Body

Dialog අඛණ්ඩව තෙවැනි වසරටත් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ලෙස Brand Finance වෙතින් සම්මානයට පාත්‍ර වෙයි

මැයි 30, 2021         කොළඹ

 

news-1

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, අඛණ්ඩව තෙවන වරටත් ‘ශ්‍රී ලංකාවේ වටිනාම වෙළඳ නාමය’ බවට ලොව ප්‍රමුඛතම ස්වාධීන වෙළඳ නාම තක්සේරුකරණ උපදේශන ආයතනය වන බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් නම් කරනු ලැබීය. වාර්ෂිකව 18 වන වරටත් පැවැත්වුණු තක්සේරුකරණයේදී ඩයලොග් සමාගම වෙත මේ වටිනා ගෞරව සම්මානය පිරිනැමුණු අතර, අඛණ්ඩව 7 වන වරටත් AAA වෙළඳ නාම ශ්‍රේණිගත කිරීම සහ අඛණ්ඩව 14 වන වරටත් ‘වටිනාම විදුලි සංදේශ වෙළඳ නාමය’ යන සම්මානයද ලබා ගන්නටත් ඩයලොග් සමත්වූයේ ශ්‍රී ලාංකේය ජන ජීවිත සවිබලගන්වමින් ශක්තිමත් කරන සිය සන්නාමයේ ආචාර ධර්ම යළි යළිත් තහවුරු කරමිනි. ශ්‍රී ලාංකීය සිත් සතන් තුළ නොමැකෙන නාමයක් සනිටුහන් කිරීමට සමත් වූ ඩයලොග් සන්නාමය ‘වඩාත්ම ආදරය කරන විදුලි සංදේශ සන්නාමය’ ලෙසින්ද අභිෂේක ගැන්විණි.

ගතවූ වසර 25 තුළ ශ්‍රී ලාංකේය ජන ජීවිත සහ ව්‍යවසාය සවිබලගන්වමින් ශක්තිමත් කිරීම සඳහා වූ ඩයලොග් ආයතනයේ අභිමතාර්ථය සහ ඒ වෙනුවෙන් දක්වන ලද අප්‍රතිහත කැපවීම ඩයලොග් සන්නාමයේ ශක්තිය කෙරෙහි බලපෑ ප්‍රධාන සාධක විය. සිය සන්නිවේදන ධාරිතාවයත් සන්නාමයේ ශක්තියත් උපයෝගී කරගනිමින් ප්‍රජාව කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමට සමත් වූ විසඳුම් ලබාදීමට ඩයලොග් සමාගමට හැකිවිය. ඩයලොග් සන්නාමය සහ එහි වටිනාකම් සම්බන්ධයෙන් මිලියන 16 කට අධික පාරිභෝගිකයන් සතු විශ්වාසය සහ ළබැඳියාව සමාගමට ලැබෙන මෙවැනි ඇගයීම් තුළින් මැනවින් පිළිබිඹු වේ.

කොවිඩ් - 19 ගෝලීය වසංගතයේ බලපෑමෙන් එල්ල වූ අභියෝග ජයගැනීම සඳහා සිය පාරිභෝගිකයන්, සහෘදයින්, ප්‍රජාව සහ සමස්ත රටවැසියන්ට සහාය වෙමින් ශක්තියක්වීම කෙරෙහි ඩයලොග් දැක්වූ අපරිමිත උත්සාහයද බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වෙතින් ලද මෙම ඇගයීම තුළින් මැනවින් නිරූපණය කෙරේ. කොවිඩ් කාලසීමාව තුළ ජාතික සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට පූර්ණ සහාය ලබාදෙමින් රට හමුවේ තිබූ දැවැන්තම අභියෝගලට පිළිතුරක් වන තාක්ෂණික විසදුම් හඳුන්වාදීමේ කාර්ය වේගවත් කිරීමටද ඩයලොග් කටයුතු කරන ලදී.Online පහසුකම් හා සේවාවන් දෛනික අවශ්‍යතාවයක් බවට පත්වෙද්දී, ඒ වෙනුවෙන් දිනෙන් දින ඉහළ යන පුද්ගල සහ ව්‍යාපාරික අවශ්‍යතා ඉටුකරමින්, ඔවුන්ට අඛණ්ඩව රැකියාවේ සහ අධ්‍යාපන කටයුතුවල නියැලීමට නවතම ඩිජිටල් සේවාවන් හඳුන්වාදීමට කටයුතු කෙරිණි.

