Body

දිවයිනේ මහජන සෞඛ්‍ය නිලධාරී ක්ෂේත්‍රය බලගැන්වීමට ඩයලොග් ආසිආටා නිල සන්නිවේදන සම්පාදකයා ලෙස අත්වැල් බැඳගනී

මාර්තු 14, 2021        කොළඹ

 

news-1

ඡායාරූපයේ වමේ සිට දකුණට: ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ අංශ කළමනාකාර - මහා පරිමාණ ව්‍යාපාර - සුමේධ හේරත්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සාමාන්‍යාධිකාරී - මහා පරිමාණ ව්‍යාපාර - රොෂාන් සිල්වා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, සෞඛ්‍ය අමාත්‍ය, ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ සෞඛ්‍ය අමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම් කාංචන ජයරත්න.

ගෝලීය වසංගත තත්වයට එරෙහිව සටන් කිරීමෙහිලා සෞඛ්‍ය අංශ ඵලදායී ලෙස බලගැන්වීමේ දැඩි අවශ්‍යතාවය හමුවේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ගේ විෂය පථය යටතේ ඇති සියලු මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා, එනම් රටපුරා විහිදී සිටින ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, වසංගත රෝග විද්‍යාඥයන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා නිල සන්නිවේදන සම්පාදකයා ලෙස ඩයලොග් ආසිආටා (ඩයලොග්) ආයතනය අත්වැල් බැඳගෙන තිබේ. මේ යටතේ දිවයිනේ සමස්ත මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා අදාළ සම්බන්ධතා ජාලය තුළ නොමිලේ නිල සන්නිවේදන පහසුකම් ලබාදීමට කටයුතු කරන ලදී. එසේම නම් කරන ලද ප්‍රදේශවල සිටින මහජන සෞඛ්‍ය නිලධාරීන් සඳහා ලබාදී ඇති මෙම නිල දුරකථන අංක, https://alt.army.lk/phi2/ වෙත පිවිස මහජනතාවට පහසුවෙන් ලබාගත හැකි අතර,නිලධාරීන්ගේ වෙනස්වීමක් හෝ ස්ථාන මාරුවක් සිදුවුවද එම ප්‍රදේශයට අදාළ අංක නොවෙනස්ව පවතිනු ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආයතනය විසින් සපයනු ලබන මෙම විශේෂිත සේවාව හරහා ශක්තිමත් සම්බන්ධතා ජාලයක් ඇති කරනු ලබන අතර, එමඟින් සෞඛ්‍ය අමාත්‍යාංශයට සිය මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වඩාත් ඵලදායී ලෙස මෙහෙයවීමට හැකියාව ලැබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව ඩයලොග් ආයතනය විසින් සිදු කරන මෙම වැඩසටහන හරහා සෞඛ්‍ය සේවා සැපයීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම අරමුණු කර ඇත. මෙම සේවාව දැනට පවතින පද්ධති හා ඒකාබද්ධ කර තවදුරටත් පුළුල් කළ හැකි අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන, ත්‍රිවිධ හමුදා, රාජ්‍ය පරිපාලන කාර්ය මණ්ඩල සහ තවත් බොහෝ අංශ සඳහා අදාළ සම්බන්ධතා ජාලය තුළ නොමිලේ සන්නිවේදන පහසුකම් ඉදිරියේදී සපයනු ලැබේ.

සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි (නීතීඥ) මහත්මිය සිය අදහස් දක්වමින් පවසා සිටියේ “ශ්‍රී ලංකාව තුළ මෙම වසංගත තත්වය මැඩපැවැත්වීමේ අපගේ ජාතික ප්‍රයත්නයන්හි දී සෞඛ්‍ය අමාත්‍යාංශයට අඛණ්ඩව සහයෝගය ලබාදීම පිළිබඳව ඩයලොග් ආසිආටා ආයතනයට අපි ස්තූතිවන්ත වෙනවා. මෙම සන්නිවේදන සේවා තුළින් අපගේ මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සෞඛ්‍ය සේවා ප්‍රයත්නයන් වඩාත් ඵලදායීව හා ආරක්ෂිතව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදාවෙනවා. ඩයලොග් ආයතනයේ සහාය ඇතිව අනෙකුත් රජයේ ආයතන සඳහා ද මෙම සේවාව ලබාදීමට අපි බලාපොරොත්තු වන අතර, එමඟින් පූර්ණ වශයෙන් සම්බන්ධිත, විධිමත් ජාතික සේවා සැපයීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම අරමුණු කරයි.”

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා ආයතනයේ සමූහ ප්රධාන විධායක සුපුන් වීරසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය, “මෙරට සෞඛ්ය ක්ෂේත්‍රයට ඩයලොග් සන්නිවේදන ජාලයේ ශක්තිය ලබාදීමට අපට අවස්ථාවක් ලබාදීම පිළිබඳව අපි ස්තූතිවන්ත වෙනවා. සෞඛ්ය අමාත්යාංශයේ සහාය ඇතිව මෙම සන්නිවේදන සේවා පුළුල් ලෙස යොදා ගැනීම තුළින්, සෞඛ්ය ක්ෂේත්රයේ ක්රියාවලීන් බාධාවකින් තොරව, වේගවත්ව සහ සරලව ක්රියාත්මක කිරීමට හැකියාව ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.”