Body

කටහඬින් Dialog Television හැසිරවිය හැකි TeDi Alexa ක්‍රමවේදය ඩයලොග් විසින් හඳුන්වාදෙනු ලබයි

May 12, 2021         Colombo

 

news-1

කටහඬින් ලබාදෙන විධාන (voice commands) හරහා ඩයලොග් ටෙලිවිෂන් ඩිකෝඩරය භාවිතා කිරීමට පහසුකම් සලසමින් කෘත්‍රිම බුද්ධියෙන් බලගන්වන ලද TeDi Alexa ක්‍රමවේදය හඳුන්වාදීමට ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනය කටයුතු කරන ලදී. එසේම ඩය‍ලොග් වෙතින් අධෝරක්ත කිරණ (IR) රිමෝට් භාවිතා වන උපාංග කටහඬින් පාලනය කළ හැකි, කෘත්‍රිම බුද්ධියෙන් බල ගන්වන ලද TeDi Alexa ස්මාර්ට් ස්පීකර් පහසුමකද මේ සමඟම ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයාට හඳුන්වාදීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා ගෙන එන මෙම ස්මාර්ට් හෝම් විසඳුම් හරහා පාරිභෝගික ජනතාවගේ නිවාස නවීන තාක්ෂණයෙන් බලගන්වමින් රූපවාහිනියේ ශබ්දය අඩු-වැඩි කිරීම පවා කටහඬින් කළ හැකි තරම් පහසු අත්දැකීමක් ලබාදෙයි. ඊට අමතරව, Alexa මඟින් සැපයෙන සේවාවන් සුපුරුදු පරිදි භාවිතා කළ හැකි අතර, ස්මාර්ට් ස්පීකරය මඟින් IR තාක්ෂණය සහිත වායු සමීකරණ යන්ත්‍ර, හෝම් තියටර් සිස්ටම්, CCTV පද්ධති ඇතුළු ඕනෑම උපාංගයක් කටහඬ හරහා පාලනය කළ හැකිවීම මෙහි ඇති විශේෂත්වයක් වශයෙන් සඳහන් කළ හැක. නොබි‍ඳ‍ෙන ඩයලොග් සබඳතාවය සමඟ මුසුවන කෘත්‍රිම බුද්ධියේ බලය මෙරට පාරි‍භෝගිකයෙන්ගේ එදිනෙදා ජීවිතය වඩාත් පහසු එකක් වනු ඇති බවට ඩයලොග් ටීවී ආයතනයේ විශ්වාසයයි.

ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් හඳුන්වාදෙන ප්‍රථම ඒකාබද්ධ උපාංගය වන Tedi Alexa, අනාගත ලෝකයට ඔබින නවමු අත්දැකීමක් මෙරට ප්‍රේක්ෂකයන්ට ගෙන එනු ඇත. වර්තමානයේ ස්මාට් මාධ්‍යයකට ඒකාබද්ධ කළ ඇමසොන් සමාගමේ පළමු කෘත්‍රිම බුද්ධිමය උපාංගය ලෙස Tedi Alexa හඳුන්වාදිය හැක. එමගින් ඊට සබඳන ලද උපාංග කටහඬින් පාලනය කිරීමට පහසුකම් සලසා පාරිභෝගිකයාගේ නිවස ස්මාර්ට් නිවසක් බවට පරිවර්තනය කරයි.

පාරිභෝගිකයන්ට දිවයිනපුරා පිහිටි තෝරාගත් ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථානවලින් රු. 16,990 කට Tedi Alexa උපාංගය මිලදීගත හැකි අතර, Online ඔස්සේ එය මිලදීගත් විට තම නිවෙස්වලටම ගෙන්වාගත හැක. ඩයලොග් ලබාදෙන Tedi Alexa විසඳුම පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට https://www.dialog.lk/tedi-alexa වෙත පිවිසෙන්න.