Body

සුරක්ෂිත සන්නිවේදනයක් සඳහා ඩයලොග් එන්ටප්‍රයිස් විසින් ‘Dialog Sekur’ හඳුන්වාදෙයි

මැයි 18, 2021         කොළඹ

 

news-1

ඩයලොග් එන්ටප්‍රයිස් ආයතනය සහ ප්‍රමුඛ පෙලේ ස්විස් ආරක්ෂක දත්ත කළමනාකරණ හා ක්ලවුඩ් සන්නිවේදන සමාගමක් වන GlobeX Data සමඟ එක්ව ව්‍යාපාර සඳහා සුරක්ෂිත සන්නිවේදන මාධ්‍යයක් ලෙස ‘Dialog Sekur’ හඳුන්වාදෙන ලදී. ආයතනයේ කාර්යභාරයන් පහසුවෙන් ඉටුකළ හැකි තත්වයකට අනුගතවීමට උනන්දු වන සමාගම්, සිය සමාගම්වල කීර්තිනාමයට හානියක් නොවන පරිදි සේවකයන්ගේත් පාරිභෝගිකයන්ගේත් දත්ත වඩා හොඳින් සුරක්ෂිත කළ හැකි ආරක්ෂිත උපාංග පිළිබඳ අභියෝගයට බොහෝවිට මුහුණපායි. ව්‍යාපාර සඳහා සුරක්ෂිත හා විශ්වසනීය සන්නිවේදන ක්‍රමවේදයක අවශ්‍යතාවය අභියෝගයක් වී තිබෙන අතර, බොහෝ සමාගම් පුද්ගල සංවේදී තොරතුරුවල ඉලක්ක බවට පත්ව සිටීයි.

‘Dialog Sekur’ හරහා Sekur Messanger, SekurMail සහ SekurSafe යන සුරක්ෂිත සන්නිවේදන යෙදුම් පෙළක්ම ව්‍යාපාරවලට හඳුන්වාදෙන අතර, ඒවා ඉහළම සුරක්ෂිතභාවයෙන් යුතු ආරක්ෂිත සන්නිවේදන ප්‍රමිතීන්වලින් සමන්විතය. සුරක්ෂිත chat මාධ්‍යයක් වන Sekur Messanger මගින් දත්ත කේතනය කළ ලිපිගොනු හුවමාරු කිරීම, හඬ පණිවිඩ සහ chat සඳහා පහසුකම් සැලසේ. ආරක්ෂක අංශවලට ගැලපෙන ප්‍රමිතියෙන් යුතු එම දත්ත කේතන වෙනත් තොරතුරු සම්බන්ධයෙන් පැහැදිලි කළ හැකි තවත් තොරතුරු එක්රැස් නොකරයි. SekurMail Phishing වළකාලන තාක්ෂණයෙන් සමන්විත වන අතර, Sekur Send තාක්ෂණයෙන් රහස්‍යභාවයෙන් යුතුව අසීමිත විද්‍යුත් පණිවිඩ යොමු කිරීමේ හැකියාවෙන් යුතු වේ. මෙම සේවාව, වෙනත් පාර්ශවයකට තොරතුරු යොමුවීම සහ වංචනික ක්‍රියාකාරකම්වලින් ආරක්ෂා වන තාක්ෂණයකින් අනූන නිසා සමාගමකට සංවේදී තොරතුරු අඩංගු විද්‍යුත් පණිවිඩ යොමු කිරීමේදී කිසිඳු බියක් හෝ සැකයක් ඇතිකරගැනීමට අවශ්‍ය නොවේ. SekurSafe තුළින් දත්ත සඳහා සුරක්ෂිත තාක්ෂණික සහායක් හා ආරක්ෂිතව ලිපි ගොනු හුවමාරු කළ හැකි අතර, එහි ඇති end-to-end දත්ත කේතනය කළ online storage පහසුකම මගින් සමාගම්වලට ආයතනය තුළත් ඉන් පිටතත් රහස්‍යභාවය සුරැකෙන අයුරින් ලිපිගොනු හුවමාරු කරගැනීමට පහසුකම් සලසයි.

Sekur සේවාවන් තුළින් පාරිභෝගිකයාට හොඳම ආරක්ෂාවක් සැලසෙන අතර එමගින් භාවිත නොකරන ඩේටා, සංක්‍රමණයේදී භාවිත කරන ඩේටා සහ භාවිතවෙමින් පවතින ඩේටා ආවරණය වේ. සේවාවන් නිර්මාණය කිරීමේදී රහස්‍යභාවය සැලකිල්ලට ගෙන තිබෙන අතර, එය සමන්විත වන තාක්ෂණය FADP සහ GDPR යන දැඩි රහස්‍ය නීතිවලට අනුකූල වේ. එමෙන්ම ආරක්ෂක අංශවලට ගැලපෙන ප්‍රමිතියෙන් යුතු දත්ත කේතනවලින් සමන්විත වන අතර තුන්වෙනි පාර්ශවයක සම්බන්ධතාවයකින් තොර, වෙනත් තොරතුරු සම්බන්ධයෙන් පැහැදිලි කළ හැකි තවත් තොරතුරු එක්රැස් නොකරනු ලබයි.

සමාගමක පූර්ණ දැනුවත්භාවයකින් තොරව තුන්වෙනි පාර්ශවයක කිසිඳු පුද්ගලයෙකුට තොරතුරු ලබාගැනීමේ හැකියාවක් නොමැති අතර, මෙම ක්‍රියාව දේශප්‍රේමී පනත, සයිබර් ආරක්ෂණ පනත හෝ ක්ලවුඩ් පනත වැනි ඇමරිකානු එක්සත් ජනපද රහස්‍යතා නීතිවලට අයත් නොවේ. සියලුම දත්ත ස්විස් දත්ත මධ්‍යස්ථාන තුළ රඳවා තබන බැවින් ව්‍යාපාරයක් හෝ සමාගමක් සතු තොරතුරු ඉහළම ප්‍රමිතියෙන් යුත් ස්විස් නීතිරීතිවලට අනුකූල වේ. සර්වර්ස් ආරක්ෂා කිරීම සඳහා HeliX තාක්ෂණය භාවිතයෙන් උපාංගයක සිට දත්ත කේතන හරහා සියලුම දත්ත හුවමාරු කරනු ලබයි. VirtualVault තාක්ෂණය මගින් සර්වර්ස් සුරක්ෂිත වන අතර, එය NIST- අනුමත ක්‍රිප්ටොග්‍රැෆික් ප්‍රමිතීන් ඉක්මවා යයි. වර්චුවල් උපාංග මෙන් නොව සර්වර්ස් උපයෝගී කරගනිමින් ඒ සඳහා දත්ත කේතන අදියර කිහිපයක් යොදා ගැනෙන අතර, ඒවා GDPR, HIPAA සහ වෙනත් ඉහළම ගෝලීය ප්‍රමිතීන්වලින් යුතුවේ. යම් හෙයකින් අනපේක්ෂිතව මතුවිය හැකි දෝෂයකට මුහුණදීම සඳහා දත්ත මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රියකරණය වූ උපස්ථ පද්ධතියකින් සමන්විත වේ.

වැඩි විස්තර සඳහා business.dialog.lk වෙත පිවිසෙන්න නැතිනම් 0777 887 887 අමතන්න.