Body

T20 ලෝක කුසලානය සඳහා ඩයලොග් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දිවයින පුරා ස්ටිකර් ප්‍රචාරණ වැඩසටහනක් ආරම්භ කරති

October 25, 2021         Colombo

 

Upul Nawaratne Bandara, Head of Marketing, SLC pasting the Ape Kollo World Cup Campaign sticker on a vehicle of a Sri Lanka Cricket fan

ශ්‍රී ලංකා ක්‍රිකට් අලෙවි ප්‍රධානී උපුල් නවරත්න බණ්ඩාර, විසින් අපේ කොල්ලෝ ලෝක කුසලාන තේමා ස්ටිකරය ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයෙකුගේ වාහනයක ඇලවීම

Highlights from the sticker campaign which started at the SLC headquarters

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයෙන් ඇරඹුණු ස්ටිකර් වැඩසටහනේ විශේෂ අවස්ථාවන්

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහක සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සබඳතා සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග එක්වෙමින්, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය අභියස සිට ඒ සඳහා ප්‍රේක්ෂකයන් පෙළගැස්වීම වෙනුවෙන් දීපව්‍යාප්ත ස්ටිකර් ප්‍රචාරණ වැඩසටහනක් ආරම්භ කරන ලදි.

මෙම වැඩසටහන, පන්දුවාර 20 ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දිරිදීම පිණිස නිර්මානය වූ ‘අපේ කොල්ලෝ’ ගීතය එළිදැක්වීමට සමගාමීව ක්‍රියාත්මක වන්නකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයෙන් ඇරඹුණු මෙම ස්ටිකර් වැඩසටහන දිවයිනේ සියළු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන අතර සියත මාධ්‍ය ජාලය මෙම වැඩසටහනට මාධ්‍ය දායකත්වය ලබා දෙනු ඇත.

මෙම ‘අපේ කොල්ලෝ’ ගීතය මහත් ජනාදරයට ලක්ව ඇති අතර එය එළිදක්වා දින දෙකක් තුළ ‘යූ-ටියුබ්’ සමාජ මාධ්‍ය වේදිකාවේ ට්‍රෙන්ඩින් බවට පත්විය. ‍මෙම ‘අපේ කොල්ලෝ’ ගීතය මෙරට සුවිශේෂී ගායන තරු මෙන්ම ඩයලොග් සන්නාම තානාපතිවරු වන භාතිය සහ සන්තුෂ්, උමාරියා, යොහානි, සංඛ දිනෙත්, සජිත සහ සනුකගේ හඬින් ගැයෙන අතර ‘අපේ කොල්ලෝ’ ගීතයේ දමිළ බසින් ගායනයට මධුවී සහ ආරාධිත ශිල්පියකු වන රෝයි එක්වෙති. මෙම ගීයේ පද නිර්මාණය Triad විසින් කර ඇති අතර සියලු ශ්‍රී ලාංකිකයන්ගේ පැතුම් යා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දුවාර 20 ලෝක කුසලාන ගීතය එළිදැක්වීම ඩයලොග් ආසිආටා සමාගම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකතුවෙන් සිදුවුනි.

‘අපේ ‍කොල්ලෝ, පන්දුවාර 20 ලෝක කුසලාන ගීතය වෙත පහත සබැඳියෙන් පිවිසිය හැක. https://www.youtube.com/watch?v=LH7eEN7SrYs