ඩයලොග් සමාගම ලද ඇගයීම පිළිබඳව සිය අදහස් පළකළ බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා (පුද්) ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රුචී ගුණවර්ධන “වසර ගණනාවක් තිස්සේ ශක්තිමත් සන්නාමයක් ලෙස වැජඹීමට හැකියාව ලැබීම නිසා ඩයලොග් සමාගමට යළිත් වරක් ‘වටිනාම වෙළඳ නාමය’ බවට පත්වීමට හැකිවී තිබෙනවා. විශ්වාසය තැබිය හැකි සහ යමක් අපේක්ෂා කළ හැකි සන්නාම කෙරෙහි පාරිභෝගිකයන් වැඩි නැඹුරුවක් දක්වන මෙවැනි කාලසීමාවක ඩයලොග් සන්නාමයට වටිනාකමක් එක් කිරීමට එම ආයතනයට හැකිවී තිබෙනවා.”

“අඛණ්ඩව තෙවන වරටත් ‘ශ්‍රී ලංකාවේ වටිනාම වෙළඳ නාමය’ බවටත්, 14 වන වරටත් ‘වටිනාම විදුලි සංදේශ වෙළඳ නාමය’ යන සම්මාන ලබාගැනීමට හැකිවීම අපට විශාල ගෞරවයක්. පුරා වසර 25 ක් අනාගතය නිර්මාණය කිරීමේ කාර්යයේ නියැලුණු අපට මහත් ශක්තියක් වෙමින් අපව නිබඳව දිරිගැන්වූ පාරිභෝගිකයන්ට අපගේ ප්‍රණාමය පුදකර සිටිනවා.අපගේ හිතවත් පාරිභෝගිකයන්ට හෘදයාංගම සේවාවක් ලබාදෙමින් ‘අනාගතය අද’දවසේ නිර්මාණය කිරීම අපේ සන්නාමය සතු ශක්තියයි. ඩිජිටල් පරිවර්තනයක් කරා රටක් වශයෙන් අප පියනගන ගමන සවිබලගැන්වීම සඳහා මෙම කාලසීමාවේදී සමාජීය අරමුණක් සහිත විසඳුම් නිර්මාණය කරමින්, සුදුසු ව්‍යාපෘතීන් සඳහා ආයෝජන සිදුකිරීමට අප කටයුතු කරනවා.” යනුවෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා පැවසීය.

බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් යනු ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 20 කට අධික සංඛ්‍යාවක ශාඛාවන් ඇති ලොව ප්‍රමුඛතම ස්වාධීන වෙළඳ නාම තක්සේරුකරණ උපදේශන ආයතනයයි. වෙළඳ නාමවල මූල්‍ය වටිනාකම ගණනය කිරීමෙන් බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් අලෙවි සහ මූල්‍ය ක්ෂේත‍්‍රයන් එකිනෙක සබඳනු ලබයි. වෙළඳ නාම ශ්‍රේණිගත කිරීම සඳහා වෙළඳ නාම වටිනාකම් ගණනය කිරීමේදි රෝයල්ටි රිලීෆ් ප‍්‍රවේශයත්, ISO 10668 හි දක්වා ඇති කර්මාන්ත ප්‍රමිතීන්ට වෙළඳ නාමයන් දක්වන අනුකූලතාවත් ඔවුන් ප්‍රධානව සැලකිල්ලට ගනියි. ඔවුන්ගේ ප්‍රධාන කාර්යභාරය වන්නේ හිමිකම් භාගය ගණනය කරමින් වෙළඳ නාමය අනාගතයේ ලබන ආදායම් තක්සේරු කිරීමත්, ඉන් වෙළඳ නාමයේ වටිනාකම, ශුද්ධ ආර්ථික ප්‍රතිලාභයක් ලෙස ඉස්මතු කිරීමත්ය. මෙම තක්සේරුකරණය නිසා වෙළඳ නාම හිමිකරුවන් හට විවෘත වෙළඳපොළ තුළ වෙළඳ නාමයට බලපත‍්‍ර ලබාදීමේදී ප‍්‍රතිලාභ ලබන්නට අවස්ථාව හිමි වේ.