Body

ඩයලොග් ආසිආටා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් 12ක ඔක්සිජන් අවශ්‍යතා සපුරාලයි

ඩයලොග් විසින් සෞඛ්‍යාආරක්ෂණ අංශය නැංවීමට රු.මිලියන 400කට අධික ආයෝජනයක්

March 10, 2022         Colombo

 

Dialog Axiata Donation Meets Essential Oxygen Requirements at 12 Hospitals Under MOH

වමේ සිට දකුණට: ජෙයරාජසිංහම් අයිංගරාරාජ් මහතා- විශේෂඥ - සමූහ තිරසර, ඩයලොග් ආසිආටා පීඑල්සී, අසිත් ද සිල්වා මහතා- ජ්‍යෙෂ්ඨ කළමනාකාර සමූහ තිරසර, ඩයලොග් ආසිආටා පීඑල්සී, එස්.ඒ.ජේ කරුණාතිලක මහතා- නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (BMES), සුපුන් වීරසිංහ මහතා- සමූහ ප්‍රධාන විධායක, ඩයලොග් ආසිආටා පීඑල්සී, සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය එස්.එච් මුණසිංහ මහතා, වෛද්‍ය අන්වර් හම්දානි මහතා, අධ්‍යක්ෂ, වෛද්‍ය තාක්ෂණ සහ සැපයුම්, සම්බන්ධීකරණ ප්‍රධානී/කොවිඩ්-19

වසංගත තත්ත්වය මැඩ පැවැත්වීමේ ජාතික ක්‍රියාන්විතය සවිබලගැන්වීමේ තවත් පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී. සමාගම විසින් ශ්‍රී ලංකාව පුරා රෝහල් 12ක අවශ්‍යතාව සපුරාලීම සඳහා අවශ්‍ය ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරන ලදී.

ඔක්සිජන් නිපදවීම හා සිලින්ඩර පිරවීම සඳහා වූ උපාංගයන් ඇතුළත් මෙම ලීටර් 10ක ධාරිතාවයෙන් යුතු ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සියලුම පළාත් ආවරණය වන පරිදි තෝරාගත් රෝහල් හා කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථාන 12ක බරපතල කොවිඩ් -19 තත්ත්වයන් හා අනෙකුත් ශ්වසන රෝග සඳහා ප්‍රතිකාර කිරීම පිණිස බෙදා හරිනු ලබයි. මෙරට ජාතික සෞඛ්‍යාරක්ෂක ප්‍රයත්නයන් බලගැන්වීම උදෙසා ඩයලොග් විසින් ඉකුත් සමයේ සිදුකරන ලද මෙවැනි ආකාරයේම වූ ප්‍රදානයන් රැසක් අනුව යමින් මෙම පරිත්‍යාගය සිදුවන අතර මෙතෙක් මෙම කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 446ක වැයක් ඩයලොග් විසින් දරා ඇත.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා “සමස්ත ලෝකයම වසංගතයේ බලපෑමට නතුවෙද්දී, හැකි සෑම අයුරකම සහයෝගය ලබාගැනීමට අපට සිදුවුණා..එසේම ඒ හැම අවස්ථාවකදීම අපේ කටයුතු වෙනුවෙන් නොමසුරුව උපකාර කිරීමට ඩයලොග් ඉදිරිපත් වුනා. වසංගතය සමනය වීමට පටන්ගත් පසුව පවා, තම සහය අඛණ්ඩව අප වෙත ලබාදීමට සැදී පැහැදී සිටි ඩයලොග් සමාගමට අපි ස්තුතිවන්ත වෙනවා. සෞඛ්‍යය යනු රජයේ සුබසාධන ක්ෂේත්‍රයක් නමුත් ඩයලොග් මෙම සුබසාධනයේ කොටසක් බවට නිබඳවම පත්වුනා.” යැයි පැවසීය.

ඩයලොග් ආසිආටා පීඑල්සී සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා අදහස් දක්වමින් “රජයත්, සෞඛ්‍ය අමාත්‍යංශයත්, වසංගතය සමනය කිරීම උදෙසා ඉදිරි පෙළ සිට වෙහෙස නොබලා කැපවූ සියලුදෙනාත්, වසංගතය සමනය කිරීම වෙනුවෙන් සිදුකළ ඒ සාමුහික උත්සහය සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා.සෞඛ්‍ය අමාත්‍යංශයේ තෝරාගැනීමට අනුව, අත්‍යවශ්‍ය රෝහල් 12ක් වෙනුවෙන් මෙම ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර පරිත්‍යාග කිරීමට හැකිවීම අපට සතුටක්. කොවිඩ්-19 අවම කිරීමේ ජාතික ප්‍රයත්නයට තවදුරටත් සහය දැක්වීමට අප කැපවී සිටිනවා.” යි පවසන ලදී.