමඟ මනා සහයෝගීතාවයක් ඇතිකරගත හැකි වාතාවරණයක් සකසාගැනීම මෙම සම්මේලනයේ අරමුණයි. ඩයලොග් සමාගම හැරුණු විට Zone 24x7, Meu Labs, ACL Cables, LTL, MIDAS, MAS, Magicbit, Divor Automation, සහ FIMER යන ආයතන මෙම සම්මේලනය සඳහා එක්වූහ. වත්මන් ආර්ථික තත්වය හමුවේ කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණපා සිටින විවිධ ගැටලු හා අභියෝගයන්ට සාර්ථකව ප්‍රතිචාර දැක්විය හැකි විසඳුම් ලබාදීමට කර්මාන්ත ක්ෂේත්‍රයේ නිපුණයන් හා වෘත්තීයවේදීන් මෙහිදී සිය දැනුම සහ අත්දැකීම් බෙදාගත්හ.

‘Industry Symposium 2023’ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන නවෝත්පාදන නිලධාරී සහ ප්‍රධාන සැලසුම් නිලධාරී ඇන්තනි රොද්‍රිගෝ මහතා “නවෝත්පාදන සහ තාක්ෂණය අතින් ඉදිරියෙන්ම සිටින සමාගමක් වශයෙන් අපේ රටේ නවෝත්පාදන ක්ෂේත්‍රයේ දක්ෂයින්ට ඔවුන්ගේ නිර්මාණශීලී හැකියාවන් සමඟින් නවෝත්පාදන එළිදක්වන්නට හැකි පසුබිමක් ඔවුන්ට උදාකරදීම වෙනුවෙන් අපි කැපවී සිටිනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල 12 ක් ආශ්‍රිතව ස්ථාපිත කර තිබෙන 'Dialog Future Zone' නවෝත්පාදන මධ්‍යස්ථාන, වර්තමාන ලෝකයේ හා සමාජයේ අපිට පැන නගින සැබෑ ගැටලුවලට නවෝත්පාදනයන්ගෙන් පිරිපුන් වාසිදායක විසඳුම් හඳුන්වාදීම වෙනුවෙන් නිමැවූ කදිම තෝතැන්නක්. රටේ අනාගත නවෝත්පාදකයන්ට යහපත් හෙටක් උදාකරදීම සඳහා ඔවුන්ට අවශ්‍ය දැනුම, තාක්ෂණය සහ මගපෙන්වීම අප විසින් සලසාදිය යුතු බව අපි විශ්වාස කරනවා.ඔවුන්ගේ නිර්මාණශීලී නවෝත්පාදන හැකියාවන් ඔප්නැංවිය හැකි යහපත් වාතාවරණයක් සකසාදීම හරහා අභියෝග හා සීමාවන්ට නොබියව මුහුණදී තමන්ට විවර වන අසීමිත අවස්ථාවන්ගෙන් උපරිම ඵල නෙළාගන්නා පිරිසක් අපට සමාජයට දායාද කළ හැකි වෙනවා.”

මෙම අවස්ථාවට එක්වූ ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ සාමාන්‍යාධිකාරී සහ සම්මේලනයේ ප්‍රධාන දේශක නරේන්ද්‍ර ද සිල්වා මහතා විසින් කර්මාන්ත ක්ෂේත්‍රයේ නිපුණයන් හා වෘත්තීය ශ්‍රාස්ත්‍රවේදීන් අතර සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළේය.LECO ජාලයේ Smart Electricity meters සන්නිවේදන මොඩියුල නිර්මාණය කිරීමේදී ඩයලොග් සමාගම සමඟ කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූයේය.කර්මාන්ත ක්ෂේත්‍රයට ප්‍රායෝගිකව භාවිත කිරීමට අවස්ථාවක් සලසා දී නොමැති විශ්ව විද්‍යාල සමීක්ෂණයකින් කිසිඳු ඵලක් නැහැ. ඒවගේම තමයි කර්මාන්ත ක්ෂේත්‍රයේ මූලාරම්භයක් හරහා විශ්වවිද්‍යාල සමීක්ෂණයකට අවස්ථාවක් සලසා නොදෙන්නේ නම් එයින්ද කිසිඳු ප්‍රයෝජනයක් නැහැ. ශ්‍රී ලංකා වෙළඳපොලේ අඩුවක්ව පවතින මෙම ක්‍රියාවලිය තුළ Future Zone, මැහුම් ක්ෂේත්‍රයේ සහ වෘත්තීය ක්ෂේත්‍රයේ මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙනවා.

SLIIT ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන් තිලකසිරි මහතා ප්‍රකාශ කළේ, "SLIIT හි දැක්ම අනුව, ඉංජිනේරු පීඨය කර්මාන්ත ක්ෂේත්‍රය සමඟ ශක්තිමත් සම්බන්ධතා ගොඩනගමින් අපේ විශ්වවිද්‍යාල සිසුන්ට ඔවුන්ගේ අවසන් වසරේ ව්‍යාපෘති ලෙස කර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යාපෘති තෝරාගැනීමට අවස්ථාව ලබාදෙනවා.මෙම සම්මේලනය හරහා සිසුන්ට ඒ සඳහා පහසුකම් සැලසෙනවා.කර්මාන්ත ක්ෂේත්‍රයේ සමීක්ෂණ අවශ්‍යතා සම්බන්ධයෙන් සිසුන්ව දැනුවත් කරන මෙන් අපි ඔවුන්ගෙන් ඉල්ලා තිබෙනවා.SLIIT ඉංජිනේරු පීඨය සහ ඩයලොග් සමාගම අතර පවතින මේ සහයෝගීතාවයට දිගු ගමනක් යා හැකිවේ යැයි අපි විශ්වාස කරනවා.”