Governance

මූලික ප්‍රතිපත්ති


සංස්ථාපිත පාලනයේ අට වැදෑරුම්, මූලික අත්‍යවශ්‍ය කර ප්‍රතිපත්ති.

ප්‍රතිපත්ති 1 : අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම

අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රතිපත්ති සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ වගතීම් සහ එකී වගකීම් ඵලදායී ලෙස ඉටු කිරීම සදහා අවශ්‍ය කරන රාමුව ඉදිරිපත් කරයි. එකී ප්‍රතිපත්ති මාලාව පහත දැක්වෙන මූලික අංගයන්ගෙන් සමන්විත වේ.

1.1 අධ්‍යක්ෂ මණ්ඩල ව්‍යවස්ථාව

අධ්‍යක්ෂක මණ්ඩලය ක්‍රියාත්මක වීම සහ සමාගමේ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා වන විධායක වගකීම් අතර බලතල හා අධිකාරී බලය සමතුලනය කිරීමේ බලය බෙදීමක් සමාගමේ ඉහල මට්ටමේ තිබිය යුතුය. කිසිවෙකුටත් තම අභිමතය පරිදි ක්‍රියාකළ හැකි ආකාරයේ නිර්බාධී බලතල හිමි නොවේ. More (PDF)

1.2 අධ්‍යක්ෂක මණ්ඩලය පත් කිරීම

අධ්‍යක්ෂක මණ්ඩලය පත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ආයෝජකයන් තුළ අවබෝධයක් සහ විශ්වාසයක් ඇති කරලීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලය පත් කිරීමේ විධිමත්, බරපතල සහ විනිවිදභාවයෙන් යුතු පිළිවෙතක් තිබිය යුතුය. More (PDF)

1.3 තොරතුරු ලබා ගැනීම

අධ්‍යක්ෂක මණ්ඩලයට පැවරී ඇති වගකීම් ඉටු කිරීම සදහා සුදුසු විධික්‍රමයකින් සහ ගුණාත්මක බවින් යුතුව අධ්‍යක්ෂක මණ්ඩලයට සහ ප්‍රධාන විධායක නිළධාරීන් හට කාලෝචිත ක්‍රමවේදයකට අනුව තොරතුරු ලබා ගත හැකිය. More (PDF)

1.4 ක්‍රියාකාරීත්වය. ඇගයීම් සහ වෘත්තීය සංවර්ධනය

අධ්‍යක්ෂක මණ්ඩලයට තම සාමූහික සහ තනි තනි පුද්ගලයාගේ කළමනාකාරීත්වයේ ප්‍රධාන විධායක නිළධාරීන් සහ එහි කමිටු සාමාජිකයන්ගේ ක්‍රියාකාරීත්වය ඇගයීම් සදහා විධිමත් සහ බරපතල වාර්ෂික යළිඇගයීමක් සිදු කළ යුතුය. More (PDF)

1.5 නැවත පත් කර ගැනීම

ස්ථාවර තෘප්තිදායී ක්‍රියාකාරීත්වය මත සියලුම අධ්‍යක්ෂක වරුන් ක්‍රමික කාලපරිච්ඡේදයක් තුළ නැවත පත් කර ගැනීමට සිදු විය හැකිය. අධ්‍යක්ෂක මණ්ඩලය සැලසුම් සහගත සහ ප්‍රගතිශීලි යලි පුබුදුවාලීමක් වෙනුවෙන් කැප විය යුතුය. More (PDF)

පාරිතෝෂිකයේ තත්වය සහ යෙදීම ප්‍රමාණවත් සහ සාධාරණද යන්නත්, එය සාමූහික සහ තනි තනි ක්‍රියාකාරීත්වයට දක්වන සම්බන්ධතාවය හඳුනා ගැනෙන බවත් තක්සේරු කළ යුතුය. කිසිදු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකුට තම පාරිතෝෂික තීරණය කිරීමේ බලය නැත. More (PDF)

සමාගමේ මූල්‍ය වාර්තාකරණයේ අවංක භාවය රැක ගැනීමටත් එහි සත‍්‍යෙක්ෂණය ස්වාධීනව සිදු කිරීමටත් අවෘත සැලැස්මක් සකස් කළ යුතුය. මූල්‍ය වාර්තාකරණයත් අභ්‍යන්තර ප්‍රතිපත්ති පාලනයත්, සමාගමේ විගණකවරුන් සමග සුදුසු සම්බන්ධතාවය පවත්වා ගැනීමත් පිළිබදව සැලකිලිමත් වීම සදහා විධිමත් සහ විනිවිදභාවයෙන් යුතු විධිවිධාන අධ්‍යක්ෂක මණ්ඩලය සකස් කළ යුතුය. More (PDF)

සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ගෙන් සහ ප්‍රධාන විධායක නිළධාරීන්ගෙන් අපේක්ෂිත සදාචාර සම්පන්න හැසිරීමේ ප්‍රමිතීන්(ඒ කෙසේද යත්, ව්‍යාපාරයේ සහ එහි මූල්‍යමය ක්‍රියාකාරීත්වයේ අවංක බව, මූලෝපාය සහ මෙහෙයවීම සදහා වැදගත් බලපෑමක් ඇති කිරීමේ හැකියාව ඇති නිළධාරීන් සහ සේවකයන්) සහ එම ප්‍රමිතීන් වලට අනුකූල වීම සදහා දිරිගැන්වීම වෙනුවෙන් සමාගම පැහැදිලි ප්‍රතිපත්තියක් සකස් කළ යුතුය. සමාගමේ සුරැකුම් පත් නිකුත් කිරීම සහ සේවක වෙලදාම පිළිබඳ තත්වය සමාගම විසින් ප්‍රකාශයට පත් කළයුතුය. More (PDF)

සමාගමේ අවදානම් පැතිකඩ, අගය ඇති කර ගැනීමට අවස්ථාවන් හදුනා ගැනීම සහ ඉන් ප්‍රයෝජන ගැනීම සඳහා එම අවදානම හඳුනා ගැනීම, තුලනය කිරීම, අධීක්ෂණය කිරීම, සහ ආපදා කළමණාකරණය, වැදගත් වෙනස්කම් පිළිබඳ ආයෝජකයන් දැනුවත් කිරීම අරමුණු කර ගත් අභ්‍යන්තර පාලනයේ, ආපදා කළමණාකරණයේ සහ අභ්‍යන්තර විගණනයේ සම්පූර්ණ ක්‍රමවේදයක් සකස් කළ යුතුය. More (PDF)

සමාගම කොටස්කරුවන්ගේ අයිතීන්ට ගරු කළ යුතු අතර ඔවුන් සමග නිරන්තර සහ ඵලදායී සන්නිවේදනයක් ඇති කරලමින් සහ මහා සභා රැස්වීම් සඳහා ඵලදායී සහභාගීත්වයක් ඇති කරවා ගැනීමට කටයුතු කිරීමෙන් එම අයිතීන් බලාත්මක කිරීම සදහා පහසුකම් සැපයිය යුතුය. More (PDF)

සේවකයන්, පාරිභෝගිකයන්, සමස්ථයක් වශයෙන් මහජනතාව ඇතුළු සියලු නීත්‍යානුකූල පාර්ශවකරුවන්ට බලපාන නෛතික හා වෙනත් බැඳීම් හදුනාගත යුතු අතර සුදුසු සාමූහික ක්‍රියාමාර්ගයන් සඳහා එහි කැපවීම පෙන්නුම් කළ යුතුය. More (PDF)

සමාගමේ මූල්‍යමය තත්වය, ක්‍රියාකාරීත්වය, හිමිකාරීත්වය සහ පාලනය ආදී කරුණුද, ඇතැම් වැදගත් තොරතුරු ප්‍රමාණවත් සහ කාලීන ලෙස ආයෝජකයන්ට ලබා ගත හැකි පරිදි කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තු රෙගුලාසිද ඇතුළු සියලුම නීති හා රෙගුලාසි සම්බන්ධ අවශ්‍යතාවන් හෙළිදරව් කිරීමට අනුගත වීම සඳහා සැකසූ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුය. සමාගමේ නිවේදන සත්‍යවාදී විය යුතු අතරම පැහැදිලි සහ සමබල ආකරයට ඉදිරිපත් කළ යුතුය. "සමබල" වීම යනු ධනාත්මක හා ගුණාත්මක යන තොරතුරු සියල්ලම හෙළිදරව් කළයුතුය. More (PDF)

සමාගමික ලිපි

2010 ජුනී මස 10 වන දින අවසන් වශයෙන් සංශෝධිත සමාගම් සංගමයේ ලිපි.

Download PDF
සමාගමික ලිපි
Legal Resources

Legal Resources

Learn More

ABAC Policy and Policy Statement

Dialog Axiata is committed to conducting business with zero tolerance to any form of bribery and corruption

Learn More
ABAC Policy and Policy Statement

Whistle-blowing

Upholding our core value of "Uncompromising Integrity", we have provided a channel for our employees,
shareholders, suppliers and customers to voice their concerns in an effective, responsible and secure manner.

Whistle-blower web reporting


Whistle-blower web reporting system

(Available English, Sinhala and Tamil)