Body

ඩුබායි ලෝක පැරා ගෝන් ප්‍රී තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම ඩයලොග් විසින් බලගන්වයි

February 10th, 2021        Colombo

 

news-1

ශ්‍රී ලංකා පැරා ජාතික සංචිතය
ඡායාරූපයේ වමේ සිට දකුණට
ඉහළ පෙළ - එච්.සී සම්පත් හෙට්ටිආරච්චි(නායක), එච්.එම් දිනේෂ් ප්‍රියන්ත, එච්.ජී පාලිත බණ්ඩාර, කේ.ඒ සමිත දුලාන්, කේ.ජී ගාමිණී ඒකනායක
පහළ පෙළ - එම්.ජී නුවන් ඉන්දික, ඩී.එම් කුමුදු ප්‍රියංකර, එස්.එම්.ඒ සමන් මදුරංග සුබසිංහ, එල්.පී.ජී අමරා ඉන්දුමතී කරුණාතිලක, සී.එන් බුද්ධික ඉන්ද්‍රපාල

2021 ටෝකියෝ පැරාලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස පෙබරවාරි 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ ඩුබායි හී පැවැත්වෙන, ලෝක පැරා මලල ක්‍රීඩා ගෝන් ප්‍රී තරගාවලියට සහභාගීවන 8 දෙනෙකුගෙන් යුත් ශක්තිමත් ශ්‍රී ලංකා කණ්ඩායම බලගැන්වීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ඉදිරිපත්ව සිටියි.

හෙල්ල විසිකිරීමේ ඉසව්වේ F64 (වෛද්‍ය වර්ගකිරීම්)’ තරග අංශයෙන් ඉදිරිපත් වන සම්පත් හෙට්ටිආරච්චි විසින් මෙම කණ්ඩායමේ නායකත්වය දරනු ලබන අතර, ගාමිණී ඒකනායක ( F46 කාණ්ඩය -හෙල්ල විසිකිරීම ) , මධුරංග සුබසිංහ (T47 කාණ්ඩය -මීටර 400) , පාලිත බණ්ඩාර ( F42 කාණ්ඩය -යගුලිය විසිකිරීම) , කුමුදු ප්‍රියංකා (TF45/46 කාණ්ඩය- දුර පැනීම සහ මීටර 100) ඉන්දුමතී කරුණාතිලක (TF46 කාණ්ඩය දුර පැනීම සහ මීටර 400) මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරන බලාපොරොත්තු සපිරි කණ්ඩායමේ සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.

මෙම 2021 ලෝක පැරා මලල ක්‍රීඩා ගෝන් ප්‍රී තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පදක්කමක් දිනාගැනීමට හැකිවුවහොත්, 2021 ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙල සඳහා සෘජුවම සුදුසුකම් ලැබීමට අවස්ථාව එමගින් හිමිවනු ඇත. රටවල් 134ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ටෝකියෝ පැරාලිම්පික් තරගාවලිය සඳහා මේ වන විටත් ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක් සුදුසුකම් සපුරා සිටිති.

ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, රග්බි, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙසද කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලි, රග්බි සමාජ, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසැල් ක්‍රිකට් හා පාසල් රග්බි තරග, යුධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.