Body

වසරේ ජනප්‍රියතම සේවා සන්නාමය, වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සන්නාමය සහ වසරේ ජනප්‍රියතම තාරුණ්‍යයේ සේවා සන්නාමය යන සම්මාන ත්‍රිත්වයෙන් ඉහළම ජනතා ප්‍රසාදයෙන් ඩයලොග් කිරුළු පැළදි වගයි

March 26th, 2021        Colombo

 

news-1
news-1
news-1
news-1

2021 ස්ලිම් ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ ජනප්‍රියතම සේවා සන්නාමය’ සහ ‘ජනප්‍රියතම තාරුණයේ සේවා සන්නාමය ' අඛණ්ඩව දෙවනි වරටත් ‘වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සන්නාමය’ අඛණ්ඩව දහවෙනි වරටත් ජනතා අභිෂේකයට පත්වන්නට ඩයලොග් ආයතනය සමත් විය. ශ්‍රී ලාංකීය ජන ජීවිතවලට සුවිශේෂී බලපෑමක් ඇති කළ සන්නාම හඳුනාගනිමින් ඇගයෙන ස්ලිම් ජනතා සම්මාන උළෙල තුළින් ලාංකීය ජනතාවගේ හදවත හා බැඳුණු සන්නාම සඳහා සම්මාන පිරිනමනු ලබයි.

ගෝලීය වසංගත තත්වයක් හමුවේ අභියෝග රැසකට මුහුණදීමට සිදුවූ පසුගිය වසරේ, තම එදිනෙදා ජීවිතයේ අභියෝග ජයගැනීම සඳහා ජනතාව ඔවුන්ගේ විශ්වසනීය සන්නාමයන්හි සහාය අපේක්ෂා කළහ. එවැනි පසුබිමක් තුළ ඩයලොග් ආයතනයට හිමිවූ ස්ලිම් ජනතා සම්මාන හරහා කොවිඩ් - 19 වසංගතය මැද පැනනැගුණු සමාජ අභියෝග මැනවින් අවබෝධ කරගනිමින් සිය පාරිභෝගිකයන්, සහෘදයන්, ප්‍රජාව හා සමස්ත රටවැසියන්ට සහායවීම වෙනුවෙන් ඩයලොග් ආයතනය දැරූ නොමද උත්සාහයන් සහ කැපවීම් මැනවින් පිළිබිඹු කෙරේ.

සියලුම සේවා ක්ෂේත්‍ර අතරින් හොඳම සේවා සම්පාදකයාට ‘වසරේ ජනප්‍රියතම සේවා සන්නාමය’ පිරිනැමෙන අතර, නවීනතම තාක්ෂණයෙන් බලගැන්වී විවිධ අංශ රැසක් ඔස්සේ සැමට ලබාගත හැකි සේවාවන් සැලසීමට ඩයලොග් ආයතනය සතු හැකියාවට කදිම සාක්ෂියකි. මේ සමඟ හෘදයාංගම සත්කාරයක් වෙනුවෙන් කැපවූ ඩයලොග් සිය ආයතනික ආචාර ධර්ම අතර පාරිභෝගික අත්දැකීම් සහ විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා ප්‍රමුඛත්වය ලබාදී ඇත.

ශ්‍රී ලාංකීය ජනජීවිත සහ ව්‍යාපාර සවිබලගැන්වීම වෙනුවෙන්වූ සිය කැපවීම අගයමින් ඩයලොග් ‘වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සන්නාමය’ වශයෙන්ද ස්ලිම් ජනතා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූ අතර, ඩයලොග් ආයතනය මෙම සම්මානය දිනාගනු ලැබුවේ අඛණ්ඩව දහවෙනි වරටයි. 2021 ස්ලිම් ජනතා සම්මාන උළෙලෙහි ලද සම්මාන ත්‍රිත්වය සහ මීට පෙර Brand Finance ආයතනය විසින් පිරිනමන ලද ‘ශ්‍රී ලංකාවේ වටිනාම වෙළඳ නාමය’ තුළින් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සන්නිවේදනයෙන් සබැඳි අනාගතයක් උදාකිරීම වෙනුවෙන් ඩයලොග් සන්නාමයේ වටිනාකම මැනවින් පිළිබිඹු වේ.

