Body

ඩයලොග් Ideamart Athena Hack තරගාවලිය සාර්ථකව අවසන් වෙයි

2023 ජූනි 14         (කොළඹදී)

 

Athena Hack by Dialogs Ideamart Champions

ඡායාරූපයේ වමේ සිට දකුණට: විජය පුවත්පත් සමාගමේ සාමාන්‍යාධිකාරී - ඩිජිටල් සහ ඒකාබද්ධ මාධ්‍ය ගයනි පුංචිහේවා (ජූරි සභික), The Makers හි නිර්මාතෘ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (ජූරි සභික), Beta කණ්ඩායමේ සාමාජිකා ගිම්හානි සෝමසිරි, Beta කණ්ඩායමේ සාමාජිකා හසාරා මුණසිංහ, Beta කණ්ඩායමේ සාමාජිකා මනීෂා දැඩිගම, Beta කණ්ඩායමේ සාමාජිකා මනිෂි අත්තනායක, ඩයලොග් ආසිආටා පීඑල්සී හි මානව සම්පත් පරිවර්තන අංශයේ උප සභාපති - රේඛා වීරසූරිය (ජූරි සභික), Impactr ආයතනයේ නවෝත්පාදන උපායමාර්ග විශේෂඥ සහ සම නිර්මාතෘ සජිනි ජයවර්ධන (ජූරි සභික).

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදාකයා විසින් බලගැන්වූ Ideamart for women (IFW) Athena Hack 2023 තරගාවලිය පසුගියදා සාර්ථකව නිමාවට පත්විය. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පැවති මෙම තරගාවලිය ‘DigitALL:සමානාත්මතාවය වෙනුවෙන් නවෝත්පාදනය සහ තාක්ෂණය’ යන එක්සත් ජාතීන්ගේ කාන්තා දින තේමාව යටතේ සංවිධාන විය.

Athena Hack 2023 තරගාවලිය සඳහා 100 කට අධික පිරිසක් සහභාගී වූ අතර,විවිධ වැඩසටහන් රැසක් ඔස්සේ ඊට සහභාගී වූ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ කාන්තාවන්ට තම ව්‍යාපාරික හා තාක්ෂණික කුසලතාවයන් වැඩි දියුණු කරගැනීමට සුවිශේෂී අවස්ථාවක් හිමිවිය.මෙහිදී කාන්තාවන්ට Metaverse අත්දැකීම විඳගැනීමට අවස්ථාවක් හිමිවූවා සේම, Design Thinking සහ Artificial Intelligence (AI) යන විෂය ක්ෂේත්‍රද හඳුන්වාදීම සිදුවිය. තරගාවලිය නිමාවට පත්වූයේ Hackathon කාණ්ඩයෙන් ජයග්‍රාහකයන් බවට පත්වූ ‘Team Destroyers’ රු.100,000 ක මුදල් ත්‍යාගයක් දිනාගනිමිනි.’Team MOT’ සහ ‘Team Beta’ Design -a-Thon කාණ්ඩයේ සම ජයග්‍රාහකයන් බවට පත්වූහ.

“තාක්ෂණ ක්ෂේත්‍රය තුළ කාන්තාවන්ට වැඩි අවස්ථා ලබාදීම සඳහා ඔවුන්ව බලගන්වමින් කාන්තාවන්ට ඔවුන්ගේ සෙසු සඟයින් සමඟ මනා සබඳතාවයක් ඇති කරගැනීමට Athena Hack වැනි වැඩසටහන් හරහා අවස්ථාවන් සලසාදිය යුතුයි.”යනුවෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී හි ප්‍රධාන නවෝත්පාදන නිලධාරී සහ ප්‍රධාන සැලසුම් නිලධාරී ඇන්තනි රොද්‍රිගු මහතා සඳහන් කළේය.” Ideamart for Women වැඩසටහන හරහා කාන්තාවන්ට තාක්ෂණ ක්ෂේත්‍රයේ නව දැනුම හා අවස්ථාවන්ට ඉඩ විවර කරදී තිබෙනවා. Athena Hack වැනි වැඩසටහනක් සංවිධාන කරමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ දක්ෂතා සහිත පිරිසට නව දැනුම සොයා යමින් ප්‍රගතියක් අත්කරගෙන සාර්ථකත්වය සොයා යෑමට මග විවරකරදීමට හැකිවීම අපට මහත් ආඩම්බරයක්.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් බලගන්වන Ideamart for Women (IFW) වැඩසටහන මුලින්ම ආරම්භ කරන ලද්දේ 2008 වසරේදීය. කාන්තා ව්‍යවසායකත්වය හා සවිබලගැන්වීම කේන්ද්‍ර කරගත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ Ideamart විසිනි. මෙරට තාක්ෂණ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ වැඩි අවස්ථා ඇති කිරීම සඳහා දායකවීම Ideamart හි අපේක්ෂාවයි.මෙම වැඩසටහන හරහා කාන්තාවන්ගේ මූලිකත්වය යටතේ අලුතින් ආරම්භ කරන ලද ව්‍යාපාර 23 කට සහාය ලබාදී තිබෙන අතර, දේශීය වෙළඳපොළේ ව්‍යාපාර අවස්ථා සහ ලාභ ඉපැයීම වෙනුවෙන් 50 කට අධික Mobile Applications,5000 ඉක්මවූ සංවර්ධකයන් සහ සේවා සම්පාදකයන් පිරිසක් ඒකරාශී වූ කාන්තා ප්‍රජාවක් වෙනුවෙන් සහාය ලබාදීමටත් කටයුතු කර තිබේ.