ගොවි මිතුරු (දෙමළ භාෂාවෙන්: Uzhavar Thozhan)

2015 දී ආරම්භ කරන ලද ගොවි මිතුරු හෝ Uzhavar Thozhan (දෙමළ භාෂාවෙන්) සේවාව, බිම් සකස් කිරීම, වගා කිරීම, භෝග ආරක්ෂණය, අස්වැන්න සහ පවුල් පෝෂණය සම්බන්ධයෙන් ගොවීන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන, කාලෝචිත උපදෙස් සපයයි.

GSMA mAgri අභියෝගතා අරමුදලේ සහාය ඇතිව සංවර්ධනය කරන ලද මෙම සේවාවට මූලික කෘෂිකාර්මික උපදෙස් සපයනු ලබන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම අමාත්‍යාංශය විසිනි.

මෙම සේවාව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ ගොවීන්ට ඔවුන්ගේ භෝගය, ස්ථානය සහ වගා අවධියට වඩාත් ගැලපෙන සේ, එක් එක් ගොවියාගේ අවශ්‍යතා සඳහා නිවැරදි තොරතුරු නියමිත වේලාවට ලබාදෙමින් ගොවීන්ට උපකාර කිරීම සඳහාය.දැනට රට පුරා ගොවීන් 800,000 කට අධික පිරිසක් මෙම සේවාව භාවිත කරයි.

ගොවි මිතුරු - හඬ සේවාව
  1. ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය

    ඔබේ ඩයලොග් ජංගම දුරකථනයෙන් 616 අමතා ලැබෙන උපදෙස් අනුගමනය කරමින් භාෂාව, භෝගය, ස්ථානය සහ අනෙකුත් විස්තර තෝරන්න.

  2. ක්‍රියාත්මක වන ආකාරය

    සෑම ගොවියෙකුටම තම පරිසරය, ජල මූලාශ්‍රය, බීජ ප්‍රභේදය සහ රෝපණ දිනය අනුව සකස් කළ තොරතුරු ලැබෙනු ඇත. ගොවීන්ට උපදේශකයින්ගෙන් දිනපතා ඇමතුමක් ලැබේ. ඇමතුම මග හැරුණු අවස්ථාවකදී පරිශීලකයාට 616 අමතා මග හැරුණු උපදේශන තොරතුරු වෙත සවන් දිය හැක.

    බිම් සැකසුම, පළිබෝධ සහ රෝග කළමනාකරණය, පොහොර යෙදීම, ජල සැපයුම, අස්වනු නෙලීමෙන් පසුව කළ යුතු දෑ, කාලගුණ තත්ත්ව වැනි හදිසි පණිවිඩ, සහ තවත් දැනුම මෙලෙස ලබාගත හැකි වේ.

  3. දෛනික ගාස්තුව

    • 616 අංකයට ගාස්තු රහිත අන්ලිමිටඩ් ඇමතුම් ලබාගත හැකි අතර, ගොවීන්ට මේ දක්වා ලැබී ඇති සියලුම පණිවිඩවලට සවන් දිය හැකිය.
    • එක් භෝගයකට දිනකට රු. 1+බදු අය කෙරේ.
  4. සේවාවෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය

    616 අමතා deregistration menu එක වෙත පිවිසෙන්න. එහිදී ඔබට තෝරාගත් භෝග ඉවත් කිරීමට හෝ සම්පූර්ණ සේවාවම ඉවත් කිරීමට හැකියාව ලැබේ.

වැඩි විස්තර

ගොවි මිතුරු මොබයිල් ඇප් එක

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 80% ක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන අතර ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තයයි. ගොවිතැනට අදාළ තොරතුරු සඳහා ප්‍රවේශය නොමැතිකම සෑම විටම මෙම අංශයේ ප්‍රමුඛ ගැටලුවකි. බොහෝ ගොවීන් සතුව ජංගම දුරකථනයක් ඇති නමුත් එය ඔවුන් මූලික වශයෙන් ඇමතුම් ලබාගැනීම සඳහා භාවිත කරයි.එම හැකියාව උපයෝගී කරගත් ගොවි මිතුරු (දෙමළෙන් ‘Uzhavar Thozhan’) යනු එම ගැටලුව විසඳීම සඳහා නිර්මාණය කර ඇති ‘සුරක්ෂිත වගාවක් සහ සෞඛ්‍යමත් පවුලක්’ යන තේමාව යටතේ ගොවීන් වෙත පිදෙන දුරකථන උපදේශන සේවාවකි.විශේෂයෙන් දේශගුණික තත්ත්වයන් දැඩි ලෙස වෙනස් වන කාලයක, නව වගාවන් කරා යාමට අවශ්‍ය ගොවීන්ට නවතම තොරතුරු අවශ්‍ය වේ.

දැනට රට පුරා ගොවීන් 200,000 කට අධික පිරිසක් මෙම සේවාව භාවිත කරයි.ගොවි මිතුරු ඇප් එක හඳුන්වාදීම මෙම සේවාවේ මීළඟ අදියරයි.වත්මන් IVR සේවාවට සාපේක්ෂව, වඩාත් උචිත හා ඵලදායී තොරතුරු සැපයීමට ඊට හැකි වනු ඇත.

මූලික විශේෂාංග

මෙම ඇප් එක මගින් එක් එක් ගොවියාගේ ගොවිතැන් පිළිවෙත් හා පරිසරයට අනුව සකස් කරන ලද වැදගත් තොරතුරු Push Notifications හරහා සපයයි.එසේම, පළිබෝධ ප්‍රහාර ඇතුළුව නිරන්තරයෙන් වෙනස් වන කෘෂිකාර්මික තත්වයන්ට අදාළ හදිසි අනතුරු ඇඟවීම්, රෝග සහ අනෙකුත් අවදානම්,පූර්ව අනතුරු ඇඟවීම් ගොවීන්ට ප්‍රතිචාර දැක්වීමට තරම් ප්‍රමාණවත් කාලයක් තුළ ලබාදීම ද සිදු කෙරේ.

  • ඩේටා ගාස්තු නොමැත.
  • භෝගයකට රු. 2 ක් සහ බදු බැගින් ඕනෑ තරම් භෝග එක් කරගත හැක.
  • ගොවියාගේ ස්ථානය, භෝග වර්ගය, ජල මූලාශ්‍රය අනුව සුවිශේෂීව සැකසූ තොරතුරු සැපයේ.
  • කාලීන හා උචිත තොරතුරු පහසුවෙන් ගොවියාට ලබාගත හැකි ආකාරයෙන් ඉදිරිපත් කෙරේ.
Download ගොවි මිතුරු ඇප් එක
Govi Mithuru App Screen
Govi Mithuru App Screen
Govi Mithuru App Screen
Govi Mithuru App Screen
Govi Mithuru App Screen
Govi Mithuru App Screen