Body

Dialog Power Plan Unlimited සම්බන්ධතා සමඟින් Unlimited YouTube අත්දැකීමක්

අප්‍රේල් 07, 2022         කොළඹ

 

BINGE ON with Unlimited YouTube on Your Unlimited Dialog Power Plan

අලුත් පුවත් එසැණින් දැනගන්න, හිතෙන වෙලාවට හිත ප්‍රබෝධමත් කරවන දෙයක් නරඹන්න, විවේකයෙන් ඉන්න අතරේ අලුත්ම trends ගැන දැනගන්න ඕන වුණාම බොහෝ දෙනාගෙ වැඩි අවධානය යොමු වෙන්නෙ YouTube වලට.දිනෙන් දින සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන පාරිභෝගිකයන්ගේ මේ අවශ්‍යතාවය පැහැදිලිව හඳුනාගත් ඩයලොග් සමාගම තම Unlimited Power Plan පසුගෙවුම් පාරිභෝගිකයන් සඳහා සුවිශේෂී මිලකට Unlimited YouTube සමඟින් මාසයක් පුරාවට නොනවතින වීඩියෝ අත්දැකීමක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

Dialog පාරිභෝගිකයන්ට තමන්ගේ Unlimited Power Plan පසුගෙවුම් පැකේජයෙන් මෙම විශේෂ පහසුකම Activate කර ගත හැකි අතර මාසයක් සඳහා රු.100/- ක් වැනි විශේෂ මිලකට Data කැපෙන්නේ නැතුව හිතේ හැටියට Unlimited YouTube අත්දැකීමක් ලබාගන්න පුළුවන්. මේ විශේෂ පහසුකමට අමතරව Unlimited Power Plan පසුගෙවුම් පාරිභෝගිකයන්ට 50GB දක්වා Anytime Data සමඟ Unlimited Calls සහ SMS ද හිමිවේ.

Dialog Power Plan යනු ශ්‍රී ලංකාවේ වාසිදයකතම මොබයිල් පසුගෙවුම් පැකේජ වන අතර පාරිභෝගිකයන්ට තමන්ගේ අවශ්‍යතාවයට අනුව තෝරාගැනීමට රු.1000/- සිට Unlimited පැකේජ රැසක් ඇත.ඕනෑම Dialog පෙරගෙවුම් සහ පසුගෙවුම් පාරිභෝගිකයෙකුට MyDialog App එක හරහා තම පැකේජය ඉතා පහසුවෙන් Power Plan පැකේජයකට මාරු කරගත හැක. නව සම්බන්ධතාවයක් Dialog.lk හරහා online order කර හෝ ඕනෑම Dialog පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකින් හෝ බලයලත් අලෙවි නියෝජිතයෙකුගෙන් ලබාගත හැක. මීට අමතරව රු.3300/- Dialog Power Plan Unlimited පැකේජය සමඟ Dialog Club Vision සාමාජිකත්වය හිමිවන අතර, ඒ හරහා නවතම Smartphone සහ උපාංග, හෝටල් ,ආපනශාලා ඇතුළු විවිධ සේවාවන් සඳහා සුවිශේෂී දීමනා හිමිවේ. තවද Dialog පාරිභෝගික සේවා මධ්‍යස්ථාන තුලින් සුවිශේෂී පාරිභෝගික සේවාවක් ලබා ගැනීමටද Dialog Club Vision සාමාජිකයන්ට අවස්ථාව ඇත.

https://dlg.lk/3tPE3ZF වෙත පිවිස වැඩි විස්තර දැනගන්න.