‘ජනප්‍රියතම තාරුණයේ සේවා සන්නාමය' තුළින් පාරිභෝගික ප්‍රවණතා හමුවේ සන්නාමයක් කෙරෙහි පවතින විශ්වසනීයත්වය ඇගයීමට ලක්වෙන අතර, එය අර්ථාන්විත වෙනසක අවශ්‍යතාවය මතු කරනවා මෙන්ම, සැමට ලබාගත හැකි නවෝත්පාදන සේවාවන් හරහා ක්‍රියාත්මක කළ හැකි බව ශ්‍රී ලාංකීය තාරුණ්‍යය හඳුනාගෙන ඇත. සීමාව අතික්‍රමණය කළ ඩයලොග් හි සත්කාරක ක්‍රියාවන්, නවෝත්පාදන සේවාවන් සහ විශිෂ්ට තාක්ෂණික නිපුණතාවයන් අගයමින් ශ්‍රී ලාංකීය තාරුණ්‍යය විසින් වසරේ තාරුණ්‍යයේ සේවා සන්නාමය වශයෙන් ඩයලොග් තෝරාගන්නා ලද්දේ සිය අභිලාෂයන් සමඟ වඩාත්ම හොඳින් බැඳුණු සහ ජාතික අවශ්‍යතා මැනවින් ග්‍රහණය කරගත් සන්නාමය වශයෙන් හැඟීයාම හේතුවෙනි.

ජනතා සම්මාන උළෙලේදී ලද ජයග්‍රහණ පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, “2021 ස්ලිම් ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ ජනප්‍රියතම සේවා සන්නාමය’ සහ ‘ජනප්‍රියතම තාරුණයේ සේවා සන්නාමය ' අඛණ්ඩව දෙවනි වරටත් ‘වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සන්නාමය’ අඛණ්ඩව 10 වෙනි වරටත් දිනාගැනීමට ඩයලොග් සමත්වීම අපට මහත් ආඩම්බරයක් මෙන්ම ගෞරවයක්. නවීන තාක්ෂණයෙන් සහ විශිෂ්ට සේවාවන් රැසක් තුළින් පාරිභෝගිකයාට වඩා හොඳ අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් දීර්ඝකාලීනව අප දක්වන කැපවීම හරහා ගෝලීය වසංගත තත්වයක් හමුවේ වුවද නවීනතම තාක්ෂණය සමඟ තිරසර සංවර්ධනයක් උදෙසා අප දරන උත්සාහයන් මැනවින් පෙන්නුම් කරයි. ශ්‍රී ලාංකීය ජිවිතවලට සැබෑ ලෙසම ධනාත්මක වෙනසක් ඇති කිරීමට හේතුවූ සන්නාමයක් ලෙස අපව ඇගයීමට ලක්වීම අපට විශාල ගෞරවයක් ගෙන දෙනවා වගේම, මෙම සම්මාන හිමිකරගැනීම තුළින් අර්ථාන්විත සහ විප්ලවීය නවෝත්පාදන හරහා ‘අනාගතය අදයි' යන අපගේ තේමාව මැනවින් පිළිබිඹු වන බවද සඳහන් කළ හැකීයි.”

‘ස්ලිම් ජනතා සම්මාන’ උළෙල මෙවර පැවැත්වුනේ 15 වෙනි වරටයි. මෙරට අලෙවිකරණය සඳහා වන ජාතික ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් මෙම උළෙල සංවිධාන කරනු ලබයි. විවිධ අංශ ඔස්සේ ජනතා මනාපයෙන් පිරිනැමෙන මෙම සම්මාන වෙනුවෙන් දීපව්‍යාප්ත මට්ටමින් මහජනතාව සම්බන්ධ කරගනිමින් සමීක්ෂණයක් සිදුකරනු ලබයි. වයස අවුරුදු 15 ත් - 60 ත් අතර පිරිමින් සහ කාන්තාවන් මෙම සමීක්ෂණය සඳහා සහභාගිකර ගැනෙන අතර, පුරා මාස 5 ක කාලයක් සිදුකෙරෙන මෙම සමීක්ෂණය හරහා ව්‍යුහගත ප්‍රශ්නාවලියක් ඔවුන්ට ඉදිරිපත් කරනු ලබයි. ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ගේ සිත් සතන්හි රැඳි, ඔවුන්ගේ හද බැඳගත් සන්නාම සහ පුද්ගල චරිත මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ.